Tuesday, May 19, 2020

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය 13 - ශ්‍රේණිය

                           
                                              ජනමාධ්‍ය වර්ගීකරණය

ජනමාධ්‍ය මූලික කොටස් දෙකක් යටතේ වර්ග කළ හැකිය.
1.මුද්‍රිත මාධ්‍යය

2.විද්‍යුත් මාධ්‍යය
                 මුද්‍රිත මාධ්‍යය අතර පුවත්පත්,පොත් හා සඟරා හදුනගත හැකිය.විද්‍යුත් මාධ්‍යය ලෙස ගුවන් විදුලිය හා රූපවාහිනිය හදුනාගත හැකිය.



පුවත්පත


 ජන මාධ්‍යය අතරින් මුල්ම සංවිධිත මාධ්‍යය වන්නේ පුවත්පතයි. පුවත්පත යන්න පැහැදිලි කිරීමට නිර්වචන කිහිපයක් බිහි වී ඇත.

1. "ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කරන පත්‍රය පුවත්පතයි."
                                 -  සුමංගල ශබ්දකෝෂය

2. "මහජනයා උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති,වෙළඳ දැන්වීම් , සාහිත්‍ය හා සම්බන්ධ කරැණු හා අනෙකුත් අංශ ඇතුළත් ව දිනපතා හෝ සතිපතා පළ කරන මුද්‍රිත ප්‍රකාශනය  පුවත්පතයි."
                              - ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය

3. "සුවිශේෂි භූගෝලීීය කලාපයක වෙසෙන බහුර ජනතාවකට අයත් පොදු රුචිකත්වයන් අඩංගු ප්‍රවෘත්ති දැක්වෙන දිනපතා හෝ සතිපතා නිකුත්වන ප්‍රකාශනයකි." 
                            - යුනෙස්කෝ සංවිධානය
  
4. "පොදු පුවත් ආරංචි හෝ සිදුවීම් ඇතුළත් කොට මුද්‍රණය කරනු ලබන හෝ පළ කරනු ලබන දෙය පුවත්පතකි."
                            - ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩල පනත


පුවත්පත යන්න  "ප්‍රවෘත්ති අඩංගු පත්‍රිකා" යන සාමාන්‍ය ව්‍යවහාරය ගෙන දෙන අතර එය එකට ගොනු වූ කටු ගසා අමුණා නැති කඩදාසි ගොනුවකි. එය දිනපතා‍‍,සතිපතා වශයෙන් පළ විය හැකි අතර ඊට ප්‍රවෘත්ති ඡායාරූප,විශේෂාංග හා දැන්වීම් ඇතුළත් වේ. එමෙන්ම ඊට විශේෂිත වූ නමක්ද යොදයි.
                     මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් සිය'සන්නිවේදන ශබ්දාකරය' කෘතියේ  පුවත්පත යන්න වඩාත් සවිස්තරාත්මකව විග්‍රහ කර ඇත.
 



" පුවත්පත - දිනපතා සතිපතා හෝ වාරාණුකූලව පුවත් සැපයීමේ අරමුණින් පළමුවෙන් පටන් ගත් පත්‍රිකා විශේෂයකි. එහෙත් කාලානුරූපව පුවත්පත යනු හුදු පුවත් සැපයීම ස‍ඳහාම වෙන් වූ මාධ්‍යක් වෙනුවට ඊට වඩා විවිධ අංගෝපංගයන් ඇතුඵ වූ ප්‍රකාශන විශේෂයක් ලෙස සැලකිනි.පුවත්පත් සදහා ආරම්භයේදී දෙනු ලැබූ නිර්වචන වෙනස් වී ඇත්තේ තාක්ෂණය හේතු කොට ගෙනයි. නවීන දිනපතා පුවත්පතක් හෝ සතිපතා පුවත්පතක් විශේෂාංග රාශියකින් සමන්විතය.දේශීය හා විදේශීය පුවත් සම්පාදනය හැරැණු කොට ඡායාරූප,කාටුන්,චිත්‍ර,තීරු රචනා,වෙළද දැන්වීම් ,කතුවැති නිර්මාණාංග ඇතුළත්වේ.පුවත්පත් වර්ගද කිහිපයක් ඇත. සාමාන්‍ය තොරතුරුසම්පාදනය හා විශේෂාංග ඇතුළත් පුවතිපති හැරැණු විට විවිධ විෂයන්ට යොමු වුණු විශේෂ වර්ගයේ පුවත්පත් බිහි වී තිබේ. ළමා,කාන්තා,ක්‍රීඩා ,විද්‍යා ,සිනමා ඉන් කිහිපයකි."
                             මුද්‍රිත මාධ්‍යය ස්වරූප අතර පුවත්පත වැදගත් වන්නේ එය ප්‍රබල ජන මාධ්‍යයක් වන බැවිනි. ඒ අනුව පුවත්පතක සුවිශේෂී ලක්ෂණය වන්නේ සිය ආකෘති මඟින් කාලීන පාඨකයා සමීීප හා අදාළ වූ උණුසුම් තොරතුරු ලබා දීමයි. මෙවැනි තොරතුරු ප්‍රවෘත්ති,විශේෂාංග,තීරුලිපි,කාටුන්,ඡායාරූප යනාදී ආකෘති මඟින් ඉදිරිපත් කළ හැකිය. මෙම ආකෘති නිර්මාණශීලීව හා හරවත්ව භාවිතා කරමින් පාඨකයා කරා සාර්ථකව තොරතුරු සන්නිවේදනය කළ හැකිය. ප්‍රවෘත්තියක කාලීීන බව සැනෙකින් වියැකී යන බැවින් නිරන්තරව නැවුම් ප්‍රවෘත්ති ඇතුළත් කරමින් පුවත්පත් සකස් කිරීමට සිදු වීම මාධ්‍යවේදීන්ට අභියෝගයක් බවට පත් වේ. කඩිනම්න් ප්‍රවෘත්ති රැස් කිරීම හා ඉදිරිපත් කිරීම තුළ කාලීන බව ආරක්ෂා වේ.
                             පුවත්පත්වල පළවන ලිපි ගොනු ලෙස සකසා මාධ්‍ය ආයතන,පුස්තකාල,ලේඛනාරක්ෂණ ආයතනයන්හි ගබඩා කර තිබෙනු දැකගත හැකි වේ. මෙවැනි පුවත්පත් ලිපි ගොනු ශාස්ත්‍රීය පර්යේෂණ සදහා ඉවහල් කොට ගැනේ. 

 පුවත්පත් ඉතිහාසය සැකෙවින් 

පුරාතන රෝමයේ " Acta Diurna" නම් 'රාජ්‍ය නිවේදන' නූතන පුවත්පත්වල ඓතිහාසික ආරම්භයට මුල් වූ බව සැලකේ. පසුකාලීනව බටහිර රටවල සිදු වු මුද්‍රණ ශිල්පයේ ව්‍යාප්තිය පදනම් කර ගනිමින් ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණය සංවර්ධනය විය. ජර්මනියේ " Avrizo Relation Oderzeitung", එංගලන්තයේ " Weekly News", ප්‍රංශයේ " La Gasette" ඇමරිකාවේ " Publick Occurrences both Forreign and Domestick", එවන් පුවත්පත්ය. මුල් කාලයේ එංගන්තය ඇමරිකාව වැනි රටවල් විසින් පුවත්පත් මුද්‍රණයේදී වැඩි අවධාණයක් යොමු කරන ලද්දේ වෙළදුන් හා නාගරිකයන්ගේ අවශ්‍යතා කෙරෙහිය.
                             මෙරටට මුද්‍රණ ශිල්පය හදුන්වා දුන්නේ ලන්දේසින් විසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත ලෙස සැලකෙන්නේ 1832දී ප්‍රකාශයට පත් වූ 'කලම්බු ජර්නල්' (Colombo Journal) නම් පුවත්පතයි. එහි සංස්කාරක වූයේ ජෝර්ජ් ලීය.

                            ශ්‍රී ලංකාවේ පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වන්නේ 1860 ජුනි මස පළ වු 'ලංකාලෝකය' පුවත්පතයි. මෙය බුලත්ගම ධම්මාලංකාර හිමියන් විසින් ආරම්භ කරන ලද අතර ලංකාලෝක මුද්‍රණාලයේදී (ගාල්ලේ) මුද්‍රණය කර ඇත.නමුත් මෙය පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වුවද එය ලියාපදිංචි කර නැත.
                            ලියාපදිංචි කරන ලද පළමුවන සිංහල මාධ්‍ය පුවත්පත වන්නේ 'ලක්මිණි පහන' පුවත්පතයි. මෙය 1862 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ කොග්ගල පඞිතුමා විසිනි.

                            එසේම ශ්‍රි ලංකාවේ ප්‍රථම දෙමළ පුවත්පත ලෙස සලකන්නේ 1841දී යාපනයේදී ප්‍රකාශයට පත් කරන ලද හෙන්ඩ්‍රි මාටින් හා සෙයිපෙයිෂන් විසින් සංස්කරණය කරනලද 'උදය තාරකෛ'පුවත්පතයි.
                           කෙසේ නමුත් වර්තමානය වනවිට පුවත්පත අන්තර්ජාලය හා එක්ව සජීවී ලෙස එම මෙහොතේම කියවීමට හැකියාව ලැබී තිබේ. ඒ අනුව අපට විද්‍යුත් පුවත්පත් දෙයාකාරයකින් හදුනාගත හැකිය.

1. මුද්‍රිත පුවත්පතෙහි ම විද්‍යුත් පිටපත ( E - Paper )
                                   මුද්‍රණය කිරීම සදහා සැලසුම් කරන පුවත්පතම විද්‍යුත් ස්වරූපයෙන් අන්තර්ජාලයට එක් කිරීම මෙහිදී සිදු වේ.මෙමගින් වැඩි පාඨක පිරිසක් අතර පුවත්පත සංසරණය වේ. විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ට පවා මෙරට පුවත්පත් අන්තර්ජාලය ඇසුරින් එලෙසින්ම කියවීමේ පහසුව ලැබේ.

2. අන්තර්ජාලයෙහි පමණක් පළ කෙරෙන විද්‍යුත් පුවත්පත් ( Online Edition )
                විද්‍යුත්  ක්‍රියාවලියෙහි ජනප්‍රිය ම ප්‍රවණතාව වන මෙහිදී ඉදිරිපත් කරන ප්‍රවෘත්තිවල කොටසක් ආරම්භක පිටුවේ දක්නට ලැබෙන අතර අවශ්‍ය නම් සබැඳීය ( Link ) සම්පූර්ණ ප්‍රවෘත්තියම කියවිය හැකිය. පුවත්පත පවත්වාගෙන යන පාර්ශවය නිරන්තරයෙන් ප්‍රවෘත්ති යාවත්කාලීන කරනු ලබයි. 

විද්‍යුත් පුවත්පතවලට ප්‍රවෘත්ති,ඡායාරූප,චලන රූප, වීඩියෝ ආදී බොහෝ දේවල් ඇතුළත් කළ හැකි වේ. විද්‍යුත් පුවත්පත්වල ටපොදු ලක්ෂණ තිහිපයකි.
1. ක්ෂණික ව පුවත් දැන ගැනීමේ හැකියාව.
2. ගබඩාකර තබා ගැනීමේ පහසුව.
3. නැවත නැවත කියවිය හැකි වීම.
4. තොරතුරැ විෂයන් අනුව වර්ග කරමින් පළ කොට තිබීම.
5. යාවත්කාලීන කිරීමේ පහසුකම් වැඩි වීම.
6. ක්ෂණික පාඨක ප්‍රතිචාර ලැබීම.

එමෙන්ම අප එදිනෙදා පරිහරණයට යොදා ගනු ලබන පුවත්පත් ප්‍රමාණ වර්ග දෙකකි.

1. බ්‍රෝඩ්ෂීට් (Broadsheet)
 බ්‍රෝඩ්ෂීට් (Broadsheet)
          සාම්ප්‍රදායික පුවත්පත් ප්‍රමාණය වන මෙය පළල් පිටු සහිතය. ජාතික සහ අන්තර්ජාතික තේමා වලින් යුතුව ඇත.‍ ශ්‍රී ලංකාවේ දිනපතා හා සතිපතා ජාතික පුවත්පත් මේ ප්‍රමාණයෙන් යුතුය. ජනමාධ්‍යවේදීන් ' ෆුල් ඩිමයි' ලෙස මේවා හදුන්වා ඇත.


2. ටැබ්ලොයිඩ් පුවත්පත් (Tabloid)

ටැබ්ලොයිඩ් පුවත්පත් (Tabloid)
           බ්‍රෝඩ්ෂීට් පුවත්පතක පිටුවකින් හරි අඩක විශාලත්වයකින් යුතු පුවත්පත් ටැබ්ලොයිඩ් පුවත්පත් වේ. ඡායාරූප වැනි රසවින්දනය, කලා නිර්මාණ,විනෝදය,අපරාධ ආදී පුවත් මේ තුළ ඇත. බුදුසරණ,විජය ආදි පුවත්පත් මෙන් ම ජාතික පුවත්පත්වල අතිරේක (ලංකාදීප පුවත්පතේ එන සදැල්ල) ආදී පුවත්පත් මේ ප්‍රමාණයෙන් යුතුය.
බර්ලීනර් (Berliner)
           මීට අමතරව බර්ලීනර් (Berliner) හා කොම්පැක්ට් (Compact) ආදී පුවත්පත් ප්‍රමාණ ද යුරෝපාකරයේ රටවල භාවිතාවනු පෙනේ.





කොම්පැක්ට් (Compact) 



2. පොත්


                         "පිටු 49කට නොඅඩු වාර සඟරා  හෝ මුද්‍රිත කඩදාසි ගොනුව" පොතක් බව යුනෙස්කෝව අර්ථකථනය කර ඇත. එසේම වෙනස් වු ආකාරයෙන් පොත යන සංකල්පය අර්ථකථනය කරන අවස්ථාද දැක ගත හැකිය. පොදුවේ ගත් විට පිටකවරයකින් සමන්විත වීම,ඇතුඵ පිටු තදින් එකට බැද තිබීම පොතක බාහිර ලක්ෂණ වේ. මෙලෙස පොත් බැදීම,කටු ගසා ගම්වලින් අලවා නූල්වලින් මසා හෝ යාන්ත්‍රිකව සිදු කළ හැකිය.
                 සුමංගල ශබ්දකෝෂයට අනුව "ලියු හෝ මුද්‍රිත ග්‍රන්ථය" පොත ලෙස දක්වයි. එසේම හරිස්චන්ද්‍ර විජේතුංගමහතාගේ මහා සිංහල ශබ්දකොෂයේ පොත යන්න දක්වා ඇත්තේ "ලියු හෝ මුද්‍රිත අමුද්‍රිත හෝ කොළ එකට එක් කොට තනා ගත් ලේඛන මිටිය" යන්නයි.
              නුතන ජන මාධ්‍ය ඉතිහාසය ආරම්භ වුයේ යැයි සලකනු ලබන්නේ පොත මගිනි.මෙය සමාජයේ වෙනසක් ඇති කිරීමට හේතු විය. තාක්ෂණික මාර්ගවලින් එතෙක් පැවති වෙනත් මාධ්‍ය එනම්, අතින් ලියනලද හෝ මුවින් ප්‍රකාශ කරන ලද දේ මුද්‍රිතව ඉදිරිපත් කිරීම පොත වේ. එහිදී සිදුවුයේ ජනතාව අතර ප්‍රසිද්ධව තිබු ග්‍රාම්‍ය භාෂාවලින් පමණක් නිර්මිත වු දේ මුද්‍රිත පොතක් ලෙස ඉදිරිපත් වීමයි.
          පොතක අන්තර්ගතය එකිනෙකට වෙනස්වන අතර පොතට සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ එමගින් පාඨකයාගේ ඇති විය හැකි විවිධ පරිවර්තන හේතුකොට ගනිමිනි.පොත් කියවීම සදහා පාඨකයා සාක්ෂරතා හැකියාව තිබිය යුතු අතර නිරන්තරයෙන් පොත් කියවීම හේතු කොට ගනිමින් එය වර්ධනය වේ. පරිකල්පන හැකියාව, භාෂා දැනුම, විචාරාත්මක චින්තනය, දැනුම හා අවබෝධය වැඩිවීම පොත් පරිශීලනයේ ප්‍රමුඛ වාසි අතර වේ. පාඨකයා කියවීමෙන් ජිවිතදර්ශ ලබා ගන්නා අතර බොහෝ ඇසු පිරූ තැන් ඇති මිතුරකු හා සමාන ඇසුරක්ද පොත හා ගොඩනගා ගනී.

පොතෙහි ඉතිහාසය සැකෙවින්

        ලෝකයේ පුවත්පතට පළමුව බිහි වු මුද්‍රිත මාධ්‍ය ස්වරුපය පොතයි.ලි අච්චු හෙවත් ඵලක මුද්‍රණ(wood block printing ) මගින් ලොව සකස්කළ පළමු පොත චීනයේ මහායාන බෞද්ධ පොතක් වු වජ්‍ර සුත්‍රයයි.
 වජ්‍ර සුත්‍රය












උත්තල මුද්‍රණ ක්‍රමයෙන් (latter press printing ) නිම වූ පළමු පොත ජර්මනියේ ජොහාන් ගුටෙන්බර්ගේ "ලතින් ව්‍යාකරණය" ග්‍රන්ථයයි. ගුටෙන්බර්ගේ දෙවන පොත වු "ලතින් බයිබලය" ඓතිහාසික ග්‍රන්ථයකි.       

ලතින් බයිබලය
                                        ශ්‍රීලංකාවේ පළමු සිංහල පොත ලෙස සැලකෙන්නේ පිටු 41කින් යුක්ත වු "ලන්දේසි යාඥා" පොතයි.




+ එපමණක් නොව පසු කාලයේ දේශපාලන හා ආගමික පත්‍රිකා සහ tracks (මාධ්‍යතන යුගයේ චින්තනය වෙනස් කිරීමට හේතු වු පත්‍රිකා විශේෂයකි.) පොත් බවට පත් වී ඇත. මෙහි මුල් පියවර වශයෙන් නීති, අණපනත්, රාජඥා සහ රජයට සම්බන්ධ ලිපිලේඛන පොත් බවට පත් විය.

+ වර්තමානයේ අන්තර්ජාලය ඇසුරෙන් ඇතැම් පොත් කියවීමේ රටාවද වර්තමානයේ වෙනස් වී ඇත.

+ පොතක ISBN අංකය මගින් එය ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්‌ වේ. (ISBN - International Standard Book Number - ජාත්‍යන්තර සම්මත පොත් අංකය) ශ්‍රීලංවෙහි පළවනපොතකට ISBN අංකය ලබා දෙන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වීසිනි.


3. සඟරා
            සගරාවක් යනු යම් ක්ෂේත්‍රයක් අරමුණු කරගෙන හෝ යම් පාඨක පිරිසක් ඉලක්ක කරගෙන නිශ්චිත කාලසීමාවලදී පළවන කෙටි ලිපි සහ රුපසටහන් සහිත ප්‍රකාශනයකි. සඟරා "වාර ප්‍රකාශන" නමින්ද හදුන්වයි.

 "සඟරා" යනු කුමක්දැයි පැහැදිලි කරන නිර්වචන ද්විත්වයක් මෙසේය.

 1. "සතිපතා හෝ මාසිකව ප්‍රකාශයට පත්වන ලිපිලේඛන හෝ ඡායාරුප  ඇතුළත් තනි ලේඛනය සඟරාවක් වේ."
                                                                                                          - ඔක්‌ස්ෆර්ඩ් ශබ්ද කෝෂය 

2. "එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට බදිනලද ප්‍රකාශනයකි."
                                                                                                          - යුනෙස්කෝ සංවිධානය

                    සඟරා මාසිකව, ද්විමාසිකව, ත්‍රෛමාසික, අර්ධ වාර්ෂික ලෙස සිදු කළ හැකිය. සගරා විවිධ තේමා යටතේ පළ වේ. විද්‍යව, කලාව, කෘෂිකර්මය වාණිජ, සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන, ගෘහ විද්‍යාව, ආගම, විනෝදාංශ, ක්‍රීඩා, අධ්‍යාපන නිදසුන්ය. එමෙන්ම එකම සගරාවක විවිධ තේමා සහ විවිධ විෂයන්ට අදාල ලිපිද ඇතුළත් විය හැකිය.

                  යම් සඟරාවක ලිපි ලබා ගැනීම, තෝරා ගැනීම, අනුමැතිය ලබා ගැනීම, සංස්කරණය හා පළ කිරීමට අදාළ සියලුම කටයුතු සංස්කාරක මණ්ඩලයක්‌ මගින් සිදු කිරීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙල වේ. එසේම පුවත්පත් මාධ්‍ය ආයතන විසින්ම සඟරා පළ කිරීම බොහෝ විට සීදුවේ.
උදා :ලේක් හවුස් ආයතනය - දෙසතිය / නව යුගය

                    සඟරා ලිපි පර්යේෂණාත්මක දත්ත හා වටිනා තොරතුරුවලින් යුතු වේ. ඓතිහාසික තොරතුරු, සංකල්ප විග්‍රහ කිරීම, විවිධ අර්ථකථන, දෘෂ්ටිකෝණ, මතවාද, එහි අන්තගත වේ. පුවත්පත්වලට සාපේක්ෂව සඟරා ලිපි දිගු කාලයක් සුරකිව තබා ගනිමින් දැනුම ලබා ගත හැකි මාධ්‍යයක් වීම සුවිශේෂී ලක්ෂණයකි. බොහෝ විට සඟරා වල දෛනික තොරතුරු ඇතුළත් නොවන අතර පාඨකයාගේ දැනුම වර්ධනයට සගරාවනන්ගෙන් ලැබෙන පිටු බලය අති මහත්ය.

රාවල ඉතිහාසය සැකෙවින්
+ ලොව පුරා සගරා පළ කිරීම ආරම්භ කර ඇත්තේ 17වන ශතවර්ෂයේ මැද භාගයේදී පමණය.

+ මුල් කාලයේ එංගලන්තයේ මුද්‍රණය වු සගරා සාහිත්‍යමය පළ කිරීම් විය. 

+ ප්‍රංශ විප්ලවය අවධියේ ධනවාදී රටවල ප්‍රජාතාන්ත්‍රික සඟරා මුද්‍රණය වි ඇති බැවු  සනාථ වේ.

+ ශ්‍රීලංකාවේ පළමු සිංහල සගරාව " මාසික තෑග්ග " ක්‍රිස්තියානි ආගම ඇගයීමේ පරමාර්ථයෙන් බිහි වුවකි.




4.ගුවන් විදුලිය

ගුවන් විදුලිය යනු හඞ පදනම් කර ගත් තාක්ෂණය හා සබැදි විස්මයජනක විද්‍යුත් මාධ්‍යකි. ගුවන් විදුලිය පළමු විද්‍යුත් මාධ්‍ය වේ.

