පද පොතේ පහත සටහන ලියන්න.
ප්‍රස්තාව පිරුළු
1. අඟේ ඉදන් කන කනවා වගේ.
ළගින් ම ඇසුරු කරමින් සතුරුකම් කරයි.
2. අඞුව තියෙද්දී අත පුච්චගත්තා වගේ.
පහසු මාර්ග තිබියදී වේදනාකාරී මාර්ග ගැනීම.
3. අටුවෙන් දුමට බැස්සා වගේ.
පැවති විපතෙන් ඊට වැඩි විපතකට වැටීම.
4. අටුව කඩා පුටුව හැදුවා වගේ.
විශාල පාඩුවක් නොතකා ලාභදායි දෙයක් කිරීම.
5. අතරමගදී අත්වැල කැඩුනා වගේ.
සියලු බලාපොරොත්තු අතරමග විනාශවීම.
6. අතු කඩා මොර කන්නා වගේ.
ආදායම් මාර්ග අහුරා ගැනීම. / විනාශකාරී ලෙස ප්‍රයෝජන ගැනීම.
7. අනුන්ගේ පානෙන් එළිය බලන්නා වගේ.
අනුන්ගේ පිහිටෙන් ජිවත් වීම.
8. අනේ කාලේ වනේ වාසේ කිව්වලු
කල දසාව නරක වූ විට නෑ මිතුරන් අතහැර හුදෙකලා වෙයි.
9. අන්ධයා ඇතාගේ හැටි කිවා වගේ.
ඇති තතු හරි හැටි නොදැන ප්‍රකාශයන් සිදු කිරීම.
10. ඇවිලෙන ගින්නට පිදුරු දාන්නා වගේ.
ආරාවුලක් ඇති තැන බලා එය තවත් අවුල් කරන්නට ක්‍රියා කිරීම.
|
එස්. පණිභාරත මහතා |
පාඩම ඇසුරින් පහත අභ්‍යාස
සාහිත්‍ය පොතේ සිදු කරන්න.
ස්ටීවන් හොකින් මහතා පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට පහත link භාවිතා කරන්න.
අභ්‍යාස:
1. මෙම විද්‍යාඥයා පීඩා විදි රෝගය කුමක්ද?
2. එතුමා ඇතුළත් වූ විශ්ව විද්‍යාලය සහ එහිදී එතුමා ලද උපාධියේ නම ලියා දක්වන්න.
3. එතුමා ආචාර්ය උපාධිය ගත් විෂය කුමක්ද?
4. එතුමා ලද තනතුරු සහ ලද සම්මාන හා පදක්කම් දක්වන්න.
5. එතුමා විසින් රචනා කිරීමට යෙදුනු කෘති 5ක් නම් කරන්න.
6. හොකින් මහතා ලෝකය වෙනුවෙන් කළ සමාජ සේවා කටයුතු මොනවද?
7. හොකින් මහතාගේ ජිවිතයෙන් ඔබගේ ජිවිතයට ගත හැකි ආදර්ශ මොනවද?
..............................................................................................................................................
ව්‍යාකරණ පොතේ සටහන ලියන්න.
සිංහල අක්ෂර මාලාව
අක්ෂර
ශබ්ද හදුනා ගැනීම සදහා යොදා ගනු ලබන සංකේත හෙවත් සලකුණුවලට අක්ෂර යැයි කියනු ලැබේ.
සිංහල අක්ෂර මාලාව
සිංහල මුලික ශබ්ද සංකේත සමුදාය සිංහල අක්ෂර මාලාව යැයි කියනු ලැබේ. සිංහල අක්ෂර මාලාව,
1. සිංහල වර්ණ මාලාව
2. සිංහල හෝඩිය
3. නුතන මිශ්‍ර සිංහල වර්ණ මාලාව
යන නම්වලින් හදුන්වයි.
අප වෙත ඉතිරිව ඇති පැරණිම අක්ෂර මාලාව දඹදෙණි යුගයේ එනම්, 13වන සියවසේ වේදේහ නම් හිමි නමක් විසින් රචනා කරන ලද සිඳත් සඟරා අක්ෂර මාලාවයි. මෙහි ස්වර 10ක් සහ ව්‍යඤ්ජන 20ක් සහිතව මුළු අක්ෂර 30ක් විය. අද වන විට අප භාවිතා කරන අක්ෂර මාලාවේ මුළු අකුරු ගණන 60කි. පහත දැක්වෙන්නේ එම වර්තමාන අක්ෂර මාලාවයි.
සිංහල අක්ෂර මාලාවේ ප්‍රභේද
සිංහල අක්ෂර මාලාව මුලික කොටස් දෙකකට බෙදේ.