ගුවන්විදුලි මාධ්‍යයේ ඉතිහාසය සැකෙවින්

 ගුවන් විදුලිය බිහි වීමේ මුලාරම්භය 19 වන සියවසේදී සිදු කරන ලද තාක්‍ෂණික සොයා ගැනීම් සන්නිවේදන කටයුතු සදහා යොදා ගත හැකි බව අවබෝධ කර ගැනීමයි. රැහැන් ඔස්සේ විදුලි සංඥා යැවීම හෙවත් විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කිරීම අත්හදා බැලීම් කළ සැමුවෙල් එෆ් බී මොර්ස් මහතා මෙහිදී පුරෝගාමී සේවයක් කළ අයෙක් වේ. එකිනෙක දුරින් පිහිටි ස්ථාන විදුලි සංදේශ රැහැන් පද්ධතියක් මගින් සම්බන්ධ කොට කිසියම් ප්‍රමිතියකට අනුව සකස් කළ කෙටි හා දිගු විද්‍යුත් සංඥා ඒ ඔස්සේ සම්ප්‍රේෂණය කිරීම මගින් කාර්යක්ෂම ලෙස පණිවිඩ හුවමාරු කර ගත හැකි බව සොයා ගත්තේය. "මෝර්ස් සංඥා ක්‍රමය"නමින් මෙය ලොව ප්‍රකට විය.
       මෙම ප්‍රාථමික විදුලි සංදේශ ක්‍රමය දුරකථනය හදුන්වා දීම දක්වා දියුණු විය. රැහැන් රහිත සම්ප්‍රේෂණ (wireless) ක්‍රමයේ ආරම්භය නිශ්චිතව හදුනා ගැනීමට නොහැකි වුවද විදුලි සංඥා භාවිතා කොට එක් ස්ථානයකට රැහැනකින් තොරව පණිවිඩයක් යැවු පළමු පුද්ගලයා ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි නැමැත්තාය. එතුමාගේ වයර්ලස් ටෙලිග්‍රැපි (wireless Telegraphy) නමින් හැදින් වූ ක්‍රමයට අනුව පණිවිඩ යවන ලද්දේ මොර්ස් සංඥා උපයෝගී කර ගැනීමෙනි. මුල් වරට අත්ලාන්තික් සාගරය හරහා ඉංග්‍රීසි 'S' අකුර නොරැහන් සම්ප්‍රේෂණය මගින් යැවීමෙන් සිය සොයා ගැනීම් ප්‍රයෝගිකව සනාථ කිරීමට මාකෝනිට හැකි විය. බොහෝ කාලයක් ගත වන තුරුම මෙම ක්‍රමය භාවිතයෙන් නැව් හා ගොඩබිම අතර කාලගුණ වාර්තා සහ නාවික ගමනාමන තොරතුරු හුවමාරු කර ගන්නා ලදී.  1912 දී පමණ අත්ලාන්තික් සාගරයේ ගිලෙමින් තිබු     ටයිටැනික් නැවේ ගමන් කළ මගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වුයේ මාකොනිගේ මෙම රැහැන් රහිත විදුලි සංඥා ක්‍රමය ආධාර කර  ගනිමිනි.
                 තවද පළමු හා දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර පාක්ෂික රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීමට මෙම රැහැන් රහිත විදුලි සංඥා ක්‍රමය උපකාරී කර ගන්න ලදී.
කල් යාමත් සමග අජීවී විද්‍යුත් සංඥා වෙනුවට කටහඩ, සංගීතය වැනි සජීවී සංඥා සම්ප්‍රේෂණයට ඇති හැකියාව පරික්ෂා කෙරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1916 වන විට ප්‍රථම ගුවන් විදුලි පණිවිඩය ප්‍රචාරය කිරීමට හැකි විය. 1897 දී මාකෝනි ගුවන් විදුලි සංඥා සමාගම එංගලන්තයේදී ඇරඹි අතර 1908 පටන් එය ජනමාධ්‍යක් ලෙස ක්‍රමික වර්ධනයත් 1920 වන විට ගුවන් විදුලිය ගෘහස්ථ සන්නිවේදන මෙවලමක් බවට පත් වීමත් ඇරඹිණි. 1919 වන විට ගුවන් විදුලිය මහජනයා අතර ජනප්‍රිය මෙවලමක් කරවීමට මාකෝනි ගුවන් විදුලි සමාගම විශාල මෙහෙවරක් කරන ලදී. විධිමත් ගුවන් විදුලි වැඩසටහනක් මුල් වරට ඉදිරිපත් කර ඇත්තේ 1920 දී රුසියාවේ පීටර්බර්ග් විශ්වවිද්‍යාලයේදීය. 1923 අවසානය වන විට ඇමරිකාවේ හයසියයකට අධික ගුවන් විදුලි සේවා පැවතුන බව සදහන් වේ.

                මුල් අවදියේදී ගුවන් විදුලි යන්ත්‍රය 'යුගයේ ආශ්චර්ය' ලෙස හැදින්විය. මුල් කාලයේ ගුවන් විදුලිය විශාල සහ හැසිරවීමට මදක් කරදරකාරී මෙවලමක් වුවද වර්තමානය වන විට එය පහසු මෙවලමක් පමණක් නොව බොහෝ සමීප සහ තාක්ෂණික ලෙස වර්ධනය වී ඇති මෙවලමක් බවට පත් වී ඇත.











                        ගුවන් විදුලිය ආරම්භයේ පසුබිම ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ලෝක ගුවන් විදුලි ආරම්භය සිදු වු කාලයේදී ම ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ වීම හේතුකොට ගනිමිනි. ඊට මුලික හේතුව වන්නේ ශ්‍රී ලංකාව බ්‍රිතානයයේ යටත්විජිතයක් ලෙස පැවතීමය. මෙරට 1922 දී ලංකා ආධුනික ගුවන් විදුලි සමාජය නම් වූ මහජන සංවිධානයක් ගුවන් විදුලි අත්හදා බැලීම් සිදු කොට ඇත. විදුලි සංදේශ ඉංජිනේරු තනතුර භාර ගැනීමට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික 'එඩ්වඩ් හාපර්' මහතා මෙරට ගුවන් විදුලි විකාශනයේ නිර්මාතෘ ලෙස ඉතිහාසගත වී ඇත. පළමුවරට මෙරට ගුවන් විදුලි ප්‍රචාරයක් අත්හදා බලන ලද්දේ ජර්මන් සබ්මැරීනයකින් ගලවා ගන්නා ලද ගුවන් විදුලි සංදේශ උපකරණ තොගයක් යොදා ගනිමිනි. ඒ අනුව හාපර් මහතාගේ මෙහෙයවීමෙන් 1924 ජුනි 01 දින කරන ලද ගුවන් විදුලි ප්‍රචාරය ප්‍රථම නිල ගුවන් විදුලි ප්‍රචාරය ලෙස සැලකේ. 1924 ජුනි 24 දින මෙරට ගුවන් විදුලිය නිල වශයෙන් ආරම්භ විය. මේ අනුව මුල් කාලයේදීම ගුවන් විදුලි මාධ්‍ය රජයට හිමි වූ බව පෙනේ. 1925 දෙසැම්බර් 16 වන දින ලංකාවේ ගුවන් විදුලිය රාජ්‍ය ආයතනයක් වශයෙන් විවෘත කරනු ලැබිණී. මෙය ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවයයි.1949 දෙසැම්බර් 1 වන දින රේඬියෝ සිලෝන්හෙවත් ලංකා ගුවන් විදුලි සේවය යනුවෙන් ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන ලද්දේ 1967  ජනවාරි 5 වනදීය. 1972 දී මෙය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත් විය. මෙරට  ගුවන් විදුලි සේවයේ පළමු සිංහල නිවේදකයා වුයේඩී. ඇම්. කොළඹගේ මහතාය.


ප්‍රාදේශීය හා ප්‍රජා  ගුවන් විදුලි සේවා ආරම්භය

+ ප්‍රධාන නාලිකාවට අමතරව ප්‍රාදේශීය හා ප්‍රජා  ගුවන් විදුලි සේවා ආරම්භයද සිදු විය.

+ ප්‍රථම ප්‍රාදේශීය සේවය ' රජරට සේවය' නමින් 1979 අප්‍රේල් 12 දී ආරම්භ විය.

+ දෙවන ප්‍රාදේශීය සේවය 1980 පෙබරවාරි 03 වන දින 'රුහුණු සේවය' නමින් මාතර පිහිටුවන ලදී.

+ 1981 ඔක්තෝම්බර් 01 ද ' මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවය'ද  එම වසරේම අගෝස්තු 26 ' ' Fm  Sterio' නමින්ද සේවයක් ආරම්භ විය.

+ 1983 අප්‍රේල් 13වන දා තෙවන ප්‍රාදේශීය සේවය වන ' මහනුවර සේවය 'ආරම්භ විය. අසුව දශකය නිම වන විට 'City Fm' සේවයද මෙරටට එක් වී තිබිණි.

+ 90 දශකය මුලදී පුද්ගලික අංශයටද ගුවන් විදුලි සේවා ආරාම්භ කිරීමට අවස්ථා ලැබීම සුවිශේෂී සිදුවීමක් වේ. ඒ අනුව ' Fm 99 ' නමින් නව ගුවන් විදුලි සේවයක් ආරම්භ වුවද එය මෙරට ව්‍යාප්ත නොවීය. අනතුරුව 1993 දී පුද්ගලික ගුවන් විදුලි සේවයක් වන ' TNL' සේවාව ආරම්භ කරන ලදී.

+ 1994 වසරේ පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ වූ ' සිරස Fm ' ගුවන් විදුලිය නිසා මෙතෙක් පැවති ගුවන් විදුලි වැඩසටහන්වල ස්වරූපයෙහි කැපී පෙනෙන වෙනසක් විය.







13 ශ්‍රේණිය

මාධ්‍ය විචාරය 

මාධ්‍ය විචාරය හා එහි අවශ්‍යතාව 


             වර්තමාන සමාජය තුළ ජීවත්වන මිනිසාට මාධ්‍යයෙන් තොර පැවැත්මක් පිළිබඳව සිතීමට දුෂ්කරය.ඒ තරමට මිනිස් ජීවිතයේ සියලුම අංශ කරා හා පොදු මුළු සමාජයේ සෑම අංශයක් කරාම මාධ්‍යයන්ගේ බලපෑම වර්ධනය වී තිබේ.මේ තත්වය තුළ මාධ්‍ය විචාරයකින් තොරව කටයුතු කරන විටදී අපට නොදැනීම අප යොමු වන්නේ අවිචාරවත් ජීවිතයකටය. වර්තමානයේ බොහෝ විට මෙම අවිචාරවත් බව සමාජයේ පවතින බව පෙනේ. මෙම අවිචාරවත් බවින් මිදීමට විසදුම වන්නේ ග්‍රාහකයා විචාරශීලි ග්‍රාහකයකු බවට පත් කිරීමයි. මාධ්‍ය සදහා විචාරයන් අවශ්‍යවන්නේ මුලිකවම ඒ සදහාය. එය සමාජ අවශ්‍යතාවයක් අනුවම බිහිවන බව පැහැදිලිය.
  වර්තමාන සංකීර්ණ සමාජයේ මාධ්‍ය සංදේශයන්හි මතුපිට අරුත පමණක් නොව යටි පෙළක්ද ක්‍රියාත්මක වේ. මතුපිටින් යමක් පෙන්නුවද එහි යටින් මාධ්‍ය නියෝජනය,ව්‍යාපාරික අරමුණු ආදී බොහෝ දේ ක්‍රියාත්මක වේ. මෙම යටි පෙළ ගැන අවබෝධ කර ගැනීමට මාධ්‍ය විචාර ක්‍රියාවලිය ඉතා අවශ්‍ය වේ.
 
               කිසියම් දෙයක් අගය විශ්ලේෂණය කර දැක්වීම විචාරය ලෙස හැදින්විය හැකිය. විග්‍රහය, අර්ථකථනය හා අගය කිරීම මාධ්‍ය විචාරයේ ප්‍රධානම සාධක බවට පත්වේ. එමගින් සිදු කරනුයේ නිර්මාණය පැහැදිලි කිරීම, ආකෘතිය විශ්ලේෂණය කිරීම හා එහි ඇති අගයන් විමර්ශනයට කිරීමයි. විචාරාත්මක චින්තනය පෞරුෂයෙන් යුතු සන්නිවේදන චරිතයක් බවට පත් වීමට තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයකි.
               
               අතීතයේ සිට වර්තමානය දක්වා කලා නිර්මාණ විචාරය කිරීම පිණිස නොයෙක් සිද්ධාන්ත ගොඩ නැගී ඇත. කිසියම් නිර්මාණයක තේමාව, ග්‍රාහක අත්දැකීම් හරහා එහි ඇති ආස්වාදය පැහැදිලි කර දීම, ග්‍රාහක අවබෝධය වර්ධනය කිරීම සදහා විචාරක අත්දැකීම් පාදක කර ගනිමින් නිර්මාණය තේරුම් කිරීම සහ එම නිර්මාණ ජීවිතයට වැදගත්වන ආකාරය විග්‍රහ කර දීම විචාරයේදී වැදගත් වන මුලික කරුණු කිහිපයකි. මාධ්‍ය හා සමාජය වටහා ගැනීමෙහිලා මාධ්‍ය විචාරයේදී වැදගත් වේ. විචාරශිලිත්වයෙන් තොරව නුතන මාධ්‍ය භාවිතය හා ප්‍රවණතා හදුනා ගැනීම දුෂ්කරය. මාධ්‍ය හමුවේ විචාරකයා යන චරිතය වෙනුවට ග්‍රහකයාම තම විට විචාරකයා වන්නේය.  

            මාධ්‍ය විචාරයේදී විවිධ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් වන සංදේශ විශ්ලේෂණය කිරීම සිදු වේ. මාධ්‍ය මගින් විචිත්‍රවත් ආකෘති ඔස්සේ ගලා එන සංදේශවලට සාමාන්‍ය පුද්ගලයාගේ මනසෙහි ඇල්මක් ඇති කරවයි. එය මාධ්‍යයට වහල් වීමකි. මාධ්‍ය විචාරය අවශ්‍ය වන්නේ මෙම මාධ්‍ය වහල්භාවයෙන් පුද්ගලයා මුදවා ගැනීම පිණිසය. 
            මාධ්‍ය සාක්ෂරතාවයේ අඩුකම හා විචාරශීලිත්වයේ ඌනතාව හේතුකොටගෙන පුද්ගලයා මාධ්‍යට හසු වේ. එම නිසා මාධ්‍ය පුද්ගලයාගේ දෛනික ජීවිතයට, ඔවුන් සතු විශ්වාසයන්ට සහ සදාචාරයන්ට ප්‍රබල ලෙස බලපෑම් කරන බැවින් එම තත්වයෙන් මිදීම සදහා විචාරශිලිත්වය අවශ්‍ය වේ. 
           එසේම මාධ්‍ය දෛනික ජීවිතයට බලපාන ආකාර ළමයාට, තරුණයාට, කාන්තාවට ආදී වශයෙන් විමසිය හැකිය. 


1. මාධ්‍ය හා දෛනික ජීවිතය 

       මාධ්‍ය අපගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධව පවතී. මාධ්‍ය තොරතුරු හා විනෝදාස්වාදය සදහා මුලාශ්‍රයකි. විවිධ මාධ්‍ය මගින් ආදරය, විලාසිතා,විවිධ සම්බන්ධතා හා කාටුන් ඇතුළු වෙනත් දේ නැරඹීමට බොහෝ ළමුන්, යෞවනයන් කැමැත්ත දක්වයි. වැඩිහිටියන් ප්‍රවෘත්ති, ආහාර, සෞඛ්‍ය, ව්‍යායාම, ආගමික ආදී විවිධ දේ නැරඹීමට, ඇසීමට , කියවීමට කැමතිය. වර්තමාන පර්යේෂණවලින් හෙළිකරගෙන තිබෙන්නේ ලොව බොහෝ ළමයින් රුපවාහිනිය දෙස පැය දෙක හමාරක් පමණ වෙලාගෙන බලා සිටින බවයි. 
      රූපවාහිනි නාට්‍ය හා සිනමා, චිත්‍රපට මගින්ද මත් ද්‍රව්‍ය, මත්වතුර පානය ,වැරදි හැසිරීම් ආදී දේ නිරතුරුව පෙන්වීමට කටයුතු කරයි. එවිට ඒවා නරඹන ඇතැමුන් ඔවුන් එම දේවල් සිදු කරනවා නම් අප නොකළ යුත්තේ ඇයිදැයි යන ආකල්පය වර්ධනය වන බවයි.
     ඵසේම ලෝකයපුරාම මාධ්‍ය මඟින් ගොඩනංවා ඇති ක්ෂණික ආහාර පුරුද්ද හේතුකොටගෙන විවිධ ගැටලුවලට මුහුණ දී ඇත. මෙයට හේතුව වෙළද දැන්වීම්වල පෙළඹවීමට නිරතුරුවම ග්‍රාහකයා යොමුවීම හේතුකොටගනිමිනි. මාධ්‍ය මගින් අපගේ පෙනුම,විශ්වාසයන්,ආශාවන් හා මතයන් හසුරවමින් බලපෑම් ඇති කර තිබේ. එමෙන්ම නගර හා මාවත්වල නිරතුරුවම දක්නට ලැබෙන අතර විවිධ විශාල දැන්වීම් පුවරු,පෝස්ටර්වල පවතින භෞතික පරිසරයද මාධ්‍ය නිර්මාණය කර ඇත. මේ සියල්ලම ග්‍රාහකයා කෙරෙහි විවිධ අයුරින් බලපායි.
        මෙම පදනම මත මාධ්‍ය විචාරයාගේ භූමිකාව වඩාත් කැපී පෙනේ. මාධ්‍ය විචාරකයා විසින් කරනු ලබන විශ්ලේෂණය කිරීම හා ඇගයීම් තුළින් මාධ්‍ය විචාරකයා සන්නිවේදකයාට ඉතා සුවිශේෂ වූ ප්‍රතිපොෂණයක් ලබා දේ. එවිට සන්නිවේදකයා හැකිතරම් තම වගකීම් නිවැරදිව සිදු කිරීමට කටයුතු කිරීමට පෙළඹේ.
   එමෙන්ම මාධ්‍ය විචාරයා නිසා ග්‍රහකයට මග පෙන්වීමක් සිදු කරයි. මාධ්‍ය සංදේශය තුළ සංකීර්ණ ලෙස සැගවී ඇති යටි අරුත් පෙළ ග්‍රහණය කර ගැනීමටත් එහි සුවිශේෂිත්වය වටහා ගැනීමටත් යොමු වීම තුළ මාධ්‍ය ග්‍රාහකත්ව මට්ටම් සංවර්දනය වේ. 
  මෙලෙස මාධ්‍ය විචාරකයා ඇතැම් විට මාධ්‍යකරුවෙක් විය හැකිය. මාධ්‍ය විචාරකයෙකු ලෙස සුවිශේෂිව මතු වීමට එම විචාරකයා විසින් අත්පත් කරගෙන තිබිය යුතු ගුණාංග රැසකි.

1. මාධ්‍ය විචාරකයා, මාධ්‍ය, සන්නිවේදකයා, සන්දේශය සහ ග්‍රාහකයා යන අංශ පිලිබදව මෙන්ම එය ඇතුළත් වන සමාජ පිළිබදව වගකීම් සහගතව කටයුතු කරන්නෙකි. ඒ සියල්ලම කෙරෙහි බැදීමක් ඇතිව විවේචනාත්මකව සහය පළ කරන්නෙකි.

2. මාධ්‍ය විචාරකයා අදාල මාධ්‍ය පිළිබදව හා එහි ක්‍රියාකාරිත්වය හා සංයුතිය පිළීබද විශේෂ දැනුමක් සහිත අයෙකි.

3. මාධ්‍ය විචාරකයා සුවිශේෂී ජීවන දෘෂ්ටියක් සහිත පුද්ගලයෙකි. එසේම හෙතෙම ග්‍රාහකයාගේ පාර්ශවය නියෝජනය කරන්නෙකි. 

4. මාධ්‍ය විචාරකයා දැනුවත් සහ විමසිලිමත් මාධ්‍ය ග්‍රහකයෙකි. ඔහු අන් සියලු ග්‍රාහකයන්ට පෙර ගමන් යන්නෙකි.මග පෙන්වනෙකි.ආපසු හැරී බලන්නෙකි. කැටුව යන්නෙකි.


        
1.මාක්ස්වාදී විචාරය 

       මාක්ස්වාදී විචාරයේ පදනම ලෙස ආර්ථික නියතිවාදී සිද්ධාන්තය යොමු කරනු ලැබේ. මෙම විග්‍රහය සමාජ විශ්ලේෂණය සදහා කාල් මාක්ස් මහතා විසින් යොදා ගනු ලැබූ අතර කලා සාහිත්‍ය විචාරය සදහාද එය පාදක කර ගනු ලබන බැවින් එය මාක්ස්වාදී විචාරය ලෙසින් හදුන්වනු ලැබේ.
      මාක්ස්වාදී විචාරයේ ප්‍රමුඛ අදහස වන්නේ ධනේශ්වර සමාජයේ අවශ්‍යතා හා වරප්‍රසාද ලත් සහ පවත්නා බල සමූහ ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය නිෂ්පාදන කාර්යය මගින් ග්‍රාහකයා හට විවිධ දේ පැවරීම,පතුරුවා හැරීම හා පරාවර්තනය කිරීම පිළිබද මෙම මාධ්‍ය විචාරයෙන් විමර්ශනය කෙරේ. මාධ්‍යවල පවත්නා ආර්ථික හා සංස්කෘතික පදනමත්,බලය හා මුදල් ඉලක්ක කොට මාධ්‍ය නිර්මාණ බිහි වීමත් මෙමගින් විශ්ලේෂණය කළ  හැකිය. එසේම මෙම විචාරයට අනුව ධනය හා බලය පිළිබද අසමතුලිතතාව සහිත සමාජීය ආයතන මාධ්‍ය විසින් ශක්තිමත් කරනු ලබන ආකාරයත්, මාධ්‍ය ආධිපත්‍ය පවත්වාගෙන යනු ලබන ආකාරයත් විමසිය හැකිය. මෙවැනි විචාර නුතන ග්‍රාහකයාට අත්‍යවශ්‍ය වේ. 
    මෙම විචාරයට අනුව ධනේශ්වර චින්තනයට අනුගත වුවන් සංදේශ ක්‍රියාවලිය මෙහෙයවන්නේ තම ධනේශ්වර ආර්ථික වුවමනාවන් ශක්තිමත් කරන අදහසිනි.ඒ තුළින් ධනේශ්වර දෘෂ්ටිවාදය පෝෂණය කරනු ලබයි.
      මාක්ස්වාදී විචාරය සදහා පාදක කර ගනු ලබන ආර්ථික නියතිවාදී සිද්ධාන්තය පිළිබද යම් අදහසක් ලබා ගැනීමට පහත සටහන බලන්න.


                                                                                                                ඉහත සිද්ධාන්තයට අනුව සමාජයක  දේශපාලන,බලය,නිතිය,අධ්‍යාපනය,සාරධර්ම,සංස්කෘතිය,වෙළදපල,සාහිත්‍ය හා මාධ්‍ය ඇතුළත් සමස්තය ගොඩ නැගෙන්නේ එකී සමාජයේ සම්පත් ඒකරාශී කර ගැනීමේ ක්‍රමය හෙවත් අර්ථ ක්‍රමය පදනම් කර ගනිමිනි. ඒ අනුව රටේ ප්‍රධාන ධාරාවේ සාහිත්‍ය කලා සහ මාධ්‍ය ක්‍රියාවලියද ගොඩනැගෙන්නේ ඉහත අර්ථ ක්‍රමයට පාදකව ඊට අනුගත වෙමිනි. ඒ තුළ නිර්මාණය වන විවිධාකාර සංදේශ එම පදනම නිරුපණය  කරමින් ආරක්ෂා කිරීම් හා නඩත්තු කිරීමට වෙහෙසෙයි. 
                 ආර්ථික නියතිවාදී සිද්ධාන්තයට අනුව පුද්ගල අපේක්ෂාවන්,ලැදියාවන් සහ හැසිරීම්වලට හේතුකාරක වන්නේද මෙම ආර්ථික පදනමයි. පුද්ගලයා නියෝජනය කරන ආර්ථික පදනම හෙවත් පන්තිය අනුව ඔහුගේ සිතුම් පැතුම් හා අපේක්ෂා, චර්යාවන් තීරණය වන ආකාරය තේරුම් ගැනීමෙන් ඉහත සිද්ධාන්තය තේරුම්ගත හැකි වේ. මෙම විචාරය ඔස්සේ විවෘත සමාජය මෙන්ම  සංදේශවල චරිත හැසිරීම් විභාගකර බැලීමද මෙම සිද්ධාන්තය පාදක කර ගැනේ.
     ආර්ථික නියතිවාදී සිද්ධාන්තය ඔස්සේ ආර්ථික පදනම නමැති අධෝ ව්‍යුහයට අනුව උපරි ව්‍යුහයේ සියලු සාධක ගොඩ නැගෙන ආකාරය විශ්ලේෂණය කිරීමට මාක්ස්වාදී විචාරයේදී උත්සහ දරති. මෙහිදී සමාජ ව්‍යුහයේ ස්වරූපය පමණක් නොව පුද්ගල ලැදියා හා අපේක්ෂා විභාගයට ද ඉහත පදනම භාවිතා කළ  හැකිය. 
   වහල් සමාජය තුළත්,වැඩ වසම් සමාජය තුළත්, ධනවාදී සමාජය තුළත්, පශ්චාත් නුතනවාදී සමාජය තුළත්  ජීවත්වන පුද්ගලයාගේ පැවැත්ම තීරණය කරනු ලබන්නේ මෙම සමාජයේ අධෝ ව්‍යුහයේ සාධක විසිනි. පුද්ගලයා සමාජානුයෝජනය වන්නේ එම අධෝ ව්‍යුහීය පදනම මත ගොඩ නැගෙන උපරි ව්‍යුහීය සමාජ වටපිටාව තුළය.
(මෙම පාඩම්වල අපහසු කොටස් පාසැල ආරම්භ වූ පසු පැහැදිලි කරමි.මෙම කොටස් හොදින්ම පාඩම් කරගත යුතුය.)



2. මනෝ විශ්ලේෂණවාදී විචාරය 

     මෙම විචාරයට පදනම සකස් වන්නේ සිග්මන් ෆ්‍රොයිඩ් මහතා ඉදිරිපත් කර ඇති මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය. ඔහු ඉදිරිපත් කර ඇති ඊඩිපස් සහ ඉලේක්ට්‍රා සංකීර්ණයන්හි බලපෑම් පුද්ගල චර්යයා තීරණය කරන බව දක්වා ඇත. ඉන් විග්‍රහ වන්නේ කුඩා කාලයේ පටන් පිරිමි දරුවන් මවටද,ගැහැනු දරුවන් පියාටද සමීපව කටයුතු කරන ස්වභාවය පිළිබදවය. මෙතුමා තව දුරටත් චිත්තවේග ක්‍රියාකාරිත්වය අදියර තුනක් යටතේ විග්‍රහ කර දක්වයි. එනම්  ID, EGO, සහ SUPER EGO වශයෙනි. 
   ID යන්න මගින් දළ සිත හදුන්වයි. එනම් මතුපිට සිතයි. EGO යන්නෙන් පහන් සිත හදුන්වයි. මිනිස් සිත තුළ විවිධ ආශාවල් ඇති වේ. බඩගින්න,පිපාසය ,නිදිමත යනාදී උවමනා අපගේ සිතට නැගුණු අයුරින්ම ක්‍රියාත්මක වන්නේ නැත. මෙම පහන් සිතේ ක්‍රියාකාරිත්වය තුළින් අප අපගේ සිත තුළ  ඇති වන ආශාවන් කිසියම් සමාජ සම්මතයකට අනුව හසුරුවා ගනී. මෙම  EGO හෙවත් පහන් සිත සකස් වන්නේ සමාජ ඉගෙනුම් තුළිනි. අපගේ ආශාවන් සමාජ සම්මතයන්ට අනුගත වෙමින් පාලනයට ලක්කර ගැනීම මෙහිදී සිදු වේ.

              SUPER EGO යනු සුපසන් සිත වේ. හෘද සාක්ෂිය ලෙස මෙය හදුන්වයි. අප කරන ක්‍රියාවන් පිළිබද අප තුළම යම් විනිශ්චයක් ඇති වන්නේ සුපහන් සිතේ බලපෑමෙනි.
               මීට අමතරව සිග්මන් ෆ්‍රොයිඩ් මහතා මනස ජලය මත පාවෙන හිම කුට්ටියකට සමාන කර දක්වයි. ජලයේ පාවෙන හිම කුට්ටියක හතරෙන් එකක් ජලය මතුපිට දර්ශනය වන අතර එහි හතරෙන් තුනක ප්‍රමාණයක් ජලය යට වැසී පවතී. මනස කර එන පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමේදී මේ සැගවුණු මනසේ ක්‍රියාකාරිත්වය බලපෑමක් එල්ල කරයි. නමුත් එය අපට ඇතැම් විට වටහා ගැනීමට අපහසු වේ.




                                   විඥානය යනු මනසේ සවිඥානික කොටස වේ. එහි තැන්පත් වී ඇති ඇති තොරතුරු අපේ මතකය තුළ  පැහැදිලිය.
                                   
                               පෙර විඥානය නොගැඹුරු මුහුදට සමාන වේ. එහි තැන්පත් වී ඇති දේ මතකයෙන් දුරස් වේ. නමුත් යම් වෙහෙසක් දරා පසුව එය මතකයට කැදවා ගත හැකි වේ.
       
                                අවිඥානය ගැඹුරු මුහුදට සමාන වේ. එහි ඇති දේ අපට වටහාගත නොහැකිය. එහෙත් අපගේ චර්යාවන් තීරණය වීමේදී සහ අප සමාජය වෙත දක්වන ප්‍රතිචාර තීරණය වීමේදී අවිඥානය තුළ ගබඩා වී ඇති මතකයන් ඉතා තීරණාත්මක බලපෑමක් එල්ල කරන බව සිග්මන් ෆ්‍රොයිඩ් මහතා දක්වයි. මෙම කාරණා මනෝ විශ්ලේෂණවාදී විචාරයේදී ඉතා සියුම්ව යොදා ගැනේ. මේ අනුව සෑම මිනිසෙකුගේම හැසිරීම් රටාව අවිඥානික ස්වභාවයන් බොහෝ පවතින බව ඉහත විග්‍රහය ගම්‍ය කරනු ලබයි. 

                මෙම කරුණු තවදුරටත් පුළුල්ව අවබෝධ කර ගැනීමට ජෝ ලෆ්ට් සහ හැරී ඉන්ග්‍රම් යන දෙදෙනා ඉදිරිපත් කර ඇති ජෝහාරිගේ කවුළුව විග්‍රහයද ඉතා වැදගත්ය.


1. කවුළුව  - මනසේ විවෘත ප්‍රදේශයයි. යම් පුද්ගලයෙකුගේ චර්යාවේ ස්වභාවය තමන් මෙන්ම අනුන්ටද                                වටහාගත හැකි තරම් විවෘතය.


2. කවුළුව - අදාළ පුද්ගලයාගේ චර්යාවල ස්වභාවය අන්අයට නොවැටහෙතත් තමන් දකි. ඇතැම් පුද්ගලයන්                        තමන්ගේ චර්යාවන්ගේ අරමුණු පිළිබද දැනුවත්ය. එහෙත් අනුන්ට අවබෝධ කර ගැනීමට අපහසුය.                    එම කවුළුව විශාල වූ විට අන් අයට අවබෝධ කර ගත නොහැකි අයෙක් බවට පත් වේ.


3. කවුළුව - අපගේ ඇතැම් චර්යයා ස්වභාවයන් අප හට නොවැටහුණද අන් අයට වැටහීම මින් අදහස් වේ.                              නිදසුනක් ලෙස තමන්ගේ හැසිරීමේ ගැටලුවක් අන් යට පෙනුනද තමන්ට එය නොවැටහීම මෙම                        තත්වයේ ස්වභාවයයි.


4. කවුළුව - තමනුත් නොදන්නා අනුන් ද නොදන්නා ප්‍රදේශයක් ගැන මින් කියවේ. අප එම අවස්ථාවේ එලෙස                      හැසිරුණේ  ඇයි?, එවන් ප්‍රතිචාරයක් දැක්වුයේ කෙසේද? යන්න තමාටත්, අන් අයටත් නොවැටහේ.                    එය වී ඇත්තේ යටි හිත හෙවත් අවිඥානය නම්  ගැඹුරු මුහුදේ හෙවත් අදුරු අගාධයේ සැග වී                              තිබෙන මතකයන් අපගේ ප්‍රතිචාර දැක්වීමට මෙහෙය වීමෙන් බව මින් විග්‍රහ වේ.



            ඕනෑම සන්නිවේදකයකු සංදේශ සැලසුම් කිරීමේදී ඔහුගේ මානසික ස්වභාවයන් සවිඥානිකව හෝ අවිඥානිකව සංදේශය තුලට ගමන් කරයි. එසේම ග්‍රහකත්වයේදී ග්‍රාහකයා සංදේශය පිළි  ගැනීම හෝ නොපිළිගැනීම කෙරෙහි මෙම තත්වය බලපානු ලැබේ. 
             මනෝ විශ්ලේෂණවාදී විචාරය සදහා පාදක කර ගනු ලබන්නේ මෙම සිද්ධාන්තය. මානව ජීවිතය සංදේශ තුළ ප්‍රතිනිර්මාණය වීමේදී එම චරිත ස්වභාවයන් පොළඹවනු ලබන හේතු විශ්ලේෂණය කිරීම අතිශය සියුම් කාර්යයක් වේ.  මනෝ විශ්ලේෂණවාදී සංදේශ විචාරකයා එම විශ්ලේෂණ සිදු කරන්නේ ඊට අදාළ වන සිද්ධාන්ත පාදක කර ගනිමිනි. මනෝ විශ්ලේෂණවාදී විචාරයේදී මනෝ විද්‍යාව ඔස්සේ මාධ්‍ය සංදේශ අවධානයට ගනිති. ළදරුවන් නොසන්සුන් කිරීමට මාධ්‍ය බලවත් බලපෑමක් කරන බව මනෝ විශ්ලේෂණවාදී මතයකි. මෙය අප අවධානයට ගත යුතු වේ. වෙළද දැන්වීම් අපගේ මුලික සිහිකල්පනාවන්හි සැගවුණු සිතුවිලිවලට ආමන්ත්‍රණය කිරීමේ මාර්ගයක් බව ලෝක මනෝ විශ්ලේෂණවාදීහු දක්වති. එමගින්ද අපට නව චින්තන ආලෝකයක් ලැබේ. මේ ඔස්සේ සංකේතාත්මක මාධ්‍ය භාවිතාවන්හි යටි අරුත් විමසිය හැකිය. මනෝ විද්‍යාත්මකව බැලීම තුළින් ග්‍රාහක චින්තනය වර්ධනය වේ. 
            එසේම මෙම විචාරයේ මාධ්‍ය මගින් සිදු කෙරෙන චිත්තවේගී බලපෑම් කෙරෙහිද අවධානය යොමු කරයි. මාධ්‍ය උපදවන සිතුවිලි හා හැගීම් මගින් ආතතිය ඇති වන්නේ කෙසේද යන්න විමසයි. එසේම වෙළද දැන්වීම් වැනි මාධ්‍ය ක්‍රියා හේතුවෙන් බිහි වන පුනරුක්තිය(නැවත නැවත ප්‍රචාරය) මගින් සිදුවිය හැකි මානසික බලපෑම ග්‍රාහක සාකච්ඡාවට එකතු කිරීම පිණිසද මෙම විචාර දෘෂ්ටිය උපකාරී කර ගත හැකි වේ. ඊට අමතරව මාධ්‍ය ඇසුර මගින් ගොඩනැගෙන අන්තර්වර්ති හා අන්තර්පුද්ගල සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කළ හැකිය. මනඃකල්පිත ජිවිතවලට තල්ලු කිරීමට මාධ්‍ය ක්‍රියාකාරකම් හේතුවන අන්දම ආදිය විමසීමෙන් සියුම් බුද්ධියකින් යුතු පුද්ගලයෙකු බිහි වේ. 


3. ස්ත්‍රීවාදී විචාරය 
      
         මෙම විචාරය මතු වීමට බල පෑ මුලික පදනම වන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබදව ලිංගිකත්ව සමානතා පදනම මත පිහිටා සිට විචාරය කිරීමය. ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණය මගින් මාධ්‍යවල කාන්තාවන් අවප්‍රමාණ කරන ආකාරය නිරීක්ෂණය කරනු ලබයි. එසේම ජනමාධ්‍යවල කාන්තාවන් අවප්‍රමාණ කිරීමට බලපාන්නා වූ බලය පිළිබදව විශ්ලේෂණය කරනු ලැබේ. ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද මෙමගින් උනන්දුවක් දක්වයි. මාධ්‍ය මගින් කාන්තාවන්ට එරෙහි වෙනස්කම් කිරීම විශේෂ අවධානයට ගනියි.
          පුරුෂයා මුලික කරගත් සමාජයක ස්ත්‍රිය දෙවෙනි පෙළ පුරුෂයෙකු බවට පත්වීම දැඩි විවේචනයට ලක් වන්නේ ස්ත්‍රීවාදී විචාරයන් අතිනි. පුරුෂෝත්තමවාදයට එරෙහිව මතවාදී අරගලයක් වර්ධනය වීමත් සමග එම දෘෂ්ටියෙන් කලා නිර්මාණ හා මාධ්‍ය සංදේශ විශ්ලේෂණය කිරීම ආරම්භ විය. ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණය තුළින් පුරුෂ මුලික චින්තනය විසින් කාන්තාවන් අවප්‍රමාණ කරන ආකාරය,සූරා කෑමට සහ පීඩනයට පත් කරන ආකාරය නිරීක්ෂණය කරයි. සංදේශකරණය තවමත් පුරුෂ මුලික ආධිපත්‍ය යටතේ පවතින නිසා සංදේශ සම්පාදනය සිදු වන්නේ පුරුෂ මුලික දෘෂ්ටිය ඔස්සේ බව ස්ත්‍රීවාදී විචාරකයෝ විවේචන ඉදිරිපත් කරති.  පුරුෂෝත්තමවාදී දෘෂ්ටිය විසින් සංදේශවල භූමිකා සැලසුම් කිරීමේදී හා චරිත නිර්මාණයේදී ස්ත්‍රිය පිළිබද පහළ අයෙක් ලෙස සලකා කටයුතු කිරීම නිසා ඔවුන් ලිංගික භාණ්ඩ ලෙසද,දුර්වල සත්ව කොට්ඨාසයක් ලෙසද, ගැඹුරු අර්ථවත් සමාජ දායකත්වයක් දිය නොහැකි පිරිසක් ලෙසද නිරුපණය වීම ස්ත්‍රීවාදී විචාරයේදී   විවේචනයට ලක් කෙරේ.
         මාධ්‍යවල ගැහැනිය ස්වභාවික ස්ත්‍රීන් ලෙස දක්නට නොලැබෙන බව මෙම විචාරකයෝ විශ්වාස කරති. මවුවරුන්, භාර්යාවන්,දියණියන්,පෙම්වතියන් ලිංගික භාණ්ඩ ලෙස නිරුපණය කරන අයුරු මෙම දෘෂ්ටිය මගින් විමසයි. විශේෂයෙන්ම මාධ්‍ය ආධිපත්‍ය පුරුෂයන් සතුව පවතින බවද මෙමගින් හදුනාගත හැකිය.
         ස්ත්‍රිය සහ ස්ත්‍රීත්වය පිළිබද වටිනාකම් බෙදා හැරීම උදෙසා මාධ්‍ය දායක විය යුතු වේ. ස්ත්‍රිය හා පුරුෂයා ලිංගිකව හා කායිකව වෙනස්කම් සහිත වුවද කාන්තාවට සමාජ ජීවිතය සමානව භුක්තිවිදීමට ඉඩ දියයුතු බව ස්ත්‍රීවාදී චින්තනය යෝජනා කරයි. මෙහිදී කාන්තාව හිංසනයට ලක්වීමේ අවස්ථා වැඩි බව අවබෝධ කර ගනිමින් ඇයට ඒ සදහා සුවිශේෂී පහසුකම් සපයා දියයුතු බව අවධාරණය කර්රනු ලැබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය නම් වූ සමාජ අගය ඉස්මතු කරනු ලබන්නේ මෙම අවශ්‍යතාව පදනම් කරගනිමිනි. 
    කාන්තා ගැටලු මාධ්‍ය මගින් විකෘති කිරීමෙන් ඒවාට පිතෘ මුලික දෘෂ්ටියක් ලැබේ. ස්ත්‍රියගේ වටිනා බොහෝ පැති මාධ්‍ය මගින් නොසලකා හැරීම විචාරයට ගත හැකි විය යුතුය. නිදසුනක් ලෙස රුපවාහිනී සංවාදාත්මක වැඩසටහන් සදහා මුල් කාලයේ ඇතුළත්  වුයේ පිරිමින් පමණකි. එම සංවාදාත්මක වැඩසටහන් සදහා කාන්තාව නියෝජනයට අවස්ථාව උදා වුයේ මෙකී ස්ත්‍රීවාදී විචාරකයන් ඔස්සේ එල්ල වූ විවේචන නිසාය. 
    නිර්මාණාත්මක සංදේශවල චරිත නිරුපණය සිදු කරන අන්දමද ස්ත්‍රීවාදී විචාරයේදී හසු කර ගනී. කරුණාසේන ජයලත් මහතාගේ 'ගැහැනු ළමයි' නවකතාව විශිෂ්ට නවකතාවක් ලෙස සම්මාන දිනා ගත් අතර එය ස්ත්‍රීවාදී විචාරකයන් විවේචනය කරන ලදී. ඒ එහි එන කුසුම්ගේ චරිතය නිරුපණය කර ඇති අන්දම අනුවය. එහි කුසුම් තමන්ට එල්ල වන පීඩනයෙන් සහ පෙම්වතා විසින් නිර්දය ලෙස හැර යාම වැනි තත්වයක් සාම්ප්‍රදායිකව ඉවසා බාරගෙන සිටීම ආදර්ශවත් දෙයක් ලෙස නිරුපණය කරතිබීම ස්ත්‍රීවාදී විචාරකයන්ගේ විවේචනයට හසු විය. වසන්ත ඔබේසේකරයන් නිර්මාණය කළ 'දඩයම' චිත්‍රපටියේ ස්ත්‍රිය පුරුෂයා විසින් තමා රැවටීමට ලක් කර දුෂ්ට ලෙස අත්හැර දැමීම ඉදිරියේ ඇය ඊට මුහුණදෙන ආකාරය ස්ත්‍රී සමාජය බලගැන්වීමට හේතු වන බව මෙම විචාරකයන්ගේ අදහස විය. මනමේ කුමරියද එම අවස්ථාවන්, පෞරුෂයන් අනුව සාධාරණව හැසිරෙන බව මනමේ නාට්‍ය මෙම චින්තනයට හසු කර ගත්තෝ පවසති.
     ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉදිරිපත් කිරීම්වලදී බොහෝවිට වැඩසටහන සරසන ප්‍රේක්ෂක ආකර්ෂණය ඇද ගැනීමට යොදා ගන්නා අලංකාරික වස්තුවක් ලෙස ඇය යොදා ගන්නවා මිස ඇගේ නිර්මාණශීලි ශක්තින් ලෙස සහභාගිත්වය ඇතුළු විභවතාවන් (හැකියාවන්) සැලකිල්ලට ලක් කරනු ලබන්නේ ඉතා අවම වශයෙනි. මාධ්‍ය නියෝජනය වැනි සංකල්ප මාධ්‍ය භාවිතය තුළ සිදුවන ඉහත කි ස්ත්‍රී පුරුෂ නියෝජනය සහ නිරුපණයේ ඌනතාවක් මග හරවා ගැනීමට යොදා ගත හැකිය.මෑතකදී පවත්වන ලද සමුළුවකදී ඇමරිකාව පාලනය කළ හිටපු කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ බැරක් ඔබමා මහතා ප්‍රකාශ කර සිටියේ ලෝකයේ නායකත්වය දරන්නන් සියල්ල කාන්තාවන් වුවහොත් වැඩ යහපත් හෙට දිනක් උදාවන බවයි. වැඩ යහපත් ලෝකයක් බිහි වන බවයි.



අභ්‍යාස :  කෙටි ප්‍රශ්න පොත භාවිතා කරන්න. 

1. මාක්ස්වාදී විචාරයේ පදනම සකස් කළේ කවුද? 


2. මාක්ස්වාදී විචාරය සදහා පාදක කර ගනු ලබන 'ආර්ථික නියතිවාදී සිද්ධාන්තය' පිළිබද අදහසක් ලබා ගැනීමට අදාල සටහන අදින්න.


3. මනෝ විශ්ලේෂණවාදී විචාරය සදහා පදනම සකස් කළේ කවුද? 


4. එතුමා සිත බෙදන කොටස් දක්වා ඒවා කෙටියෙන් හදුන්වන්න.


5. 'ජෝහාරිගේ කවුළුව' සංකල්පය නිර්මාණය කළේ කවුරුන්ද?


6. 'ජෝහාරිගේ කවුළුව' සංකල්පයට අදාළ රූ සටහන ඇද එම කොටස් 4ට අදාළ කරුණු ලියා දක්වන්න.




3. මාධ්‍ය සහ සංදේශයන්හි සම විෂමතා 


මාධ්‍ය සංදේශයන්හි සම විෂමතා විචාරය කිරීමට පහත කරුණු පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වේ. එනම්,
            1. සංදේශය කුමක්ද?

            2. නිර්මාණය කළේ කාටද? 

            3. කවුරුන්ද?

            4. කුමක් සදහාද?

            5. කුමන මාධ්‍යකින්ද? 

                         ආදිය පිළිබදව අවධානය යොමු කිරීම වැදගත්ය. කිසියම් මාධ්‍ය සන්දේශයක් විසුරුවා හැරීම සදහා නිවැරදිම ක්‍රමයක් නැත.අපගේ දැනුම,විශ්වාසයන්,අත්දැකීම් සහ සාරධර්ම මත පදනම්ව අපි එකිනෙකා වෙනස් ආකාරයෙන් මාධ්‍ය අර්ථ නිරුපණය කරමු.