1. ස්වර අක්ෂර
තනිව ශබ්ද කළ හැකි අක්ෂර ස්වර අක්ෂර නම් වේ. මේවා 'පණකුරු' හෙවත් 'ප්‍රාණාක්ෂර' නමින්ද හදුන්වයි. ස්වර අකුරු 18කි. පහත දැක්වෙන්නේ එම අක්ෂර 18යි.
2. ව්‍යඤ්ජන අක්ෂර
තනිව ශබ්ද කළ නොහැකි අකුරු ව්‍යඤ්ජන අක්ෂර නම් වේ. මේවා 'ගතකුරු', 'ගාත්‍රාක්ෂර' යන නමින්ද හදුන්වයි. මෙම අක්ෂර ශබ්ද කිරීමට ස්වරයක් උපකාරි වේ.
ක් + අ = ක
ව්‍යඤ්ජනය + ස්වරය = ව්‍යඤ්ජන අක්ෂරය
වර්තමානයේ අක්ෂර මාලාවේ ව්‍යඤ්ජන අක්ෂර 42කි. පහත දැක්වෙන්නේ එම අක්ෂර 42යි.
වර්ගාක්ෂර
අක්ෂර මාලාවේ තවත් වර්ගීකරණයක් වන මෙය අක්ෂර නාදය උපදින ස්ථාන පදනම් කරගෙන වර්ගීකරණයට ලක් කරයි.
1. කණ්ඨජ අක්ෂර - උගුර ඇසුරින් නාදය උපදින අක්ෂර
2. තාලුජ අක්ෂර - ඉදිරි තල්ල වෙත දිවේ අග කොටස ස්පර්ශ වීමෙන් නාදය උපදින අක්ෂර
3. මුර්ධජ අක්ෂර - උඩු තල්ලෙහි මැද කොටස වෙත දිවේ අග කොටස ස්පර්ශ වීමෙන් හඬ නැගෙන අක්ෂර
4. දන්තජ අක්ෂර - උඩු දත් පෙළ කරා දිවේ අග කොටස ස්පර්ශ වීමෙන් නාදය උපදින අක්ෂර
5. ඕෂ්ඨජ අක්ෂර - උඩු තොල වෙත තොල පැමිණ ස්පර්ශ වීමෙන් හද නැගෙන අක්ෂර
මේ අනුව අක්ෂර මාලාවේ එන ක, ච, ට, ත, ප යන අක්ෂර පහ ඇසුරින් වර්ගාක්ෂර 25ක් සිංහල අක්ෂර මාලාවෙන් හදුනා ගත හැකිය.
1. ක - (කණ්ඨජ අක්ෂර) වර්ගය - ක, ඛ , ග , ඝ , ඞ
2. ච - (තාලුජ අක්ෂර) වර්ගය - ච , ඡ , ජ , ඣ , ඤ
3. ට - (මුර්ධජ අක්ෂර) වර්ගය - ට , ඨ , ඩ , ඪ , ණ
4. ත - (දන්තජ අක්ෂර) වර්ගය - ත, ථ, ද, ධ, න
5. ප - (ඕෂ්ඨජ අක්ෂර) වර්ගය - ප, ඵ, බ, භ , ම
වර්ගාක්ෂර 25
මෙම වර්ගයේ මුලට ඇති අක්ෂරයේ නාමයෙන් වර්ගය හදුන්වා ඇත.
උදා: 'ක' වර්ගයේ අක්ෂර - ක, ඛ , ග , ඝ , ඞ
අභ්‍යාස:
පෙළ පොතේ පිටු අංක 35හි සදහන් වන ලිඛිත අභ්‍යාස 1,2,3,4 සිදු කරන්න. (ව්‍යාකරණ පොත)
5 පාඩම
නිවැරදි ශබ්දෝච්චාරණය
අභ්‍යාස - (සාහිත්‍ය පොත)
1. පැරණි අධ්‍යාපනයේදී ප්‍රමුඛතාව හිමි වුයේ කුමකටද?
2. පැරණි මිනිසුන් බහුශ්‍රැතයන් වුයේ කෙසේද?
3. පැරණි (චිරන්තන) සාහිත්‍ය ග්‍රන්ථ රචනා කර ඇති අරමුණ හා රීතිය දක්වන්න.
4. පාඩමේ එන පාලි හා සංස්කෘත භාෂා හා මිශ්‍ර සිංහල උද්ධෘත උපුටාගෙන ඇත්තේ කුමන ප්‍රකාශනයකින්ද?
5. පුවත් ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
6. පැරණි සිංහල අධ්‍යාපන ක්‍රමයේදී නිවැරදි ශබ්ද උච්චාරණය ප්‍රගුණ කරවීමට යොදා ගත් කෘති මොනවද?
7. පාඩමේ එන ශ්ලෝකය හා ගාථාව ලියා ඒවායේ අර්ථ ලියන්න.
Ok
ReplyDelete