          සංදේශයේ 'පෙළ' කුමක්ද? (අප දකින දෙය හෝ අසන දෙය, ලිඛිත හෝ කථික වචන, ඡායාරූප, චිත්‍ර සටහන්, ලාංඡන, නිර්මාණ, සංගීතය , ශබ්ද ආදිය) එහි එන වචන,රූප හෝ ශබ්ද මගින් යෝජනා කරන්නේ කුමක්ද?,සංදේශයේ පෙළ (text) යනු කුමක්ද?(එමගින් සැගවුණු හෝ නොපෙනෙන අර්ථ පිළිබද ඔබ සිතන්නේ කුමක්ද?) මාධ්‍ය සංදේශවල පෙළ සහ උප පෙළ (subtexts) අඩංගු වේ.

          මාධ්‍ය සංදේශ තුළ  පවත්නා වචන පින්තූර සහ ශබ්ද පෙළ වේ. උප පෙළ යනු සංදේශයේ සැගවුණු සහ යටින් පවතින අර්ථයයි. මාධ්‍ය නිර්මාණකරු වචන,රූප,ශබ්ද, සැලසුම් සහ අනෙකුත් අංග භාවිතා කරමින් සංදේශ සකස්කරන ආකාරය හෙළි කර ගත යුතුය. ඒ ඇසුරින් මාධ්‍ය නිෂ්පාදකයන්ගේ දෘෂ්ටිකෝණය,ඔවුන්ගේ වටිනාකම් සහ ඒවායේ පක්ෂපාතිත්වය සාකච්ඡා කළ හැකිය. ඒවායේ සැගවුණු අර්ථ සොයා ගත හැකිය.

     මාධ්‍ය සංදේශ තුළ  නිර්මාණකරුවන්ගේ වටිනාකම් සහ මත පිළිබිඹු කරයි. සෑම ග්‍රාහකයෙකුම කිසියම් දෘෂ්ටිකෝණයකින් දකියි. මාධ්‍ය මගින් සන්නිවේදනය කිරීමට අප භාවිතා කරන වචන, ශබ්ද, සහ රූප අපගේ මත පදනම්ව අපගේ වටිනාකම් සහ ආකල්පයන්ට බලපෑම් කරයි. මෙලෙස පුද්ගලයෝ සංදේශ ඔස්සේ තමන්ගේම අර්ථයන් මාධ්‍යයෙන් ලබා ගනිති.

         මාධ්‍යකරුවන් නිශ්චිතව ඉදිරිපත් කරන සංදේශ, ජනයා ඔවුන්ගේ පුර්ව දැනුම් සහ අත්දැකීම් ඔවුන්ගේ වටිනාකම් සහ ඔවුන්ගේ විශ්වාසයන් මත පදනම්ව ඒවා වෙනත් ආකාරයෙන් පිළිගෙන පරිවර්තනය කර ගනිති. මෙයින් අදහස් වන්නේ මාධ්‍යයේ එකම සංදේශයන් විවිධ උපපෙළ නිර්මාණය කළ හැකි බවයි. මෙහිදී අප ළග ඇති ' මාධ්‍ය මෙවලම්' භාවිතා කරන්නේ කුමන ආකාරයෙන්ද? එම මාධ්‍ය විසින් ඉදිරිපත් කරන ලද යහපත් සංදේශ මොනවද?,කුමනාකාර ඍණාත්මක සංදේශ ඉදිරිපත් කරන්නේද යන්න විමසිය යුතුය.

   මෙම කරුණු යටතේ සියලුම මාධ්‍ය සංදේශ (රූපවාහිනී වැඩසටහන්, පුවත්පත්, චිත්‍රපට , වෙළද දැන්වීම් ආදිය) මිනිසුන් විසින් සාදා හෝ ගොඩනගා ඇතිබව අවධාරණය කෙරෙයි. එම සංදේශ නිර්මාණය කළ තැනැත්තා කවරෙක්ද යන්නත් මාධ්‍ය සංදේශ ලබා දීමේ අදහස කුමක්ද යන්නත් අප තෝරා ගත යුතුය. එසේම මාධ්‍ය සංදේශ අපගේ අදහස්,ආකල්ප හා ක්‍රියාවන්ට බලපායි. ප්‍රචාරණය,ප්‍රවෘත්ති,චිත්‍රපට,පොප් සංගීත,වීඩියෝ ක්‍රීඩා සහ වෙනත් ආකාරවල මාධ්‍ය වැඩසටහන් පුද්ගල මනස කෙරෙහි බලපා ඇති ආකාරය විමසා බැලිය යුතුය.
         

      මාධ්‍ය බලගතු සංස්කෘතිය බලවේගයකි. චිත්තවේගීය බලපෑම වැඩිදියුණු කිරීම සදහා මාධ්‍ය සංදේශ හැසිරවිය හැකිය. චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍යවල තිර රචනය ශක්තිමත් කිරීම සදහා විවිධාකාර භාවිතයන්  (කැමරා කෝණ,විශේෂ ප්‍රයෝග,ආලෝක, සංගීත සහ ශබ්ද ප්‍රයෝග) යොදා ගනියි. සගරා,දැන්වීම් හෝ වෙබ් අඩවි සදහාම ආකර්ෂණිය සංදේශ නිර්මාණය කරයි. සංදේශ මගින් මාධ්‍ය මතවාද හා වටිනාකම් හුවමාරු කර ගනියි. උදාහරණයක් ලෙස ප්‍රවෘත්ති වාර්තාව (ගැටළුවක් හෝ සිද්ධියක් නිරාවරණය කිරීම හැරුණු කොට , ප්‍රවෘත්ති වාර්තා මගින් බලය හා අධිකාරිත්වය පිළිබද උපකල්පනය ශක්තිමත් කරයි.) සහ විශේෂිත නිෂ්පාදනය විකිණීම හැරුණුකොට වෙළද දැන්වීම් මගින් පාරිභෝගිකයන්ගේ වටිනාකම් නිරන්තරයෙන් ප්‍රවර්ධනය කරයි.
 



4. මාධ්‍ය සංදේශ ආධිපත්‍යය 


          මාධ්‍ය සංදේශ ආධිපත්‍යය යනු සමාජ සංස්කෘතික වටිනාකම් හා චින්තනය කෙරෙහි බල පවත්නා මාධ්‍ය බලයයි. පුවත්පත්, සගරා,රුපවාහිනිය,ගුවන්විදුලිය, අන්තර්ජාලය මෙලෙස ආධිපත්‍යය දරණ ආයතන ලෙස සැලකිය හැකිය. මෙම මාධ්‍ය අපගේ සංස්කෘතියේද,චින්තනයේද ආධිපත්‍යය දරයි.

          වර්තමානය වන විට ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ බොහෝ රටවල් මාධ්‍ය මගින්ද,වෙළදපළ මගින්ද,ධනවාදී රටවල් මගින්ද තම සංදේශ ආධිපත්‍යය මුදවා හරිනු පෙනේ. ඇමරිකාව,ඕස්ට්‍රේලියාව,ජර්මනිය,ජපානය මෙන්ම ඉන්දියාව මෙම සංස්කෘතික කර්මාන්තයේ දැවැන්තයෝ වී සිටිති. ඇමරිකාව හොලිවුඩ් චිත්‍රපට ඔස්සේ ලෝකය ග්‍රහණයට ගනිද්දී ඉන්දියාව බොලිවුඩ් චිත්‍රපට මගිනේයම සිදු කරමින් සිටි.

          ලෝකයේ බොහෝ රටවල් රූපවාහිනිය මගින් විකාශනය කරනු ලබන්නේ මෙම බහු ජාතික සමාගම්වල මාධ්‍ය නිෂ්පාදනයන්ය. මෙම මාධ්‍ය නිෂ්පාදන සන්නිවේදන ව්‍යාපාරයේදී සංස්කෘතික නිෂ්පාදන ලොව පුරා තම ව්‍යාප්ත වන්නේ තම ව්‍යාපාරික ලෝකයට අවශ්‍ය මතවදයන්ද සමාජයට ආරෝපණය කරමිනි.  "මෙගා ට්‍රෙන්ඩ්ස්"  2000 වාර්තාවලට අනුව ජාත්‍යන්තර වශයෙන් භාවිතයට ආ රුපවාහිනී වැඩසටහන් 75%කටත් වැඩ නිපදවනු ලබන්නේ ඇමරිකානු සමාගම් විසිනි.

      ආසියානු කලාපයේ මෙන්ම මැදපෙරදිග කලාපයේද බොහෝ රටවල රුපවාහිනී තීරයන් වසාගෙන ඇත්තේ ඇමරිකානු මෙන්ම ඉන්දියානු චිත්‍රපට සහ ටෙලිනාට්‍යවලිනි.

      අද වන විට සමස්ත ලෝකයේම මාධ්‍ය මෙහෙයවන බහු ජාතික සමාගම් කිහිපයක එකධිකාරිත්වයට නතු වී තිබේ. ඉන් කිහිපයක් පිළිබද කරුණු මෙසේය.

1. ටයිම් වෝර්නර් මාධ්‍ය සමාගම 

      මෙය ලොව විශාලම ප්‍රාග්ධනයක් සහිත මාධ්‍ය සමාගමක් වේ. ඊට පොත් ප්‍රකාශන ආයතන 19ක් ඇති අතර කේබල් රුපවාහිනී විශාල ප්‍රමාණයක් පවතී. රටවල් 12ක ව්‍යාප්ත වී ඇති චිත්‍රපට හා රුපවාහිනී මෙහෙයුම් 19ක් අයත්ය.සගරා 69ක් අයත්ය. සංගීත නිෂ්පාදන වෙළද නාම 50කට වැඩ වැඩි වේ. 


2. වෝල්ටි ඩිස්නි සමාගම

ඇමරිකාවේ ABC රූපවාහිනී සහ ගුවන්විදුලි ජාලවල ප්‍රමුඛ අයිතිය සහ රූපවාහිනී නාලිකා කිහිපයක් මෙන්ම දුරකථන සමාගම් කිහිපයක්  සම්බන්ධතා සහිතය. ලෝකය පුරා පවතින 550කට අධික වෙළද ආයතනවල පාරිභෝගික භාණ්ඩවල වෙළදාම,පොත් ප්‍රකාශන ආයතන 14ක,සගරා 15ක,රූපවාහිනී ආයතන 13ක, රූපවාහිනී නිෂ්පාදන ආයතන 4ක චිත්‍රපට නිෂ්පාදන හා බෙදා හැරීම් ආයතන 8ක,මුල්‍ය ආයතන 2ක,බහුජාතික ආයතන 18ක සහ සංගීත නිෂ්පාදන ආයතන 5ක අයිතිය මෙම සමාගම සතු වේ. 

3. බර්ටෙල්ස්මන් සමාගම 

    ජර්මන් ප්‍රධාන රූපවාහිනී 6ක හිමිකාරිත්වය , බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා නෙදර්ලන්ත රූපවාහිනී නාලිකාවල කොටස් හිමිකාරිත්වය ,යුරෝපිය රූපවාහිනී නාලිකා 19ක් සහ ගුවන්විදුලි නාලිකා 23ක් ,සගරා හා පුවත්පත් 100කට අධික හිමිකාරිත්වය, ඉංග්‍රීසි,ජර්මන් හා පොත් ප්‍රකාශන ආයතන 76ක හිමිකාරිත්වය ඇතුළු විශාල මාධ්‍ය හිමිකාරිත්වයක් සතුය.

4. වියකොම් සමාගම 

  ඇමරිකානු රූපවාහිනී ආයතන 13ක හිමිකාරිත්වය, ඇමරිකාවේ UPN  ආයතනයේ 50%ක හිමිකාරිත්වය, ඇමරිකාව තුළ ගෝලීයව ක්‍රියාත්මක වන කේබල් රූපවාහිනී 5ක හිමිකාරිත්වය ටයිම් වෝර්නර් සමාගමේ Comedy Central  සමාගමේ 50%ක හිමිකාරිත්වය, ලොව ප්‍රධාන චිත්‍රපටි සමාගම් තුනෙන්  එකක් වන United  Cimas Interitioil සමුහයක හිමිකාරිත්වය පොත් ප්‍රකාශන ආයතන සමුහයක හිමිකාරිත්වය ආදී පුළුල් මාධ්‍ය වපසරියක් මොවුන් ද සතුය.

ඉහත සමාගම්වලට අමතරව තවත් සමාගම් රාශියකි. 

1. නිවුස් කෝපරේෂන් 

2. සෝනි සමාගම 

3. මේරීසන් කොමියුනිකේෂන් කෝපරේෂන් 

4. ද හියරිසම් කෝපරේෂන්

5. T. C . I . සමාගම 

6. මීඩියා ජර්නල් 

7. ලිබර්ටි ග්රෑන්ඩ් පබ්ලිෂින් 

8. ඩේව් ජෝන්ස් සමාගම 

9. ලිබර්ටි මීඩියා කෝපරේෂන්

10. ද නිවුයෝක් ටයිම් කම්පැනි 


         ආදී වශයෙන් සමස්ත මාධ්‍ය හිමිකාරිත්වය යටත් කර ගන්නා අන්තර්ජාතිකව ව්‍යාප්ත වී ඇති සමාගම් පවතී. 

      නිදර්ශනයක් ගෙන පැහැදිලි කළහොත්  රූපවාහිනි ප්‍රවෘත්ති ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්ති තුළ වෙළද භාණ්ඩ නිෂ්පාදනය කරන ක්‍රියාවලියට පිවිසිය හැකි අයුරු විමසිය හැකිය. මාධ්‍ය සංදේශ ආධිපත්‍ය ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික බලවේග මත බිහි වේ. මෙලෙසින් මාධ්‍ය ධනේශ්වරයේ උපකරණයකි. සාමාජිය ආධිපත්‍යක තත්වය පවත්වාගෙන යාමට ධනවත්තු හා බලවත්තු මාධ්‍ය යොදා ගනිති. එමගින් ඔවුන්ටම රුචි මාධ්‍ය මගින් දෘෂ්ටිවාදය බෙදා හැරීම සිදු කරති.  රූපවාහිනි හා සිනමාව වැනි මාධ්‍යවල පවත්නා ආධිපත්‍යක ස්වරූපය ප්‍රබලය. රූපවාහිනිය දේශපාලනික හා ව්‍යාපාරික පාර්ශවයන් විසින් මෙහෙයවනු ලබන බැවින් ඒ ඒ බලයන්ට යටත්ව මාධ්‍ය සංදේශ ගොඩ නැගේ.

     සන්දේශයක මුලාශ්‍රය, ග්‍රාහකයා , පෙළ, උප පෙළ , අභිප්‍රේරණ ,ප්‍රයෝග හා දෘෂ්ටිකෝණ විචාරයට භාජනය කිරීමෙන් සන්දේශයක ස්වභාවය හදුනා ගැනීමට හැකි වේ. නුතන මාධ්‍ය ක්ෂේත්‍රයේ පෙළ සන්දේශ ( Text Message ) බහුලව දැකිය හැකිය. මේ විචාර දෘෂ්ටි ඔස්සේ එවැනි දේද විමසීම යෝග්‍ය වේ. 
      
       මාෂල් මැක්ලූහන් නමැති සන්නිවේදන විශේෂඥයා පවසන්නේ " මාධ්‍යයම සංදේශය වේ. " යනුවෙනි. එමගින් මාධ්‍ය තාක්ෂණයෙන්ද සංදේශ බිහිවන බව කියවේ. 

       මීට අමතරව පරස්පර දෘෂ්ටින් මාධ්‍යවල පවතින බව අපි දනිමු. එසේ වුව එම පරස්පර විරෝධී දෘෂ්ටිවාද සංකේතාත්මකව ධනවාදී ලෝක දෘෂ්ටිය ඒකාබද්ද කිරීමක් ලෙස මෙමගින් අර්ථ දක්වයි. මාධ්‍ය සංදේශ ආධිපත්‍ය ඍජු හා වක්‍ර ලෙස ලෙස පැවතිය හැකිය. කිසියම් ප්‍රවෘත්තියක් , සන්දේශයක් ආයතනික මාර්ගෝපදේශනය ,ආයතනික මාධ්‍ය සම්මුති හෝ අධිපතිවාදී මතය මගින් සකස් කරන සංදේශයේ දිශානතියට අනුව ගොඩනැගෙන අයුරු විචාරය කළ හැක. 


5. මාධ්‍ය ආර්ථිකය 


          මාධ්‍ය ආර්ථිකය යනු පසුගිය වසර 40 පුරා සැලකිය යුතු වර්ධනයකට ලක්ව ඇති අධ්‍යනය ක්ෂේත්‍රයක් වේ.  මාධ්‍ය කර්මාන්තය මත ගොඩ නැගෙන  මාධ්‍ය ආර්ථිකය වෙළද දැන්වීම්කරුවන් , ග්‍රාහකයා හා මාධ්‍ය අතර නව සම්බන්ධතාවකි. සන්නිවේදනය යනු වෙළද සංස්කෘතියකි. සන්නිවේදන පද්ධති මගින් වෙළදපොල සදහා යටිතල පහසුකම් සපයයි. මාධ්‍ය ආර්ථිකය , මාධ්‍ය අයිතිය අධ්‍යයනය කරන නව ප්‍රවේශයකි. මාධ්‍ය ආර්ථිකය  දරා සිටින්නේ තොරතුරු සපයන්නන් සහ විනෝදාස්වාදය සපයන සැපයුම්කරුවන්ය. මාධ්‍ය සමාගමක් යනු කුමක්ද සහ එහි අභිප්‍රේරණ කුමක්ද හා ඊට අදාළව හෝ පවතින තරගකාරී වෙළදපොල කුමක්ද යනාදිය හදුනා ගැනීම මාධ්‍ය ආර්ථිකයට අයත් වේ.

         මාධ්‍ය යනු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිට නිර්මාණාත්මක අදහස් දක්වා පුළුල් විෂය ක්ෂේත්‍රයක් ආවරණය වන සංකීර්ණ කර්මාන්තයකි. කෙසේ වෙතත් මුලික මට්ටමේ දී මාධ්‍ය ආර්ථික අධ්‍යයනය අවධානය යොමු කරන්නේ මාධ්‍ය කර්මාන්තයේ ප්‍රධාන සමාගම්, පාරිභෝගිකයන් හා මාධ්‍ය පරිසරය පිළිබදවය. එලෙසින් නිෂ්පාදකයන්, නරඹන්නන්, දැන්වීම්කරුවන්, ආණ්ඩුව සහ ප්‍රජාව අතර සබදතා විශ්ලේෂණය අවබෝධ කර ගැනීමට මාධ්‍ය ආර්ථිකය  අපට උපකාරී කර ගත හැකිය.

   

6. මාධ්‍ය හා තාක්ෂණය 




#  ඒ ඒ මාධ්‍යන්ට අදාළ තාක්ෂණය මෙහිදී අවධානයට ලක් කෙරේ.


# මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ලෙස වර්ධනය වූ යාන්ත්‍රික මාධ්‍ය ගුවන් විදුලිය හා රූපවාහිනිය ඔස්සේ විද්‍යුත් බවට පත් විය. ඉන් අනතුරුව සංඛ්‍යාංක මාධ්‍ය ඔස්සේ විවිධ වූ  නව මාධ්‍ය තාක්ෂණයෙන් බිහි වී ඇත.


# නුතන මාධ්‍ය තාක්ෂණයන්  අවබෝධ කොට ගත යුත්තේ මානුෂිය අර්බුද විසදන පදනමින්ය. මාධ්‍ය තාක්ෂණය හා නිදහස විමසිය යුතුය. නිදසුනක් ලෙස අන්තර්ජාලයෙන් පෞද්ගලිකත්වය හා ප්‍රකාශන නිදහස විචාළ යුතුය. ගෝලීය වශයෙන් මාධ්‍ය තාක්ෂණය භාවිතා වන අයුරු හදුනා ගත යුතුය. පුරවැසි මාධ්‍ය හා අන්තර්ජාල තාක්ෂණය සංඛ්‍යාංකකරණය හා මාධ්‍ය ව්‍යාපාර කෙරෙහි මාධ්‍ය තාක්ෂණය සම්බන්ධ වේ. 


# නව මාධ්‍ය හමුවේ රූපවාහිනී වෙළද ප්‍රචාරණ වීඩියෝ,වීඩියෝ ක්‍රීඩා, සංයුක්ත තැටි ගීත, පරිගණක ,ජංගම දුරකථන හා අන්තර්ජාල වශයෙන් භාවිත තාක්ෂණය අප අවබෝධ කර ගත යුතු වේ. සමාජ ජාල අඩවිවල ඡායාරූප , කතා , වීඩියෝ හා විවිධ කලාත්මක දෑ හුවමාරු කර ගන්නා තාක්ෂණය පිළිබද විමසිය යුතු වේ. 


# නව මාධ්‍ය ලෝකයේ ඇති යථාර්ථය වටහා ගත හැකි වන්නේ එවන් විචාරාත්මක පරිසරයක පමණි. නුතන සමාජයේ තාක්ෂණය හා මාධ්‍ය භාවිතයෙන් සිදු වන සමාජ සමතුලිතතාවය හා සමාජ විපරිණාමය පිළිබද දැනුවත් වීමට මෙම මාධ්‍ය තාක්ෂණය විමසීම වැදගත් වේ. මාධ්‍ය ගෝලීයකරණයේ වාසි සහ ගැටලු ඔස්සේ අවධානයට ගත හැකිය. තාක්ෂණය, ගෝලීයකරණය වැනි කරුණු තේරුම් නොගතහොත් අපට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වනු ඇත. 
                                              

  # විවිධ සමාජීය දෘෂ්ටිකෝණවලින් මාධ්‍ය හා තාක්ෂණය විශ්ලේෂණය කර සාකච්ඡා කිරීම ඉතා වැදගත් විචාරශීලි අවශ්‍යතාවක් වේ. මානව සමාජයේ අන්තර්ක්‍රියාකාරිත්වය උත්සන්න වී ඇති අයුරු  හදුනා ගැනීමට තාක්ෂණයේ බලපෑම විමසිය යුතුය.


# එසේම වර්තමානයේ තාක්ෂණය නවීන සමාජයක් හා දෛනික ජිවිතයක් බවට පත් කරයි. විශේෂිත කාලවලදී වූ විශේෂිත වූ තාක්ෂණික බලපෑම හා ඒවායෙන් විශේෂිත ක්‍රියාකාරිත්වය පිළිබද විමසීම යනාදිය මෙයට අදාළ වේ.


# මාධ්‍ය තාක්ෂණය බලය, දේශපාලනය, වෙළදපල නියෝජනය වන ආකාරය මෙහිදී ගැඹුරින් අධ්‍යනය කිරීම වර්තමානයේ අවශ්‍යතාවයකි.




අභ්‍යාස :  රචනා ප්‍රශ්න පොත භාවිතා කරන්න. 


1. ස්ත්‍රීවාදී විචාරයේ වැදගත්කම හා භාවිතාව පිළිබද විග්‍රහ කරන්න.


2. මාක්ස්වාදී විචාරයේ වැදගත්කම හා භාවිතාව පිළිබද විග්‍රහ කරන්න.





7. මාධ්‍ය හා සංස්කෘතිය 


# සංස්කෘතික අවබෝධය මාධ්‍ය විචාරයට අත්‍යවශ්‍ය වේ. සංස්කෘතිය විවිධාකාරය. සංස්කෘතිය ජනප්‍රිය, උප ,ප්‍රති ,ඉහළ ,පහළ, ප්‍රභූ, ජන ආදී වශයෙන් සංස්කෘති වර්ග කළ  හැකි වේ.

# නිදසුනක් ලෙස ගත විට රූපවාහිනිය වැදගත් සංස්කෘතික බලවේගයක් වේ. එය සමාජයේ පරමාදර්ශී හා යථාර්ථවාදී දර්ශනයක් පිළිඹිබු කෙරෙන නීති හා භූමිකා පිළිබද පාඩම් සපයයි. එසේම රූපවාහිනිය යනු සාමාජිය, වෘත්තීය, සමාජ පන්තිය, පරිත්‍යාග හා අනුකුලතාව, ජාතික සහ වාර්ගිකත්වය පිළිඹිබු කෙරෙන විවේචනාත්මක ලෙස හැඩගස්වන සාමාජිය ආයතනයකි.

# සමාජ, වෘත්තීය, ධනාත්මක හා ඍණාත්මක සංස්කෘතික වටිනාකම් යනාදිය රූපවාහිනී වැඩසටහන් තුළ බෙදා හදා ගනී. මාධ්‍ය හා සංස්කෘතියට අදාළ ගුණාංග, ආකල්ප සහ හැසිරීම් මොනවාද? මාධ්‍ය භූමිකාවන් මානසිකව,චිත්තවේගීව ආර්ථික වශයෙන් මෙන්ම ආත්මීය වශයෙන් විචිත්‍ර ලෙස පින්තාරු කර තිබේද? විවිධ වැඩසටහන්වල එහි චරිතයන්ගේ වචන සහ ක්‍රියාවන් වෘතාන්තවලින් සංස්කෘතික  වශයෙන් ඍජුව සහ වක්‍රව සන්නිවේදනය කරනු ලබන්නේ කුමක්ද? ආදී කාරණා පිළිබදව විචාරශීලිව විමසා බැලිය යුතුය.


8. මාධ්‍ය හා මායාව

            බොහෝ විට මාධ්‍ය මගින් ගොඩනගන ජනමත මිත්‍යාව සමග බැදී පවතී. වෙළද දැන්වීම්වල දැක්වෙන විවිධ සංඥා මගින් මිත්‍යා අර්ථකථන සැපයේ. ප්‍රචාරණය තුළ මිත්‍යාව පවතී. අප ක්‍රියා කරන ආකාරය පිළිබදව තීරණය වන්නේ අප තේරුම් ගන්නා පද්ධතිය ගොඩනගා ගන්න ආකාරය අනුවය. මාධ්‍ය සංදේශවල මිත්‍යාව අප වෙන් කර හදුනාගැනීම කළ යුතු වේ. සත්‍ය වුවද අසත්‍ය දෙයක් වුවද මාධ්‍ය මගින් කාලයක් විසුරුවාහරින විට ඒවා සත්‍යලෙස පිළිගැනේ.   

         වර්තමානයේ මාධ්‍ය මගින් පෙන්වන දැන්වීම්වල පෙළ හා රූප මගින් මිත්‍යාව ජනනය කෙරේ. නිදසුනක් ලෙස කාන්තාව විලාසිතාවක් ලෙසද වෙළද භාණ්ඩයක් ලෙසද යොදා ගැනීම සිදු කරන්නේ මිත්‍යාමය අලංකාර භාවිතා කරමිනි. එපමණක් නොව අද මාධ්‍ය වැඩසටහන් විවිධ ප්‍රවෘත්ති ලිපි ආදී සෑම දෙයම තුළ මිත්‍යාව සැගවී ඇති අන්දම අපට හදුනාගත යුතුය. 



විචාරශීලි ග්‍රාහකයා 

       මාධ්‍ය මගින් ලැබෙන සෑම තොරතුරක්ම සෑම අංගයක්ම නිර්මාණය කර ඇති දේවල්ය. මාධ්‍යන්ගෙන් පිරි සමාජ පරිසරයක ජිවත්වන පුද්ගලයන් ලෙස ජන මාධ්‍ය තේරුම් ගැනීම, විමර්ශනාත්මකව මාධ්‍ය සන්දේශ වටහා ගැනීම සහ මාධ්‍යයේ මායාව හා යථාර්ථය තේරුම් ගැනීම ඇතුළු මාධ්‍ය සාක්ෂරතා ලක්ෂණ විචාරශීලි ග්‍රාහකයකු සතු විය යුතුය.

        විචාරශීලි ග්‍රාහකයා  සැම විටම සක්‍රීය වේ. සක්‍රීය ග්‍රාහකයා තොරතුරු ලැබෙන්නේ කෙසේද? , කාගෙන්ද?, කොහෙන්ද? යන්න පිළිබද විමසයි. සක්‍රීය ග්‍රාහකයෙක් විශ්වාස කළ හැකි මුලාශ්‍රවලින් තොරතුරු ලැබේදැයි සැම විටම විමසා බලයි. මාධ්‍ය සංදේශ ඒ ආකාරයෙන්ම බාර නොගැනීමටත්, ඒවා පිළිබද ප්‍රශ්න කිරීමටත් සක්‍රීය ග්‍රාහකයා යොමු වේ.  
 
      සක්‍රීය මාධ්‍ය ග්‍රාහකත්වය අපට නිසගයෙන්ම හෝ සහජයෙන් ලැබෙන බලයක් නොව එය හැදෑරිය යුතු විෂයක් වේ. එමගින් නොයෙකුත් ජන මාධ්‍ය , ජනප්‍රිය සංස්කෘතිය නව තාක්ෂණය පිළිබදව විචාරශීලිව විමසා බැලීමට අවස්ථාව ලබා දේ. 
      
     

විචාරශීලී ග්‍රාහකත්වය කෙරෙහි බලපාන සාධක 

විචාරශීලී ග්‍රාහකත්වය,මාධ්‍ය සාක්ෂරතාව සෑම පුරවැසියෙකුම බල ගන්වයි. ජන මාධ්‍යවලින් මවන මායාකාරී ලෝකයෙහි යථාර්ථය හදුනා ගැනීම උදෙසා විචාරශීලීත්වය අපට මග පෙන්වයි. 
 
    විචාරශීලී ග්‍රාහකයෙකු සතු විය යුතු කුසලතා

1. විශ්ලේෂණය  ( Analysis )
              
              මින් අදහස් වන්නේ සන්දේශයක් තේරුම් ගත හැකි ආකාරයෙන් එය කොටස්වලට වෙන් කර ගැනීමයි. මාධ්‍යයන් මගින් ලැබෙන සංදේශය හෝ තොරතුරු ඒ අයුරින්ම පිළි ගැනීමට හෝ එම තොරතුරු වෙන් වෙන් වශයෙන් ගැඹුරින් ඒවායේ අර්ථ අනුව කොටස්වලට වෙන් කර ඒවා ඉදිරිපත් වී ඇති ආකාරය විභාග කිරීමට හැකි වේ. නිදසුනක් ලෙස පුවත්පතක පළවන පුවතක් ගත් විට එය ලියන පුවත්පත් කලාවේදියාගේ අදහස ලියවී ඇති ආකාරයට ම පිළිගැනීමට හෝ එම පුවතේ සමබරතාව පරික්ෂා කිරීමට අපට හැකිය. එම පුවත කවරෙක්ද ?, කුමක්ද?, කවර දිනකදිද?,කුමන ස්ථානයකදීද?, කුමක් නිසාද? යනුවෙන් ප්‍රශ්න කර එය සම්පුර්ණ පුවතක්ද?, අසම්පුර්ණ පුවතක්ද? යනුවෙන් නිගමනය කළ හැකි වේ. 


2. ඇගයීම ( Evaluation )

        මින් අදහස් වන්නේ ප්‍රවෘත්තියක නැත්නම් තොරතුරක යෝග්‍යතාව හෝ අයෝග්‍යතාව තක්සේරු කිරීමය. මෙහිදී කළ යුත්තේ ප්‍රවෘත්තියක ඇතුළත් තොරතුරු යම් මිනුම් දණ්ඩකට, ප්‍රමිතියකට අනුව සමාන කර හෝ සංසන්දනය කර බැලීමයි. මාධ්‍ය විශාරදයන් ලියන මතිමතාන්තර තොරතුරුවල ඇතුළත්වන විට ඒවා කටපාඩමින් අපගේම සිතුම් පැතුම් බවට පත් කර ගැනීම හෝ ඒවා අපගේ අදහස් සමග සංසන්දනය කර බැලීම කළ හැකිය. අපගේම ප්‍රමිතීන් හා ඒවා සමාන වුවහොත් ඒවා නිවැරදි මතිමතාන්තර ලෙස අපට පිළිගත හැකි වේ. එහෙත් අප තුළ ඇති ප්‍රමිති අනුව ඒවා නුසුදුසු හෝ අයෝග්‍ය යැයි දැනුනහොත් අපට ඒවා ප්‍රතික්ෂේප කළ හැකිය. 

3. කාණ්ඩකරණය ( Grouping ) 

  තොරතුරක නැතහොත් ප්‍රවෘත්තියක එන කරුණුවල සමාන අසමාන කොටස් සංසන්දනය කිරීම මෙයින් අදහස් වේ. මේ සදහා වර්ගීකරණ රීතිය අපට උපකාරී වේ. යම් යම් දේ වර්ග කළ  යුත්තේ කෙසේදැයි මාධ්‍ය අපට නිරතුරුවම කියා දෙන අතර එය ඒ ආකාරයෙන්ම පිළිගතහොත් ඔවුන්ගේ වර්ගීකරණයට අනුව කටයුතු කිරීමට අපට සිදු වේ.එහෙත් එම මාධ්‍ය වර්ගීකරණයන්ගේ හොද නරක අප පිළිගත් වටිනාකම් සහ අපගේම වර්ගීකරණයන් අනුව සංසන්දනය කර බලන විට වඩා අර්ථවත්, ගුණාත්මකබවින් යුතු නිවැරදි වර්ගීකරණයක් අපට සාදා ගත හැකිය.


4. අනුමානය ( Induction ) 

     මෙයින් අදහස් කරනුයේ කුඩා කරුණු ප්‍රමාණයක විද්‍යමාන වන රටාව හදුනාගෙන ඊට වඩා විශාල කරුණු ප්‍රමාණයක පොදු රටාව හදුනා ගැනීමයි. උදාහරණයක් ලෙස ජනමත විචාරණයක ප්‍රතිඵල අප විභාග කර බැලුවහොත් බොහෝ දෙනා කරන්නේ මාධ්‍ය ඔස්සේ ගලා එන තොරතුරු මතම පමණක් සබැ ජන මතය එයයි සිතීමය. බොහෝවිට සැබෑ තත්වය එසේ විය නොහැකිය. එවිට අප අනුමානය සකසා ගත යුත්තේද අපද සක්‍රිය ග්‍රාහකයකු බවට පත් වීමෙනි. 

5. නිගමනය ( Deduction )
  
   එනම් පොදු කරුණු උපයෝගී කරගෙන විශේෂ දෙයක් පැහැදිලි කිරීමට උත්සහ කිරීමය. මෙලෙස පොදු දේවල් පිළිබද වැරදි ආකල්ප අපතුළ පැවතියහොත් අනෙකුත් කරුණුත් ඒ අයුරින් වැරදි ලෙස විස්තර කිරීමට අප පෙළඹිය හැකි ය. 
  


අභ්‍යාස :  රචනා ප්‍රශ්න පොත භාවිතා කරන්න.  

මාධ්‍ය සංදේශ ආධිපත්‍ය යනු කුමක්දැයි පැහැදිලි කර එවැනි සමස්ත ලෝකයේම මාධ්‍ය මෙහෙයවන බහුජාතික සමාගම් 4ක් පිළිබද කරුණු ගෙන හැර දක්වන්න.



6. සංශ්ලේෂණය ( Synthesis )

                  එනම් තිබෙන කොටස් එකතු කර නව ව්‍යුහයක් ගොඩ නගා ගැනීමයි. ඥාන ව්‍යුහයන් ගොඩනගා ගැනීමේදී මෙය අපගේ ප්‍රාථමික සමත්කමක් නැතහොත් කුසලතාවක් වේ. නව තොරතුරු මාධ්‍යයන් මගින් අප වෙත ගලා එද්දී ඒවා අප විශ්ලේෂණය හෝ ප්‍රයෝජනවත් තොරතුරු කාණ්ඩ ලෙසද තබා ගත යුතුය. එම කරුණුවල ප්‍රයෝජනවත්භාවය, විශ්වසනීයත්වය, ප්‍රසන්න බව අප තක්සේරු කළ යුතුය. අපට හොදයැයි සිතෙන කරුණු අප තුළ තිබෙන ඥාන ව්‍යුහයන් සමග එකතු කර ගත යුතුය. නව ඥාන ව්‍යුහ නිර්මාණය කිරීම හෝ නව රටාවක් සලකා බැලීම මේ නිසා සිදු වේ. එම නිසා නව ප්‍රස්තුතයන් ගොඩ නැගීම යනු අපට ලැබෙන අලුත්ම මාධ්‍ය තොරතුරු නැවත සකසා තෝරාබේරා අප තුළ තිබෙන ඥාන ව්‍යුහයන් අලුත් කර ගැනීම වේ. 


7. වියුක්තිකරණය ( Abstraction )

                   එනම් තොරතුරක අඩංගු හරය නිරවුල්ව හා පැහැදිලිව කෙටියෙන් ගොනු කිරීමය. උදාහරණයක් වශයෙන් මාධ්‍යක් මගින් ලබා දෙන සන්දේශයක් තවත් අයෙකුට විස්තර කරන විට හෝ එම සංදේශය ම නැවතත් අපගේ මනසින් මතක් කර ගන්නා විට අප විසින් මෙම කුසලතාව ප්‍රයෝජනයට ගනු ලබයි. මෙම කුසලතාව ඉතා හොදින් පෙන්විය හැක්කේ මාධ්‍යයෙන් ඉදිරිපත්වන සංදේශයෙන් කියවෙන පුළුල් අර්ථයෙහි මුලික අදහස ඉතා සංක්‍ෂිප්තව ග්‍රහණය කර ගැනීමෙනි.  


6.3 මාධ්‍ය සංදේශ විශ්ලේෂණය 

         මාධ්‍ය සන්දේශයක් විශ්ලේෂණය කිරීම ඉතා සියුම් විද්‍යාත්මක අභ්‍යාසයක් බව පැහැදිලිය. මාධ්‍ය සංදේශයක් සකස් කර ගන්නා අයෙක් ඒ සදහා විවිධ ස්වරූප හා විධික්‍රම භාවිතා කරයි. ඔහු පිටුපස සිටින හිමිකාරිත්වය සහ අනුග්‍රාහකත්වය ඔහුව මෙහෙයවයි. ඔහු විසින් දරා සිටින දෘෂ්ටිවාදය හෝ හිමිකාරිත්වයේ දෘෂ්ටිවාදයට අනුගතව ඔහු සංදේශය සම්පාදනය කරයි. ඔහුගේ අත්දැකීම් පසුතලයෙහි සවිඥානික ව මෙන්ම අවිඥානික ව ගොඩනැගී ඇති දැනුම, අත්දැකීම් යනාදිය සංදේශය ගොඩ නැගීමට පාදක වේ. සංදේශකරණය පිළිබද ඔහු ගොඩ නගාගෙන ඇති පරිචය හා දක්ෂතාව සංදේශය පුරා ගමන් කරයි. සංස්කෘතිය විසින් ඔහුට පවරා ඇති ආකල්ප සහ ඇගයුම් ද සංදේශය තුළට කාන්දු වේ. ඔහු හදාරා ඇති විවිධ පෙළඹවීම් ක්‍රම තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔහු යොදා ගනී. එමෙන්ම ඔහු තීරණය කරන කුලය,ආගම,ප්‍රදේශය, වයස,ජිවන අත්දැකීම්,ඔහුගේ පෞරුෂයට අදාළ ධනාත්මක හෝ ඍණාත්මක කරුණු ඔහු අයත් සමාජ පන්තිය, ඔහු කැමති සමාජ පන්තිය ආදී බොහෝ කරුණු පදනම් කරගෙන සන්දේශයක් ගොඩ නැගේ. මේවා ලබන ග්‍රාහකයා ඒවා නිවැරදි ව විශ්ලේෂණය කර ගත යුත්තේ මෙම කරුණු නිසාය. මාධ්‍ය විශ්ලේෂණය කිරීම සදහා යොදා ගත හැකි කරුණු පහත පරිදිය.


1. අර්ථය ( Meaning )

            එනම් ඍජු ප්‍රකාශිත නොවන යමක් පිළිබදව පැහැදිලිව සන්නිවේදනය කිරීමය. එනම් වචනයක්, පාඨයක්, සංකල්පයක්, චිත්‍රයක්, ගීතයක් ආදී අදහස කියා පෑමය. මෙලෙසින් අදහස් කරන හෝ ප්‍රකාශිත හෝ ඇඟවුම් කර ඇති දේ අර්ථය නම් වේ. 

            සන්නිවේදකයා යම් අවස්ථාවක යමක් ප්‍රකාශ කිරීමෙන් අදහස් වන්නේ කුමක්ද යන්න සැඟවුණු අර්ථ ගෙන දේ. නිදසුනක් ලෙස ' මම ගිහින් එන්නම්' යන්නෙන් ඇඟවුම් කරන්නේ යන බව මිස එන බවක් නොවේ. ' මට සීතලයි' යන වාක්‍යයේ අර්ථය කවුළුව වසා දැමීමේ ඉල්ලීමක් හෝ පෙරවීමට රෙද්දක් ඉල්ලීම විය හැකි වේ. එම නිසා මාධ්‍ය සංදේශ විශ්ලේෂණය කිරීමේදී සංදේශයෙන් සන්නිවේදනය වන අර්ථයන් අප පරීක්ෂාවෙන් හදුනාගත යුතුය.

2. අදාළ බව ( Appropriateness ) 

         එනම් සංදේශය තුළින් කිසියම් අදහසක් ඉදිරිපත් කිරීමට අරමුණු කර ගන්නා ඊට යොදා ගන්නා සියලු සන්නිවේදන උපක්‍රම උචිත අන්දමින් ගළපා තිබේද යන්න සොයාබැලීම මෙහිදී සොයා බැලිය යුතුය. නිදසුන් කිහිපයක් මෙසේය. වේග රිද්ම ගායකයන් සමාජ ඛේදවාචක ඇසුරින් කළ නිර්මාණයන් සදහා ග්‍රාහකයන් නර්තනයේ යෙදෙන්නේ නිර්මාණයේ තේමාව ගැන සලකා නොව එහි රිද්මයටය. ටයරයක් විකිණිමට කාන්තාවකගේ අඩ නිරුවත ප්‍රදර්ශනයේ අදාළත්වය කුමක්ද? ශ්‍රව්‍ය දෘශ්‍ය සන්දේශයකදී යොදාගන්නා රූපරාමු, පසුතල,ඇදුම් පැළදුම්,අංගරචනා,පසුබිම් සංගීතය, ආලෝකය, කැමරා කෝණ යනාදියේ ඇති අදාළත්වය ගැන විමසා බැලීම මෙහිදී සොයා බැලිය යුතු වේ. 

                   
3. පෙළඹවිම ( Persuasion )

     සෑම සන්දේශයකම පාහේ අභිප්‍රේරණය හදුනාගත හැකි අනිවාර්ය අංගයක් වේ. මෙම පෙළඹවිම ප්‍රධාන ආකාර තුනකින් ක්‍රියාත්මක වේ. 

1. ආකල්ප වෙනස් කිරීම. 

 2. හැසිරීම් වෙනස් කිරීම. 

 3. කාලයත් සමග වෙනස් කිරීම 

     නුතන මාධ්‍ය තුළ අදවන විට සංවර්ධනාත්මක පෙළඹවීම් සන්දේශයන්ට වඩා වාණිජ අරමුණු පදනම් කරගෙන සංදේශ මුදා හරිනු පෙනේ. 


4. පක්ෂපාතිත්වය  ( Bias )

        මින් අදහස් වන්නේ යම් ආකාරයකට එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට විශේෂත්වයක් දැක්වීමය. ඇතැම් සංදේශවල යම් නිශ්චිත කරුණු හෝ විස්තර කපා හැර අනෙකක් ඇතුළත් කරනු ලැබේ. ඒ අනුව පක්ෂපාතිත්වය ඇති වේ. පුවත්පතක ප්‍රවෘත්ති ස්ථානගත කරන ස්ථානය තීරණය වන්නේ අදාළ පක්ෂපාතිත්වය පදනම් කර ගනිමිනි. 
     
        මෙලෙස සන්දේශයක පක්ෂපාතිත්වය විවිධ අයුරින් සිදුවිය හැකි බැවින් ඒවා විචාරාත්මකව විමසීමෙන් නිසි අවබෝධයකට පැමිණිය හැකිය. අත්‍යවශ්‍ය තොරතුරුවලින් මඟ හැරීම, මුලාශ්‍රය තෝරා ගන්නා ආකාරය, ස්ථානය තෝරාගන්නා ආකාරය, හදුන්වාදෙන ආකාරය අනුව, තොරතුරු ගමන් කරනා වේගය අනුව පක්ෂපාතිත්වය ගොඩ නැගේ. 



5. විශ්වසනීයත්වය ( Credibility )

  යම් මූලාශ්‍රයක විශ්වසනීයත්වය ගොඩ නැගීමට දැනුම ලෙස අධ්‍යාපනය හා අත්දැකීම් ද, හැකියාව ලෙස භෞතික හා මානසික සාධක ද අදාළ වේ. මාධ්‍ය විචාරයේදී තොරතුරක ඇති විශ්වසනීයභාවය විශ්ලේෂණය කර දැක්වීම අත්‍යවශ්‍ය කරුණක් වේ. තොරතුරක විශ්වසනීයත්වය බිදවැටුණු විට එම සන්නිවේදන කාර්යය ප්‍රතික්ෂේප වේ. සංදේශය මෙන්ම සන්නිවේදකයා කෙරෙහි ඇති විශ්වාසයද බිද වැටේ.


6. විකෘතිකරණය ( Distortion )

           එක් පාර්ශවයක් විසින් වෙනත් පාර්ශවයකට ගෙන යනු ලබන නාලිකා හෝ විවිධ ආකාරයේ මැදිහත්වීම්වලින් සංදේශ විකෘති කිරීම්වලට ලක් වේ. අතිශයෝක්තියට නැගීමෙන්, නින්දා කිරීමෙන්සංදේශ විකෘති කල හැකිය. තවද සංදේශය සදහා යොදා ගන්නා සංකේත හෝ භාෂාව තුළින් පණිවිඩ විකෘති විය හැකිය. එමෙන්ම පණිවිඩය සැලසුම් කිරීමේදී අදාළ මුලාශ්‍රයද විකෘති විය හැකිය. අර්ථ බාධක, මාධ්‍ය බාධකවලින්ද පණිවිඩයේ සමස්තයම විකෘති වී යා හැකිය. චේතනාත්මක ව සංදේශ විකෘති කිරීම පිටුපස ඇත්තේ සන්නිවේදකයාගේ මතවාදී උවමනාවකි. 
           
          අන්තර්ජාලය තුළ සමාජ ජාල වෙබ් අඩවි තුළ බහුලව පණිවිඩ විකෘතිවීම් සිදුවනු පෙනේ. ඒ තුළ අදහස් හා ඡායාරූප ආදිය පවා විකෘති කිරීම්වලට ලක් වේ. 
      
          ඇතැම් ලේඛනවල පද බෙදීම්වල සිදුවන වැරදි නිසාද අර්ථ විකෘතිවීම් සිදුවිය හැකිය. 

         1. යන්න දෙන්න. එපා මරන්න.

         2. යන්න දෙන්න එපා. මරන්න.


                        ඉහත ප්‍රකාශ දෙකෙහි විරාම ලකුණු වෙනස් වූ විට වෙනත්ම විකෘති වූ තොරතුරක් ලැබේ. 

         ඇතැමුන් " මගේ කතාව සංස්කරණය නොකර සම්පුර්ණයෙන්ම දමන්න" යැයි යෝජනා කරන්නේ මුලිකව පැවසු අදහස් විකෘති විය හැකි බැවිනි. ලබා ගන්නා ඡායාරූප, කැමරා කෝණවලින් පවා සංදේශය විකෘති කළ හැකිය.


7. සඵලතාව ( Effectiveness )

   සන්දේශය තුළින් අපේක්ෂිත අරමුණු ඉටු වී තිබේද එසේ නොමැති නම් ග්‍රාහකයා වෙතට අර්ථවත් බලපෑමක් සිදුකර තිබේද යන්න මෙහිදී විස්තර වේ. 

        ඵලදායි සන්දේශයක් සදහා ප්‍රධාන ගුණාංග 4ක් තිබේ. 

           1. සරල බව ( Simplicity ) 
           
             මෙය සන්දේශයක පැවතිය යුතු වැදගත්ම අංගයක් වන අතර සන්දේශයේ සරල බව සහතික කර ගැනීමට ප්‍රශ්න දෙකක් විමසා බැලිය යුතුය. එනම්, 

             - ප්‍රධාන අරමුණ පැහැදිලිද? 

             - ප්‍රධාන සන්දේශය පැහැදිලිද? 
                                         
                                      යන්නය. සන්දේශයේ අරමුණ යනු දැනුම්දීම, ඒත්තු ගැන්වීම හෝ විනෝද වීමය. අරමුණු දැන ගැනීමෙන් තොරතුරු හා සංවිධානය  ගැන අපට හැගවේ. කථන දත්ත මත ග්‍රාහකයන් දැඩි ලෙස රදා පවතින බව මනෝවිද්‍යාත්මක සත්‍යයකි. 

     2. විශේෂත්වය ( Specificity )

             එනම්, සන්දේශය තුළ අනන්‍යතාවක් පැවතීම වේ. සන්දේශයේ පවතින අපුර්වත්වය එහි අනන්‍යතාව ගොඩනැගීමට බලපාන්නකි. ඒ තුළින්  නිර්මාණාත්මක ස්වීයත්වය ගොඩ නැගේ. 


    3. ව්‍යුහගත කිරීම ( Structure ) 
     
            ප්‍රවෘත්තියක් ලියන විට හෝ ප්‍රතික්ෂේප කරන විට එහි තොරතුරු විශේෂාංගයකට වඩා වෙනස් ව්‍යුහයන් ඔස්සේ ඉදිරිපත් කෙරේ. වෘතාන්ත චිත්‍රපට ව්‍යුහයට වඩා වාර්තා චිත්‍රපටියක වෙනස් ව්‍යුහයක් දක්නට ලැබෙන අතර එසේ නොමැති වූ විට සංදේශය පිළිබද විශ්වාසනීයත්වය බිද වැටේ. 


     4. ඇලීම ( Stickiness ) 
       
           සංදේශයේ ඇලීමට සරල බව, අනපේක්ෂිත බව, සංදේශයේ ඉදිරිපත් කිරීමේ ව්‍යක්ත බව, සෞන්දර්යාත්මක බව, සමීප බව, ශක්තිමත් බව, හැගීම් උත්පාදනය හා කතන්දරයක් වීම යන කාරණා මූලික මුලධර්ම ලෙස සලකයි.
            

8. ශූර මෙහෙයවීම ( Manipulation ) 


     සංදේශයේ ශූර මෙහෙයවීමට අදාළව සංදේශයේ අංග වෙනස් කිරීමට බලපාන සාධක කිහිපයකි. 

     1. ප්‍රමාණය ( Quantity )  - යම් සංදේශයකින් ලබා දිය යුතු සාධාරණ තොරතුරු.

     2. ගුණාත්මකභාවය ( Quality ) - යම් සන්දේශයක ඉදිරිපත්කර ඇති තොරතුරුවල සත්‍යතාව 

     3. සම්බන්ධතාව  ( Relationship ) - පෙර අදහස් මගින් තහවුරු කර ඇති සංවාදයෙහි සම්බන්ධතා 

     4. ආකාරය ( Manner ) - යමක් ප්‍රකාශ කර ඇති ආකාරය පිළිබදව අපේක්ෂා 

                 ඒ අනුව සන්නිවේදකයා තම අරමුණු හෙවත් ග්‍රාහකයා තුළ ඇති කිරීමට අපේක්ෂා කළ බලපෑම සිදු කිරීමට තම තොරතුරු ක්‍රියාවලිය මෙහෙයවා ඇති ආකාරයේ සාර්ථකභාවය මෙහිදී විචාරයට ලක් කෙරේ. යම් සන්දේශයක ගුණාත්මකභාවය, ප්‍රමාණාත්මක බව, ඉදිරිපත් කිරීමේ ක්‍රමය, කරුණුවල උචිත බව, සත්‍ය බව ආදී කරුණු මෙහිදී විචාරයට ලක් කෙරේ.


9. ඒකාකාරභාවය / ඒකාකෘතභාවය ( Stereotype ) 

        ඒකාකෘතභාවය සන්දේශයක නොතිබිය යුතු ලක්ෂණයක් සේ සලකයි. ලිංගිකත්වය, වාර්ගිකත්වය, ආගම, කුලය වැනි බොහෝ සාධක පිළිබද පුර්ව නිගමන මත ඇබ්බැහි වූ ආකල්ප ජනනය කිරීම ඒකාකෘතිත්වය ඉස්මතු කෙරේ. මෙම ඒකාකාර බැවින් යුතුව යමක් විශ්ලේෂණය කිරීමෙන්, විචාරයට ලක් කිරීමෙන් ග්‍රාහකයා සමාජය දෙස විවෘත  මනසකින් බැලීමට ඇති ඉඩකඩ මොට කරයි. නිදසුනක් ලෙස අතීතයේ සියලු දෙමල ජාතිකයන් කොටි ත්‍රස්තවාදීන් යයි මානසිකත්වයකින් යුතුව සිතීමට ජනතාව පෙළඹවීමට යම් මාධ්‍යයක් හෝ පුද්ගලයකු ක්‍රියාකර ඇත්නම් එය  ඒකාකාරභාවයක් ලෙස සැලකේ. 


10. ඇගයීම ( Evaluation ) 
  
       ඉහත සදහන් කරන ලද සාධක සියල්ලම නිසි පරිදි සන්දේශකරණය තුළ අවධානයට ගෙන තිබේද යන්න කෙරෙහි අවධානයට යොමු කිරීම තුළින් සංදේශයට කිසියම් විෂයබද්ධ ස්වාධීන තක්සේරුවක් ලබා දිය හැකිය. 

      විචාරයේදී අප සිදු කරන විවේචනය යනු වැරදි දැකීම පමණක් නොවේ. සන්දේශයක පවතින නිශේධනීය මෙන්ම සාධනීය ලක්ෂණද පුළුල්ව අවධානයට ලක් කළ යුතු වේ. මාධ්‍ය විචාරය සමාජ හිතකාමී ක්‍රියාවක් වන්නේ එවිටය. මාධ්‍ය විචාරකයා යනු විවේචනාත්මකව අගය කරන්නෙකි. මග පෙන්වන්නෙකි. කැටුව ගමන් කරන්නෙකි. සමාජයේ පෙරගමන්කරුවෙකි. 


           
අභ්‍යාස :  රචනා ප්‍රශ්න පොත භාවිතා කරන්න.  

කෙටි සටහන් ලියන්න. 

1. මාධ්‍ය ආර්ථිකය 

2. මාධ්‍ය හා තාක්ෂණය 

3. මාධ්‍ය හා සංස්කෘතිය 

4. මාධ්‍ය හා මායාව 




නිර්මාණාත්මක සන්නිවේදනය හා මහජන සම්බන්ධතා යන පාඩම් ඉදිරියේදී සිදු කෙරේ. 


9. සංවර්ධනය සදහා සන්නිවේදනය 

1. සංවර්ධන සංකල්පයේ ආරම්භය හා විකාශනය 

     18වන සියවසේ කාර්මික විප්ලවයෙන් පසු ' සංවර්ධනය' යන සංකල්පය ගොඩ නැගුණු අතර එවකට කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම හා ඒකපුද්ගල ආදායම ඉහළ නැංවීම 'සංවර්ධනය' යනුවෙන් අදහස් කෙරිණි. එතැන් සිට 1990 දශකය  වන තෙක් ලෝක සමාජය ප්‍රධාන කොටස් තුනකට බෙදෙමින් සිදු කළ වර්ගීකරණය පිළි ගැනිණි.


1. ' පළමු වන ලෝකය ' යන්නට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටියට අනුකුල රටවල් අයත් විය. ඒ අතර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව හා බටහිර යුරෝපය වැනි රටවල් ප්‍රමුක විය. මෙම රටවල දළ දේශීය නිෂ්පාදන (Gross Domestic Product - GDP ) සහිත වෙළද ආර්ථිකයක් පැවතිණි.


2. ' දෙවන ලෝකය ' යන්නට අයත් වුයේ සොවියට සංගමයේ කොමියුනිස්ට් දෘෂ්ටිවාදයට අනුකුල වටවල්ය. ඔවුහු කොමියුනිස්ට්වාදී සමාජවාදියෝය. එක්සත් සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව,චීනය,කියුබාව වැනි රටවල් ඒ අතර ප්‍රමුඛ වේ. මධ්‍යම සැලසුම්ගත දළ දේශීය නිෂ්පාදන සහ හොදින් දියුණු කාර්මික ව්‍යුහයක් සහිත ආර්ථිකයක් මෙම රටවල පැවතුණි.


3. ' තුන්වන ලෝකය ' යන්නට අයත් වුයේ ඉහත කදවුරු දෙකටම අයත් නොවූ රටවල්ය. ඉන්දියානු උප මහදිපයට අයත් රටවල්, නැගෙනහිර ආසියාව, අප්‍රිකාව ආදී රටවල්ය. විවිධාකාර දේශපාලන තත්වයන් ඇති දළ දේශීය නිෂ්පාදන අඩු මට්ටමක පවතින කාර්මික නොවන ව්‍යුහයන් සහිත ආර්ථික මෙම රටවලට උරුම විය. 


# ඉංග්‍රීසි භාෂාවේ Development - සංවර්ධනය යන වචනය ' දිග හැරීම ' ( unfolding ) හා වර්ධනය ( Growth ) වැනි අර්ථ නිරුපණය කරයි. 


# ' පවතින තත්වය යහපත් ලෙස වෙනස් කිරීම' යන්නද සංවර්ධනය යන්නෙහි එක ප්‍රධාන අදහසකි. 


# 20වන ශත වර්ෂයේ ආර්ථික විද්‍යාඥයන් හා දේශපාලන විද්වතුන් විසින් ' ආර්ථික සංවර්ධනය' හෝ සංවර්ධනය යනුවෙන් භාවිතා කළ යෙදුම එක පුද්ගල ආදායම, ජාතික ආදායම හා ආර්ථික ශුබ සාධනයේ ධනාත්මක වර්ධනය පෙන්නුම් කෙරෙන දර්ශක ලෙස පැහැදිලි කර ඇත. 


# ' සංවර්ධනය සන්නිවේදනය' යන විෂය ක්ෂේත්‍රය 1950 - 1960 දශකයේ වර්ධනය වුවකි. 


# සංවර්ධනය හා සන්නිවේදනය ( Development and Communication ) , සංවර්ධන සන්නිවේදනය ( Development  Communication ) හා සංවර්ධනාත්මක සන්නිවේදනය ( Developmental Communication ) යන යෙදුම විෂය ආරම්භයේ සිටම භාවිතා විය. 


#  ' සංවර්ධනය සන්නිවේදනය' යන්නෙන් මුලික වශයෙන් අදහස් කළේ 'ජාතික සංවර්ධනය' සදහා රටක ජනමාධ්‍ය ඇතුළු වෙනත් සන්නිවේදන මාර්ග උපයෝගී කර ගැනීමය.


# ජාතික සංවර්ධනය යන්නට සාමාජීය, සංස්කෘතික හා සදාචාරාත්මක හා ආර්ථික වශයෙන් ප්‍රධාන කොටස් 4කට බෙදා දැක වූ අතර ඉන් ආර්ථික  සංවර්ධනය ට ප්‍රමුඛත්වය හිමි විය.


# විල්බර් ශ්‍රාම් මහතා ( Wilbur Schamm ) විසින් තුන්වන ලෝකයේ ජාතික සංවර්ධනයේ වැදගත්කම පළමු වරට හදුනා ගන්නා ලදී. එහිදී තොරතුරු මුලාශ්‍ර විවර කිරීමේ හා දැනුම ලබා ගැනීමේ මාර්ග හෙළි කිරීමේ වැදගත්කම එතුමා පෙන්වා දී ඇත. 

# තොරතුරු ව්‍යාප්ත කිරීම, අධ්‍යාපනය, සමාජ අලෙවිකරණය, සමාජ ප්‍රවර්ධනය, මාධ්‍ය ප්‍රවර්ධනය සාමාජීය  සංවර්ධනය යනාදී ක්‍රියා සංවර්ධනය සන්නිවේදනයට අයත් වේ. 

# මුල් කාලින සංවර්ධන සන්නිවේදනය මගින් සිදු වුයේ සංවර්ධනය කිරීමෙහිලා බටහිර විද්‍යාඥයන් විසින් පිළිගත් ඉහළ සිට පහළට වූ ධූරාවලිය ක්‍රියාත්මක කිරීමය. 

# සංවර්ධන සන්නිවේදනය නැවත දැක්වීම අවශ්‍ය වුයේ පැවති සංවර්ධනය ධන සම්පත් සූරා කෑම, සමාජ අසමානතාව වැඩි කිරීම, මිලිටරිවාදය සහ පරිසර පරිහානිය වර්ධනය වූ බැවිනි. එමගින් තුන් වන ලෝකය ලෙස හැදින් වූ රටවලට සෙතක් නොවීය.

# බටහිර ලෝකය තුන්වන ලෝකයේ රටවල් සමග පවත්වන සම්බන්ධතා සූරා කෑමේ හා යැපීමේ ආර්ථික සබදතා ලෙස වටහා ගැණිනි. 

# මේ අනුව නව තේමාව වුයේ ලෝකයේ රටවලට සංවර්ධනය සදහා ප්‍රයෝජනවත් කාර්යභාරයක් ඉටුකළ හැකි තමන්ගේම සංවර්ධන මාර්ගයක් සෙවීම පිළිබදවය.

# ඒ සදහා ' සංවර්ධනය සදහා සන්නිවේදනය' යන නව සංකල්පය බිහි විය. 

# ඒ අනුව සංවර්ධන  සදහා සන්නිවේදනය යනු තිරසාර ප්‍රජාතාන්ත්‍රික සංවර්ධනයට අදාළ ව සමාජයේ සිදුවිය යුතු සියලු ආකාරයේ සන්නිවේදනය වෙත යොමු වන ලෙස පුළුල් අර්ථයක් සහිත යෙදුමකි.


සංවර්ධන නිර්වචන 


1. " සංවර්ධනය යනු රටක දුප්පත්කම,අසමානතාව හා විරැකියාව අඩු කිරීම හෝ අහෝසි කිරීමයි. " 
                                                                  - ඩඩ්ලි සියර්ස් (1969)


2. "සංවර්ධනය යනු මිනිසුන්ගේ සංවර්ධනය (මානව සංවර්ධනය) මිස ද්‍රව්‍යමය සංවර්ධනයක් නොවෙයි."
                                                                 - එඩ්ගා ඔවන්ස් (1987) 


3. " සංවර්ධනය යනු පුර්ණ සමාජ සංවර්ධනයයි. එයට මානසික,අධ්‍යාත්මික සහ ද්‍රව්‍යමය අවශ්‍යතා ඇතුළත් වේ. "
                                                                 - මහත්මා ගාන්ධිතුමා 



සංවර්ධනය සදහා සන්නිවේදනය - නිර්වචන 

1. " සංවර්ධනය සදහා සන්නිවේදනය යනු සංවාදය සක්‍රීය කරවන, ද්විමාර්ගික සන්නිවේදන පද්ධති මගින් ප්‍රජාවන්ට ඔවුන්ගේ අභිලාෂ හා උත්සුක ප්‍රකාශ කිරීමට හැකි හා ඔවුන්ගේම සංවර්ධන ක්‍රියාවලියක අදාළ තීරණවලට සහභාගීව මැදිහත් වීමයි."

                                                                                     - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (51/172,1996)


2. " සංවර්ධනය සදහා සන්නිවේදනය යනු පුළුල් පරාසයක මෙවලම් හා ක්‍රම භාවිතා කරමින් සංවාදය මත පදනම් වූ සමාජ ක්‍රියාවලියකි. එසේම දැනුම, නිපුණතා බෙදා හදා ගැනීම, ගොඩ නැගීම මෙන්ම ප්‍රතිපත්ති, විවාද සහ ස්ථීරසාර වූ සංවර්ධනයක් සදහා සවන්දීම,විශ්වාසය ගොඩ නැගීම හා විවිධ මටටම්වල වෙනස්කම් හදුනා ගැනීමයි. එය මහජන සම්බන්ධතාව හෝ ආයතනික සන්නිවේදනය වේ. "
 
                                                                                       - සංවර්ධනය සදහා සන්නිවේදනය පිළිබද රෝම සම්මුතිය (2006)


3. " සිල්වියෝ වයිස්බෝඩ් (Silvio Waisbord ) සංවර්ධනය සදහා සන්නිවේදනයේ ප්‍රයෝගිකභාවය සම්බන්ධයෙන් ප්‍රධාන අදහස් පහක් හදුනාගෙන තිබේ. 
 
1. කේන්ද්‍රගත බලය ශක්තිමත් කිරීම.
    (පුද්ගලයන් හා ප්‍රජාවන් දැනුම අත්පත් කර ගැනීම හා ගැටලු සම්පාදනය කිරීම)

2. ඉහළ - පහළ හා පහළ ප්‍රවේශ ඒකාබද්ධ කිරීම. 

3. සන්නිවේදන මෙවලම් භාවිතා කිරීම. 

4. පුද්ගලාන්තර සන්නිවේදනය හා ජන සන්නිවේදනය අතර සමබරතාව නිර්මාණය කිරීම. 

5. පුද්ගල හා සමාජ හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන්වලට ප්‍රමුඛතාව දීම. 


4. ශ්‍රිනිවාස් මෙල්කොට් ( Srinivas Melkate ) සංවර්ධන සන්නිවේදනය යනු,

1. විචාරාත්මක සිද්ධාන්ත මගින් මානව සමාජ ගැටලුවලට විසදුම් සැපයීම. 

2. මිනිසාගේ ඉතිහාසය ක්‍රියාවලියක් බව වටහා ගැනීම. 

3. ආගමික බැදීම්වලින් තුන්වන ලෝකයේ විමුක්තිය ලබා ගැනීම. 

4. සන්නිවේදනය සහ සමාජ ව්‍යුහය පිළිබද සම්බන්ධතා වැඩි දියුණු කිරීම. 

5. තුන්වන ලෝකයේ සංවර්ධනය සදහා සන්නිවේදනය වැඩිදියුණු කිරීම පිණිස වූ යෝජනා හා ඒවා සිදුකළ හැක්කේ කෙසේද යන්න යාන්ත්‍රික ප්‍රශ්න ඇසුරින් පමණක් අවශ්‍යතා තහවුරු කර ගැනීමට නොහැකි බව වටහා ගැනීමයි.
                                                                          
                                                                            - Srinivas R. melkote,H. Leslie Steeves, Communication For Development, Theory and Practice for Empowerment and Social Justice (2015) 


5. ස්වීඩනයේ මැල්මො විශ්වවිද්‍යාලයේ සංවර්ධනය සදහා සන්නිවේදන නිර්වචනය.

 " ගෝලීයකරණ සන්දර්භයෙහි සංවර්ධනය සදහා සන්නිවේදන භාවිතය යනු සමාජ වෙනස්කම් සදහා ක්‍රියාවලි ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රමයකි. " 
 

අභ්‍යාස: 

සංවර්ධනය සදහා සන්නිවේදනය - නිර්වචන තුනක් පාඩම් කරන්න. 



සංවර්ධන සංකල්පය පිළිබද මතවාද 

         ඉහත දක්වා ඇති පරිදි 'සංවර්ධනය' යන සන්කප්ලයට ලෝක දේශපාලනය, ආර්ථිකය හා සන්නිවේදනය දිගටම බලපෑම් කර ඇති බැවින් වර්තමානය වන විට සැබෑ මානව සංවර්ධනය යන්න කුමක්ද යන්න වටහා ගැනීමට නොහැකි වී තිබේ. යුරෝපිය හා බටහිර රටවලට අවශ්‍ය දේශපාලන හා ආර්ථික පරිවර්තන සදහා සෙසු ලෝකයට එරෙහිව " ආධිපත්‍යයේ උපකරණයක් " බවට ' සංවර්ධනය' යන්න පත්ව ඇති බව එක් මතවාදයකි. 

        ලෝකය පුරා වර්තමාන සමාජවල අඛණ්ඩව ආර්ථික, සෞඛ්‍ය,අධ්‍යාපන හා අනෙකුත් මුලික මානව හිමිකම් පිළිබද ගැටලු වර්ධනය වෙමින් පවතී. බොහෝ තෙවන ලෝකයේ රටවල් අනුගමනය කළ සංවර්ධන මාවත් අන්ධ මාර්ග බවට පත් වී තිබේ. බොහෝ අසංවර්ධිත රටවල් සිය සම්පත් සහ සීමා පිළිබද කිසිදු අවබෝධයක් නොමැතිව බටහිර අනුකරණය කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සහ කරයි. 



සංවර්ධන සංකල්පයේ නව ප්‍රවණතා 

# සංවර්ධන සංකල්පය අතීතයේ සිට වර්තමානය දක්වා ක්‍රමයෙන් වෙනස් වුවකි. මුල් යුගය ( 1950 - 1970 ) ඇමරිකානු සමාජ විද්‍යාඥයන් විසින් සංවර්ධන සන්නිවේදනය විද්‍යාත්මක සංකල්පයක් ලෙස හදුන්වනු ලැබූ නවීකරණ න්‍යායට අදාළ ඉහළ සිට පහළට සන්නිවේදන ප්‍රවේශය පිළිබද පැවති ප්‍රවණතා ප්‍රධාන වශයෙන් වෙනස් වී ඇත. 

නවීකරණ න්‍යාය ( Modernization Theory ) මගින් දියුණු රටවල් නුතනත්වයට පත් නොවන්නේ මන්ද? යන්න මත දරිද්‍රතාවට විසදුමක් ලෙස ධනේශ්වර සාරධර්ම ව්‍යාප්ත කිරීම මගින් කොමියුනිස්ට්වාදයේ ව්‍යාප්තිය අඩු කිරීමට යෝජනා කරන ලදී. 

# 1950 ගණන්වල ලතින් ඇමරිකාව සහ කැරබියන් සදහා වන ආර්ථික කොමිසමේ පර්යේෂණ මගින් පරායත්තතා න්‍යාය හදුන්වා දෙනු ලැබීය. දියුණු රටවල ආර්ථිකය මත යැපීමෙන් නොදියුණු රටවල් දියුණු කරගත හැකි බව මෙම  න්‍යායයෙන් පෙන්වා දෙයි. 

# මධ්‍ය යුගයේ ( 1970 සිට 1990 ) සංවර්ධන සංකල්පය පිළිබද නව එළඹුමක් ලෙස එවරට් රොජර්ස් ( Everett Rogers 1931-2004 ) මහතා විසින් 1962 දී ඔහුගේ නවෝත්පාදන විසරණය ( Diffusion of  Innovations ) නමැති න්‍යාය හදුන්වා දෙනු ලැබිය. එය නව අදහස් හා තාක්ෂණික ව්‍යාප්තිය කෙසේද? කවර කරුණක් සදහාද? කුමන වේගයකට අනුවද? යනාදිය අවබෝධ  කර ගැනීමට වැදගත් න්‍යායකි. සංවර්ධන සංකල්පය ජනගත කිරීම සදහා එවරට් රොජර්ස්  මහතා නවීකරණය, සන්නිවේදන නාලිකා, කාලය හා සමාජ පද්ධති කෙරෙහි අවධානය යොමු කල යුතු බව දක්වයි. 

# වර්තමාන යුගයේ බිහි වූ නව විශ්ව තොරතුරු හා සන්නිවේදන ප්‍රඥප්තිය විසින් " සංවර්ධනය සදහා සන්නිවේදනය " යන්න ප්‍රධාන බලවේගයක් බවට පත් කරන ලදී. එමගින් පැරණි " සංවර්ධන සන්නිවේදනය " යන්න  විවේචනයට ලක් කරමින්  සංවර්ධනය සදහා විකල්ප ප්‍රවේශ සොයා ගැනිණි. බලය හා සංස්කෘතිය යන සාධක දෙක සංවර්ධනය සදහා සන්නිවේදනයට එකතු විය. 

# වර්තමානයේ පුද්ගලාන්තර සන්නිවේදනය, ප්‍රයෝගිකත්වය, සහභාගිකත්වය හා දැනුම හුවමාරුව යනාදිය කෙරෙහි අවධානය යොමු කොට තිබේ. 


අභ්‍යාස:   රචනා ප්‍රශ්න පොත භාවිතා කරන්න.  

විචාරශීලී ග්‍රාහකත්වය කෙරෙහි බලපාන සාධක 4ක් පැහැදිලි කරන්න.
 


පෙර සටහනටම ලියන්න. 

# තොරතුරු ප්‍රවේශය, දැනුමට විවෘත ප්‍රවේශය, උපාය මාර්ගික සන්නිවේදනය, සංස්කෘතිය, මාධ්‍ය, තොරතුරු සන්නිවේදන යටිතල පහසුකම් සහ තාක්ෂණය ආදී ක්ෂේත්‍ර බල ගැන්වීම මේ ක්‍රියාවලියේදී වැදගත්කොට සලකනු ලැබේ. 


# ද්වි මාර්ගික සන්නිවේදනය, තිරස් සන්නිවේදන මාර්ග, මහජන සවන්දීම්, විවාද, සාකච්ඡා, පාර්ශවකරුවන්ගේ උපදේශන, සහභාගිත්ව ගුවන්විදුලි සහ වීඩියෝ වැඩසටහන්, ප්‍රජා පාදක නාට්‍ය හා කථා, වෙබ් සංවාද යන්නදිය මෙයට ඇතුළත් වේ. 


# " ස්ථිරසාර සංවර්ධනය සදහා සන්නිවේදනය", සංවර්ධනය සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය", යනාදිය සංවර්ධනය සදහා සන්නිවේදනයේ පුළුල් කොටසක් බවට පත් විය.  


# මෙලෙසින් "සංවර්ධන සන්නිවේදනය" යන මතවාදය " සංවර්ධනය සදහා සන්නිවේදනය " ලෙස ගොඩ නැගිණි. මෙමගින් "සංවර්ධනය" යන්නට සේම " සන්නිවේදනය" යන්නට ප්‍රමුඛත්වයක් ලැබිණි. 


# " සංවර්ධනය සදහා සන්නිවේදනය" යනු ක්‍රියාකාරකම් මගින් සංවර්ධන ප්‍රතිපත්තිවලට හා ක්‍රියාදාමවලට අනුකුලව ග්‍රාමීය ජනතාවගේ තොරතුරු ලබා ගැනීම සහ සුදුසු ක්‍රමවේද නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම සමාජීය සංවාදය දිරි ගැන්වීමයි. 



සංවර්ධන සංකල්පයේ ස්වභාවය 

          වර්තමානය වන විට සංවර්ධන සංකල්පයේ ස්වභාවය " සංවර්ධනය සදහා සන්නිවේදනය" යන්න මත රැදී තිබේ. " සංවර්ධනය සදහා සන්නිවේදනය" ( Communication for Development ) වසර 50කට වැඩි කාලයක් පුරා නවීකරණය හා කාර්මීකරණය සමග සංවර්ධන ක්‍රියාවලියේ සුවිශේෂී උප ක්ෂේත්‍රයක් ලෙස වැඩුණකි. භූගෝලීය,සංස්කෘතික,සාමාජීය සහ ආර්ථික සන්දර්භවල විවිධාකාර දිශා ඔස්සේ සංවර්ධනය උදෙසා සන්නිවේදනය පුළුල් ලෙස භාවිතා කිරීම මෙම සංකල්පයේ ප්‍රධාන අරමුණ වේ.  
  
         එක්සත් ජාතීන්ගේ සහශ්‍රක සංවර්ධන ඉලක්කයන් මගින් ගෝලීය සංවර්ධන ගැටලු කෙරෙහි අලුත් මාන වර්ධනය වන ක්‍රමවේද හා නව සන්නිවේදන ප්‍රවේශ වැඩිදියුණු කිරීම සදහා අවස්ථාවක් සපයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර් සම්බන්ධිත සංවර්ධනය සදහා සන්නිවේදන ප්‍රවේශ 4ක් ප්‍රකාශ කර ඇත. 

1. හැසිරීම් වෙනස්කම් සදහා සන්නිවේදනය  ( Communication for behavior Change )

2. සාමාජිය වෙනස්කම් සදහා සන්නිවේදනය ( Communication for social Change )

3. නියාමනය සදහා සන්නිවේදනය ( Communication for regulation )

4. පාරිසරික සමතුලිතතාව සදහා සන්නිවේදනය  ( Communication for ecological balance ) 



අභ්‍යාස:   රචනා ප්‍රශ්න පොත භාවිතා කරන්න.  

 මාධ්‍ය සංදේශ විශ්ලේෂණය සදහා භාවිතා කළ හැකි කරුණු 5ක් නම් කර පැහැදිලි කරන්න. 



1. ජනතා කේන්ද්‍රීයතාව ( People Centered ) 
    
# සංවර්ධනය සදහා ජනතාව මුලික කර ගත් ඒකාබද්ධ මුලොත්පාදක ප්‍රවේශ හදුනා ගැනීමේ ක්‍රියාවලිය යනුවෙන් ජනතා කේන්ද්‍රීයතාව හදුනා ගත හැකිය. 

# ජනතා කේන්ද්‍රීයතාව යනු පුරවැසියෙකුට තම සියලු අවශ්‍යතා වෙනුවෙන් අදහස් දැක්වීමට ලැබෙන අවස්ථාවක් වේ. එනම්, පුද්ගලයන්ගේ නිපුණතා යහපැවැත්ම උදෙසා ශක්තිමත් කිරීමයි. 

# ජනතා කේන්ද්‍රීය රැකවරණයට පුද්ගල කේන්ද්‍රීය රැකවරණයද ඇතුළත් වේ. 

# ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සදහා සන්නිවේදන මුලධර්ම කිහිපයක් මෙලෙස පෙළ ගැස්විය හැකිය. 
                   + යහ පැවැත්ම ප්‍රවර්ධනය, පුද්ගල කේන්ද්‍රීය රැකවරණය හා සමස්ත පුද්ගල රැකවරණය කෙරෙහි අවධානය යොමු කිරීම. 
                   + හවුල්කාරත්වය හා සහභාගිත්වය. 
                   + සමාජ/ සංස්කෘතික විවිධත්වය පිළිබද සංවේදීතාව. 
                   + මාධ්‍ය පරිශීලකයින් අතර සම්බන්ධතාව සහ සන්නිවේදනයේ ගුණාත්මකභාවය 
                   + පුද්ගල අවශ්‍යතා සදහා ප්‍රචාරාත්මක රැකවරණය. 
                   + අඛණ්ඩ පෞද්ගලික සම්බන්ධතා.
                   + අයිතීන් සහ වගකීම්.

# එසේම ජිවිත කාලය පුරාම ප්‍රජාවගේ සංවර්ධනය වෙනුවෙන් වගකීම, ගැටළු හදුනා ගැනීම හා ඒවාට විසදුම් ලබාදීම සදහා ප්‍රජාව කළමනාකරණය කිරීම ජනතා කේන්ද්‍රීයතාවයට අයත් වේ. 

2. ප්‍රදේශීයකරණය ( Localisation ) 

# ප්‍රදේශියකරණය යනු ඒ ඒ රටවලට ගැළපෙන ලෙස ඒ ඒ රටවල්වලට සිදුකර ගැනීමය. 

# මෙහිදී ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්  ක්‍රියාත්මක කිරීමේදී දරිද්‍රතාව අවම කිරීම සහ ආර්ථික වර්ධනය පිළිබද මතවාදය ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගනී. 

# ජාල සම්පත් කළමනාකරණය, වනාන්තර ආරක්ෂා කිරීම, කාන්තාකරණයෙන් වැළකීම, ජෛව විවිධත්වය, සුරැකීම වැනි කාර්යයන් සදහා ග්‍රාමීය ප්‍රජාවගේ ක්‍රියාකාරී සහභාගිත්වය  ප්‍රදේශියකරණයට අයත් වේ. 

# මේ අයුරින් ගත් විට  ප්‍රදේශියකරණය යනු කිසියම් රටක සංවර්ධනය ඒ රටේ සමාජ, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික ලක්ෂණ මත පදනම්ව ඔවුන් විසින්ම සිදුකරනු ලබන ක්‍රියාවලියක් බවට පත් වේ. 



3. සාමාජිය සම්බන්ධතා හා සමානාත්මතා ගොඩ නැගීම. ( Building social relationships and equality ) 

# සාමාජීය සම්බන්ධතා යනු තමන්ගේම සමාජ ක්‍රියාවක් නිර්මාණය කිරීම මගින් අන් අයගේ ක්‍රියාවට ගැනීම, අන්තර්ක්‍රියා සම්බන්ධීකරණය, තමන්ගේම ඇගයුම්, සහන සැලසීම, අර්ථවත් අභිප්‍රේරණය ( පෙලඹවිම ) හා සියලුම ආකාරයේ සමාජ අන්තර් ක්‍රියා සංවර්ධනය කිරීම සාමාජිය සම්බන්ධතා ගණයට අයත් වේ. 

# සමානත්මතාව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුන වේ. 18 වන සියවසේ ප්‍රංශ විප්ලව හා ඇමරිකානු නිදහස් සටනේදී සමානත්මතාව පිළිබද සංකල්පය ඉදිරියට පැමිණිනි. වර්තමාන යුගයේ සියලු රාජ්‍ය සමානත්මතාව යන සංකල්පය පිළිගෙන තිබේ. සමානත්මතාව යනු සමාජයේ පුළුල් වෙනස්කම් ඉවත් කිරිම, විශේෂ වරප්‍රසාද අවසන් කිරීම, හැකියා පදනම මත සමාන අවස්ථා ලබාදීම සහ පුද්ගලයන්ගේ මුලික අවශ්‍යතා සපුරාලීම සදහා විධිවිධාන සැලසීමයි.

# සාමාජිය සම්බන්ධතා හා සමානත්මතා ලක්ෂණ 
     + විශේෂිත මානව අයිතිවාසිකම් නොමැති වීම.
     + සංවර්ධනය සදහා සමාන අවස්ථා පැවතීම.
     + අවම අවශ්‍යතා සම්පුර්ණ කිරීම. 
     + පන්ති බෙදීම් තුරන් කිරීම. 
     + සාධාරණ හේතුමත වෙනස්කම් කිරීම.   


අභ්‍යාස:  කෙටි ප්‍රශ්න පොත භාවිතා කරන්න.  

1. අද වන විට සමස්ත ලෝකයේම මාධ්‍ය මෙහෙයවන බහු ජාතික සමාගම් 10ක් නම් කරන්න.

2. විචාරශීලී ග්‍රාහකත්වය කෙරෙහි බලපාන සාධක 5ක් නම් කරන්න.

3. මාධ්‍ය විශ්ලේෂණය කිරීම සදහා යොදා ගත හැකි කරුණු 5ක් දක්වන්න.

4.  ඵලදායි සන්දේශයක ඇති ප්‍රධාන ගුණාංග 4ක් දක්වන්න.

5. සංදේශයේ ශූර මෙහෙයවීමට අදාළව සංදේශයේ අංග වෙනස් කිරීමට බලපාන සාධක හතර දක්වන්න. 


පෙර සටහනටම ලියන්න. 

4. දරිද්‍රතාව අවම කිරීම ( Poverty Reduction )

# 1990 දශකයේදී ජාත්‍යන්තර සංවර්ධන චින්තනයේ කේන්ද්‍රීය අවධානය දිළිදුකම අඩු කිරීම බවට පත් විය. එබැවින්  දරිද්‍රතාව යන්න සැමවිටම සංවර්ධනය සදහා සන්නිවේදන න්‍යාය පත්‍රවල ප්‍රමුඛ කොටස බවට පත් විය. දිළිදුකම අවම කිරීම වර්තමාන ලෝකය මුහුණ දෙන අභියෝගයක් බවට පත් වී තිබේ. 

# දරිද්‍රතාව පිටු දැකීම සදහා, 
     + ස්ථිරසාර ජීවනෝපාය, ව්‍යවසායික අවස්ථා සහ ඵලදායි සම්පත් සදහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම.
 
     + මුලික සමාජ සේවාවලට විශ්වීය ප්‍රවේශ සැපයීම.

     + තමන්ගේ ශක්තියෙන් නැගී සිටිය නොහැකි අයට උපකාර කිරීම සදහා ප්‍රවේශ වැඩි දියුණු කිරීම. 

     +  දරිද්‍රතාවෙන් ජිවත්වන ජනතාව සහ ඔවුන්ගේ සංවිධාන බල ගැන්වීම. 

     +  දරිද්‍රතාවේ අසමානතා බලපෑමට ගොදුරුවන කාන්තාවන්ට විසදුම් ලබා දීම. 

     +  දරිද්‍රතාව පිටුදැකීම සංවර්ධනය සදහා සන්නිවේදනයේ වැඩි කොටසක් වෙන් කිරීම සහ ඒ සදහා ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීම. 
 
                                    අවශ්‍ය වේ. 


5. ප්‍රතිපත්ති සම්පාදනය සදහා ජනතා මැදිහත් වීම. ( Participation of people for policy making ) 

        මින් අදහස් වන්නේ එක් එක් පුද්ගලයාගේ ගැටලුව පිළිබදව වඩා හොද අවබෝධයක් ලබා සහභාගීවන්නන්ගේ ගැටළු, ඔවුන් ඉදිරිපත් කරන කරුණු,අත්දැකීම්,දැනුම,අදහස්,මනාප,අපේක්ෂා සහ වටිනාකම් හුවමාරු කර ගැනීමට සහභාගිවන්නන්ට අවස්ථාව සැලසීමයි. එලෙස සහභාගිත්වය ලබා දීම මගින් ප්‍රතිපත්ති සම්පාදනයට ප්‍රජාවටම මැදිහත් විය හැකිය. ඒ සදහා, 

       + රාජ්‍ය හිමිකාරිත්ව මාධ්‍ය වෙනුවට වඩාත්ම ඵලදායි මාධ්‍ය යොදා ගැනීම.

       +  ධනවාදයේ සහ වදවසම්වදායේ බාධක ඉවත් කිරීම මගින් සම්පත් මහජන අයිතිය වෙනුවෙන් උපයෝගී කර ගැනීම. 

       + පොදු මිනිසාගේ මුලික අවශ්‍යතා හා බැදී මහා පරිමාණ නිෂ්පාදන සදහා සැලසුම් කිරීම. 

       + ආර්ථික වශයෙන් පසුගාමී රටවල ආර්ථික සංවර්ධනය සිදුකළ හැක්කේ විකල්පයකින් නොව මහජනතාවට පමණක් බව අවධාරණය කිරීම. 

       + නවීන තාක්ෂණය සදහා ජනතා සංවර්ධනය වෙනුවෙන් සැලසුම් කිරීම. 
             
                                                                       ආදී කාර්යයන් සිදු කළ යුතුය.


සංවර්ධනය සදහා සන්නිවේදන අවශ්‍යතා 


  # මින් අදහස් වන්නේ සන්නිවේදන ක්‍රියාවලි ඔවුන්ගේ ම අවශ්‍යතා පිළිබද පුර්ණ දැනුවත්බවක් ලබා දීම හා වෙනස්කම් සදහා විකල්ප, ගැටලු විසදා ගැනීම, සම්මුතිකව කටයුතු කිරීම, තිරසාර සංවර්ධන ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, ජනතාවගේ ජිවන තත්වය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය දැනුම හා කුසලතා අත්පත් කර ගැනීම හා ආයතනික කාර්යක්ෂමතාව යනාදියෙහි ඇති වැදගත්කම කියාපෑමත් වේ. 

  # මෙහිදී ඵලදායි සංවර්ධන ක්‍රියාවලියක් හා බද්ධ වීම සදහා සන්නිවේදනය දායක විය යුතු ආකාරයන් රැසක් හෙවත් සන්නිවේදන උපාය මාර්ග කිහිපයක් මෙසේ දැක්විය හැකිය. 
           
                1. ප්‍රජාව බලසතුකරණය සදහා අවශ්‍ය තොරතුරැ ලබා දීම. 
                
                                        මේ සදහා නවෝත්පාදන දැනුම, උසස් වින්දනය, මාර්ගෝපදේශනය, වෘත්තිය මග පෙන්වීම, අධ්‍යාත්මික ප්‍රබෝධය, පෙළඹවිම, දිරි ගැන්වීම යනාදි අවශ්‍යතා පෙරදැරි කරගත් විවිධ මාධ්‍ය පහසුකම් දියත් කළ හැකි වේ. ඒ සදහා ප්‍රජා පුස්තකාල පහසුකම්, ග්‍රාමීය මට්ටමේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන, ප්‍රජා සහ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා, සංවර්ධනාත්මක ප්‍රකාශන ( සගරා, පත්‍රිකා, පුවත්පත් ) යනාදියට අවධානය යොමු කළ හැක. 

                           2. දැනුම හුවමාරුව සදහා මාධ්‍ය අවකාශය 

               ප්‍රජාවගේ දැනුම හුවමාරු කිරීම, දිරි ගැන්වීම, සහභාගිත්වය, කුසලතා සංවර්ධනය, සංවර්ධන පාර්ශවකරුවන් සමග අන්තර් සම්බන්ධතා ගොඩ නැගිය හැකි මාධ්‍ය වැඩසටහන් සම්පාදනය කිරීම සදහා ප්‍රජා ගුවන් විදුලිය, ප්‍රාදේශීය ගුවන් විදුලිය, රූපවාහිනිය මෙන්ම අන්තර්ජාලයද යොදා ගත හැකි වේ.  
     
           3.   ප්‍රජාවගේ දැනුම සහ ආකල්ප ප්‍රවර්ධනය කළ හැකි  මාධ්‍ය සංදේශ 

                                  විදී නාට්‍ය, කුඩා පොත්, සිනමා දර්ශන, සංගීත වැඩසටහන්,ගීත හා නව මාධ්‍යද උපයෝගී කර ගත හැකිය. 

           4. ප්‍රජාවගේ කුසලතා සංවර්ධනය හා අධ්‍යාපනය ලබා දීම. 

                                මේ සදහා වැඩමුළු, සම්මන්ත්‍රණ, දේශන උචිත පරිදි යොදා ගෙන ඒක මාර්ගික නොවී සහභාගිත්ව,ප්‍රජාතන්ත්‍රිය, ද්වි මාර්ගික , සමුහ සන්නිවේදන වැඩසටහන් සංවිධානය කිරීම වැදගත්ය. 

            5. සංවර්ධන සැලසුම්කරණයට අදාළ කුසලතා දියුණු කිරීම.

                                  සංවර්ධන සැලසුම්කරණයට අදාළ වන සංවර්ධන ව්‍යාපෘති සැලසුම් සැදීම, වාර්තා සම්පාදනය, ලිපි ලේඛන කුසලතා, මුලික ගිණුම්කරණය සහ වාර්තාකරණ කුසලතා දියුණු කිරීම මෙහිදී වැදගත් වේ. 

            6.  ප්‍රජාවගේ සන්නිවේදන උපකරණ භාවිත කුසලතා

                                     ප්‍රජාව විසින්ම මැදිහත් වී සංවිධානය කරන  සන්නිවේදන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සදහා අවශ්‍ය වන ශබ්ද විකාශන කට්ටල, රූපවාහිනි යන්ත්‍ර, බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර, පරිගණක,ප්‍රක්ෂේපණය නොවන සන්නිවේදන උපකරණ සපයා ගැනීම හා භාවිතා කිරීමේ කුසලතා මෙහිදී වර්ධනය කරගත යුතුය. 


...................................................................................................................................................................


මහජන සම්බන්ධතා පාඩමේ ඉතිරි කොටස 


අයිවී ලී මහතා 




 tâjâ' t,a' n¾kSia  මහතා 












10 පාඩම 

සන්නිවේදන ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය 
          
               සන්නිවේදනය හා මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබද රාජ්‍ය බලධාරීන්ගේ තීරණ යොමු කෙරෙන පොදු මුලධර්ම සන්නිවේදන ප්‍රතිපත්ති යන යෙදුම භාවිතා වේ. සිවිල් නිදහස හා මානව අයිතිවාසිකම් කෙරෙහි බලපෑම් ඇති වන විට සන්නිවේදන ප්‍රතිපත්ති පුරවැසි ප්‍රතිපත්තියේ කොටසක් බවට පත් වේ. සන්නිවේදනය වඩාත් ඵලදායක වන්නේ එහි ශක්තිය සමාජ සාධකවලින් සහ සංදේශ විසරණය මගින් මහජන මතය හා ඊට අදාළ සාධක එළිදරව් වුවහොත්ය. 

              සන්නිවේදන ප්‍රතිපත්ති (Communication Policy) සම්පාදකයන් හා සැලසුම්කරුවන්ගේ වෘත්තීය මට්ටමේ වගකීම වන්නේ සමාජ ධර්මතා විකෘති නොවන පරිදි සන්නිවේදන ප්‍රතිපත්තිය සකස් කිරීමයි. 

              සන්නිවේදන ප්‍රතිපත්ති හැදෑරීමේ මුඛ්‍ය අරමුණ වන්නේ අන්තර්ගතය පිළිබද අවබෝධය, මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරිත්වය, තාක්ෂණික යටිතල පහසුකම් හා තාක්ෂණික යටිතල පහසුකම් හා තාක්ෂණික සංවර්ධනය, මාධ්‍ය සම්බන්ධතා අධිකාරීන් හා බැදී සම්බන්ධතා යනාදිය කෙරෙහි අවධානය යොමු කිරීමයි. 

              එහෙත් බොහෝ සමාජ විමර්ශනයේදී සන්නිවේදන ප්‍රතිපත්තිවලට බලපාන මග හැරිය නොහැකි හෝ වැළැක්විය නොහැකි වෙනත් සමාජ සාධක රැසක්ද දැක ගත හැකිය. (උදා : වර්ණභේද වාදය, වාර්ගිකත්වය වැනි) සන්නිවේදන ප්‍රතිපත්ති රටාව සකස් කරනු ලබන්නේ තත් සමාජයේ පවත්නා සම්මත දේශපාලන හා සමාජීය තත්වයට අනුකුලව ය.

                          1927 වර්ෂයේදී බී.බී.සී. ආයතනය පිළිබද බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රඥප්තිය (Royal Charter) මගින් මහා බ්‍රිතාන්‍ය සහ යටත්විජිතවල ගුවන්විදුලි මාධ්‍ය හැසිරවීම පිළිබද ප්‍රතිපත්ති හදුන්වා දී තිබේ. මෙහි පදනම වුයේ මහජන සේවා (Public Service) ගුවන්විදුලි සංකල්පය ස්ථාපිත කිරීමයි. පසුකාලීනව මේ ප්‍රතිපත්ති රූපවාහිනී කෙරෙහිද ආදේශ කරනු ලැබීය. 
            
            1934 ඇමරිකා එක්සත් ජනපදයේ සම්මත කරන ලද සන්නිවේදන පනත (Communication Act) මගින් ඇමෙරිකාවේ ගුවන් විදුලිය, රූපවාහිනිය, විදුලි සංදේශ හා විදේශ සන්නිවේදන සදහා පෙඩරල් සන්නිවේදන කොමිශන් සභාව ඇති කරනු ලැබීය. එය ජන මාධ්‍ය ආයතන අතර තාක්ෂණික ගැටලු නියාමනය සදහා කටයුතු කර තිබේ. සන්නිවේදන ප්‍රතිපත්ති සැලසුම් කිරීම සදහා පවත්වන ලද ප්‍රථම සම්මන්ත්‍රණය 1976 කොස්තාරිකාවේ සැන්ජෝස්හි දී පවත්වන ලැබීය. නව ජාතික හා ජාත්‍යන්තර සන්නිවේදන මණ්ඩලයක් පිහිටුවා ගැනීම කෙරෙහි එහිදී අවධානය යොමු විය. සෑම රටකම ජාතික විඥානය ට අමතරව අන්තර්ජාතික සම්බන්ධතා තහවුරු කරන ආකාරයෙන් සන්නිවේදන ප්‍රතිපත්ති සකස් කර ගත යුතු බව දක්වන ලදී. එතැන් පටන් රටවල් තම සන්නිවේදන ප්‍රතිපත්ති මාලාව විධිමත් කිරීමේ කාර්යය ආරම්භ කළේය. 
 
            1970 දශකයේ අග භාගයේදී නොබෙල් සාම ත්‍යාගලාභී ශෝන් මැක්බ්‍රයඩ්ගේ සහභාගිත්වයෙන් යුනෙස්කෝ සංවිධානය විසින් ගෝලීය මාධ්‍ය නිරුපණය වඩාත් සාධාරණියකරණය කිරීමට මැක්බ්‍රයඩ් කොමිසම ආරම්භ කරන ලදී. 
       
             ගෝලීය සන්නිවේදන අසමතුලිතා සම්බන්ධ මුලිකම ගැටලු එවක සන්නිවේදන විශාරදයන්ගේ අවධානයට ලක් විය. 1964 දී විල්බර් ශ්‍රාම් මහතා ජාතින් අතර ප්‍රවෘත්ති ගලනය පිළිබද අදහස් දක්වමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රවෘත්ති අඩු අවධානයක් හා යථාර්ථය විකෘති කිරීමක් කරන බව ප්‍රකාශ කරයි. 

                      එසේම 1969 දී හර්බට් ශෙලර්  මහතා ගුවන් විදුලි සංඛ්‍යාත වෙනස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කොට චන්ද්‍රිකා සම්බන්ධතා මත යුධමය අවශ්‍යතා සදහා වැඩි වශයෙන් යොදවන බව පෙන්වා දෙන ලදී. මේ අදහස් 1970 දශකයේ නොබැදි රටවල් අතර  ප්‍රවෘත්ති හුවමාරු ක්‍රමවේද ගොඩ නැගීමට හේතු විය. 

                      යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ " Many Voice One World " නම් මැක්බ්‍රයිඩ් වාර්තාව දක්වන ආකාරයට රටක සන්නිවේදන ප්‍රතිපත්ති සකස් විය යුත්තේ අසමානතා දුරු කිරීමටයි. එසේ නොවුවහොත් සුළුතරයක් වුවද ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි කළහොත් වෙනත් ආකාරයට ඒ පිඩනය පුපුරා යාමට හැකිය. යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන්නේ ඕනෑම පුද්ගලයෙකු යහපත් ජිවිතයක් ගත කිරීමට අයිතියක් ඇත. ඒ සදහා ජාති හා ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන සන්නිවේදන ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතුය. එමගින් සමාජ දුරස්ථභාවය අවම කරයි. සාමය ආ සමානාත්මතාව ඇති කරනු ලබයි. 

ඔබ විසින් මෙම පාඩමේ සටහන ලියා ගන්න. ඉදිරි දිනකදී පාඩම පැහැදිලි කරන්නම්. 


                  මේ අනුව සෑම පුද්ගලයෙකුගේම ආත්ම ශක්තිය සලකා ලන සන්නිවේදන ප්‍රතිපත්ති මාලාවක් තිබිය යුතුය. පුද්ගල ජිවිතයේ සෑම අංශුවක් හා සමගම සන්නිවේදනය බැදී පවතන බැවින් සන්නිවේදන පරතරය තුරන් කිරීම හෝ අවම කිරීම සදහා රටක සන්නිවේදන ප්‍රතිපත්ති සකස් කළ යුතු වේ. 
   
        රටක මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් වන්නේ පුළුල් වශයෙන් සන්නිවේදන ප්‍රතිපත්ති ඇසුරිනි. මාධ්‍ය ප්‍රතිපත්ති කිසියම් රටක මහජනතාවගේ පොදු සුබ සිද්ධිය සලකා දීම සම්පාදනය කරනු ලබයි. මාධ්‍ය ප්‍රතිපත්තිවල අන්තර්ගතය වන්නේ, 

1. මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරිත්වය .

2. තාක්ෂණික යටිතල පහසුකම් හා තාක්ෂණික සංවර්ධනය 

3. මහජනතාව සමග මාධ්‍ය සම්බන්ධතාව 

4. මාධ්‍ය අධිකාරීන් හා වෙළද පොළ නියාමනය 
                                          
                                    සම්බන්ධවයි. 

මාධ්‍ය ප්‍රතිපත්ති වැදගත් වන්නේ, 

1. නිරවද්‍යතාව අපක්ෂපාතිත්වය සහ සාධාරණත්වය පිළිබද මුලධර්මවලට ගරු කිරීමට.

2. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අවබෝධය සහ මානුෂිය ප්‍රජා අතර සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමට.  

3. සියලුම මාධ්‍ය ආයතනවල කාර්යභාරය ස්වාධීන කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමට.

4. අචාර ධර්ම හා සදාචාරාත්මක මාධ්‍යවේදී පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සහ ස්වාධින යාන්ත්‍රණය නිර්මාණය කිරීමෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම පිණිසය. 

          මාධ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී මුලික අංගයක් වන්නේ රටක පාලන රාමුවයි.  ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය රාමුව මාධ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී ජනතා හිතවාදී ස්වරූපයක් ගනියි. මාධ්‍ය ප්‍රතිපත්ති සාමාන්‍යයෙන් රජයක් විසින් නිර්මාණය කරනු ලැබුවද යුරෝපා සංගමය හෝ ජාත්‍යන්තර වෙළද සංගමය හෝ තම ආයතනයන්හි ක්‍රියාත්මක කිරීම සදහා මාධ්‍ය ආයතන විසින්ම මාධ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය කර ගත හැකිය. මේ සදහා මාධ්‍ය හෝ සන්නිවේදන හිමිකම පිළිබද පිළිගත් ප්‍රකාශන ඉවහල් කර ගනු ලබයි. ඒ අතර මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ' භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය' වැනි වගන්ති මුලික වේ. 


මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය 

+ මානව හිමිකම් පිළිබද අවධානය දිගු කාලීන විකාශය වුවකි. සෑම පුද්ගලයෙකුටම සිය ආගම තෝරා ගැනීම වාර්ගික සමානාත්මතාව ස්ථාපිත කිරීම සදහා ජනයාට අයිතියක් ඇතැයි යන අදහස කෙරෙහි අවධානය යොමු වී පැවතුනි. පසු කාලීනව උපත, දේපළ, ජාතික සමාජ සම්භවය, ජාතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය හා ආගම වැනි සාධක මගින් සමානාත්ම අහිමි වන බව සාකච්ඡාවට භාජනය වී තිබිණි. 

+ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය (Universal Declaration of Human Rights - UDHR ) යනු මානව හිමිකම් ඉතිහාසයේ සන්ධිස්ථානයකි. ලෝකය පුරා සම ප්‍රදේශයකම විවිධ නෛතික හා සංස්කෘතික පසුබිම්වල නියෝජිතයන් විසින් සකස් කරන ලද මෙම මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය එළි දක්වන ලද්දේ 1948 දෙසැම්බර් 10 වන දින පැරීසියේ පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනි.ඒ අනුව සෑම වසරකම දෙසැම්බර් 10 වන දින විශ්ව මානව හිමිකම් දිනය ලෙස නම් කර තිබේ. 

+ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය ආරම්භ වන්නේ දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම්වල ප්‍රතිඵලයක් වශයෙනි. මෙම ප්‍රකාශනය නිසා ලෝකයේ බොහෝ රටවල මූලික අයිතිවාසිකම් සදහා පදනම සකස් විය. 

+ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය ආරම්භ වන්නේ මිනිස් සමාජයේ සියලු සාමාජිකයන්ට නෛසර්ගික ගෞරවය නිදහස හා යුක්තිය සමාජ පදනම බව පිළි ගනිමිනි. එමගින් ප්‍රකාශ වන්නේ මානව අයිතිවාසිකම් විශ්ව සම්මුතියක් බවත් කවුරුන් කොතැනක ජිවත් වුවත් සියල්ලන් විසින් භුක්ති විදිය හැකි විය යුතු බවත්ය. 

+  විශ්ව ප්‍රකාශනයේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම්වලට ජිවත් වීමේ අයිතිය, නිදහස,නිදහස් භාෂණය හා පෞද්ගලිකත්වය වැනි දේ ඇතුළත් වේ. සන්නිවේදනය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අදාළ වන්නේ මෙහි 19 වන වගන්තියයි. විශ්වීය ප්‍රකාශය ගිවිසුමක් නොවන නිසා රටවල් මේ සමග නීතිමය වශයෙන් බැදීමක්ද සිදු නොවේ. 


19 වන වගන්තිය - " තම මතය දැරීමේ හා ප්‍රකාශ කිරීමේ නිදහසට අයිතියක් සෑම කෙනෙකුටම ඇත. බාධා කිරීම්වලින් තොරව මතිමතාන්තර දැරිමෙත්, සීමා මායිම් නොසළකා කවර හෝ මාධ්‍යක් මගින් තොරතුරු හා අදහස් සෙවීමේ,ලබා ගැනීමේ හා බෙදා හැරීමේ නිදහස මේ අයිතියට ඇතුළත්ය." (පුවත්පත් කලා සමීක්ෂා ii ,95 පිටුව)


+ ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. එබැවින් මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයේ ඇතුලත් කරුණු ක්‍රියාත්මක කිරීමට අප රටද බැදී සිටි.


+ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක සමකාලීන නීතියේ විධිවිධාන හා බැදී රටක පාලනයට සම්බන්ධ නෛතික වූ නීති පද්ධතියකි. 

+ 1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවට අනුව iii වන පරිඡේදයේ 10 වැනි වගන්තියේ සිට 14 වැනි වගන්තිය දක්වා මූලික අයිතිවාසිකම් වේ. 
            14 (1) (අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස අයත්ය. සෑම පුරවැසියෙකුටම,  
                        (අ)  භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය. 
+ මෙම නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් සිමා කිරීමකට ලක් කර ඇත. ඒ බව 15 (1) සහ 15 (2) වගන්තිවලින් දක්වා ඇත. 

+ 15 (1) 13 වන ව්‍යවස්ථාවේ (5) වන සහ (6) වන අනුව්‍යවස්ථාවලින් ප්‍රකාශ කොට පිළිගෙන ඇති මුලික අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කේද, රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස නීතියෙන් සිමා කිරීම්වලට පමණක් යටත්ව ය. මේ අනුව අනු ව්‍යවස්ථාවේ කාර්යය සදහා "නිතිය" යන්නට මහජන ආරක්ෂාව පිළිබද තත් කාලයේ අදාළ වන නිතිය යටතේ සාදන ලද නියෝගද ඇතුළත් වන්නේය. 

+ 15 (7) 12 ව්‍යවස්ථාවෙන්,13 වන ව්‍යවස්ථාවේ (1) වන සහ දෙවන අනුව්‍යවස්ථාවලින් සහ 14 වන ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිළිගෙන ඇති සියලුම මුලික අයිතිවාසිකම් භුක්ති විදිය හැක්කේ ද ක්‍රියාත්මක විය හැක්කේද රාජ්‍ය ආරක්ෂාව ද රටේ යථා පැවැත්මද තහවුරු කිරීම පිණිසත්, මහාජ සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස නිසි පරිදි පිළි ගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලා ගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු ශුබ සාධනය සදහා යුක්තිසහගතව අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සිමා කිරීම්වලට යටත්වය. මේ අනු ව්‍යවස්ථාවේ කාර්ය සදහා "නිතිය" යන්නට මහජන ආරක්ෂාව පිළිබදව තත් කාලයේ අදාළ වන නිතිය යටතේ සාදන ලද නියෝග ඇතුළත් වන්නේය. 

+ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු අයිතියද මුලික අයිතිවාසිකමක් ලෙස තහවුරු විය. 

මාධ්‍ය නිදහස 

+ පුද්ගල නිදහසේ දිගුවක් ලෙස පුවත්පත් නිදහසත්, එහි දිගුවක් ලෙස මාධ්‍ය නිදහසත් ප්‍රචලිත විය. ඉන් අදහස් කෙරුණේ විද්‍යුත් හෝ මුද්‍රිත හෝ අන්‍ය මාදිලියක මාධ්‍යකින් හෝ සංදේශ විසරණය කිරීමෙහිලා " ප්‍රකාශනයේ නිදහස" අත්‍යවශ්‍ය වන බවයි. 

+ මාධ්‍ය නිදහසට බාධක වශයෙන් පැමිණෙන දේශපාලන,සමාජ හා නෛතික(නීතිමය) සාධක කවරේද යන්න සංවාදයට බදුන් විය. 

+ විධිමත් ලෙස ප්‍රකාශන නිදහස යන්න මුල්වරට ඉදිරිපත් වුයේ 1948 දෙසැම්බර් 10 වන දා මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය ඉදිරිපත් වීමත් සමගය. 


+ රටක පවතින නෛතික ව්‍යුහය අනුව යම් යම් අවස්ථාවලදී මාධ්‍ය නිදහස අභියෝගයට පත් වුවද මෙයට පදනම් වන සිද්ධාන්ත අභියෝගයට ලක් කිරීම  දුෂ්කරය.

+ මාධ්‍ය නිදහස මගින් අත්පත් වන ප්‍රධානම කාර්යයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල සලකනු ලබන්නේ ග්‍රාහකයා වෙත සමීප වන තොරතුරු එකිනෙක ගෙන වාද විවාදවලට ලක් කොට එකග බව හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබීමයි. එමගින් විවිධාකාර මත පළ වීමත් එකග වීම සහ එකග නොවීම යන ක්‍රියාදාම බහුල වීමත් දැකගත හැකිය. මෙමගින් ග්‍රාහක දැනුවත්බව ප්‍රබලත්වයට පත්වීම වැළක්විය නොහැකිය. 

+  තමන් අභිමත දේ පමණක් ඒක පාර්ශවීයව ගෙන ග්‍රාහක ලෝකයට නැඹුරු කිරීම වෙනුවට බහු පාර්ශවික ස්වභාවයකින් එය යොමු කිරීම මාධ්‍ය නිදහසේ අපේක්ෂාව විය යුතු බව පෙන්වා දී ඇත. 

+ කාලයාගේ ඇවෑමෙන් සන්නිවේදන තාක්ෂණයේ නැගීමත් අන්තර්ජාලය හා පරිගණක සේවා බහුල වීමෙන් මාධ්‍ය නිදහස යන සංකල්පය  අභියෝගයට ලක් වූ බවක් හැකිය. මේ පිළිබදව එක මතයක් වන්නේ නියාමනය කළ නොහැකි පරිදි අන්තර්ජාලය හා සමාජ ජාලා භාවිතයට පැමිණ ඇති බවයි. ඒ අනුව පාලනයෙන් තොර බහුවිධ ප්‍රකාශන රැසක් මාධ්‍යවලින් විකාශනයට පත් වීම වැළක්විය නොහැකි වී ඇත. 

+ නව මාධ්‍ය ජාලවල නැගීමත් සමගම ස්වදේශීය - විදේශීය භේදයකින් තොරව තොරතුරක් ජාත්‍යන්තර ස්වරූපයක තත්වය ගැනීම වැළැක්විය නොහැකි සේම එක දේශපාලන මතවාදයකින් ඒ තොරතුර යටපත් කිරීමද කළ නොහැකිය. 

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත 
 
     + බුද්ධිමය දේපළ යනුවෙන් අදහස් කරන්නේ අදහස් මානව මතයේ නිර්මාණශිලිත්වය මගින් බිහි කරන සමස්තය ඇති අයිතිවාසිකම්ය. කාර්මික, විද්‍යාත්මක, සාහිත්‍ය කලා හා සෞන්දර්යත්මක ක්ෂේත්‍රවල බුද්ධිමය ක්‍රියා පදනම් අයිතිවාසිකම් මෙයට අයත් වේ. මිට අමතරව එහි විෂය  ක්ෂේත්‍රය පුළුල් වේ. නවකතා, කෙටි කතා, නාට්‍ය, චිත්‍රපට,සංගීත, කෘති, ඡායාරූප, මුර්ති, පරිගණක වැඩසටහන්, ගෘහ නිර්මාණ සැලසුම්, විවිධ නව සැලසුම්, වෙළද සන්නාම හා පේටන්ට් බලපත්‍ර යනාදිය ඊට අයත් වේ. 

    + රටක නිර්මාණකරණය සදහා නීතිමය ආරක්ෂාව අවශ්‍ය වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ සදහා ආරක්ෂාව සපයන්නේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතයි. 

   + මේ පනතේ 06 වැනි වගන්තියට අනුව සාහිත්‍ය, කලාත්මක සහ විද්‍යාත්මක ක්ෂේත්‍රවල මුල්ම  බුද්ධිමය  නිර්මාණ සදහා මෙලෙස ආරක්ෂාව සලසා ඇත. ප්‍රකාශන හිමිකම දෙයාකාරයකින් හිමි වන අතර ඒ ආර්ථික අයිතිවාසිකම් සහ සදාචාරාත්මක අයිතිවාසිකම් වශයෙනි. 

   + කෙසේ වෙතත් අයිතිකරුගේ දේපළ පිළිබද සමාජයේ අනෙකුත් සාමාජිකයන්ගේ නිත්‍යානුකුලව පිළිගත් අයිතිවාසිකම් සහ අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය. 

   + පනතේ 9 (1) වගන්තියට අනුව ආර්ථික අයිතිවාසිකම යන්නට නිර්මාණයේ හිමිකරුම පමණක් සිදු කිරීම හෝ සිදු කිරීමට බලාපොරොත්තුවන අංග ලෙස ප්‍රතිනිෂ්පාදනය කිරීම, පරිවර්තනය, බෙදා හැරීම, කුලියට දීම, ආනයනය කිරීම, ප්‍රදර්ශනය කිරීම, විකාශනය හෝ සන්නිවේදනය කිරීම අදාළ වේ. 
ආර්ථික අයිතිවාසිකමේ මුල් අයිතිය රදා පවතින්නේ කර්තෘතව ස්වභාවය මතය. ඒ අනුව හවුල් නිර්මාණයකදී අදාළ පාර්ශවවලට ආර්ථික අයිතිවාසිකම කර්තෘතවය මත හිමි වේ.   


 
සාධාරණ භාවිතය (Fair Use) 

සාධාරණ භාවිතය යනු හිමිකම් අයිතිය උල්ලංඝනය කිරීමක් නොවන අතර විවේචන, විචාරය, ප්‍රවෘත්ති වාර්තාකරණය,ඉගැන්වීම, ශිෂ්වත්ව හෝ පර්යේෂණ සදහා ආදී වෙනත් කාර්යයන් සදහා යොදා ගැනීමට ඇති අවසරයි. 

භාවිතයට සාධාරණද යන්නන තීරණය කිරීම සදහා සලකා බැලිය යුතු කරුණු 4ක් ඇත. 

1. භාවිතය හා එහි ස්වභාවය. 

2. හිමිකම් ආරක්ෂා කර ඇති කාර්යයේ ස්වභාවය. 

3. සම්පුර්ණ හිමිකම් සහිත කාර්යයවලදී භාවිත කරනු ලබන කාර්යය ප්‍රමාණය.

4. හිමිකම් ආරක්ෂා කළ කාර්යය වෙළද පොළ සදහා භාවිතා කිරීම සදහා ඇති බලපෑම.


2016 අංක 12 දරන තොරතුරු දැන  ගැනීමේ පනත ( Right to Information Act - RIT

+ රාජ්‍ය ආයතන පවත්වාගෙන යනු ලබන තොරතුරු මහජනයාට ලබා ගැනීමට ඇති අයිතිය මේ පනතින් තහවුරු කෙරේ. 

+ ප්‍රතිපත්ති සම්පාදනය සදහා  මහජන සගභාගිත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් විනිවිද භාවය, රාජ්‍ය වගකීම් , පොදු මහජන ආරක්ෂාව හා දුෂණයට එරෙහිව තොරතුරු ලබා ගැනීමේ අයිතිය මෙමගින් තහවුරු කෙරේ. ප්‍රවේශ වීමේ හැකියාව, මුද්‍රිත ලේඛන, පරිගණක ලිපි ගොනු, ලිපි, විද්‍යුත් තැපැල්, ඡායාරූප, ගිවිසුම්, සැලසුම් හා ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත් කිරීම් යනාදිය මෙයට ඇතුලත් වේ. ඕනෑම තොරතුරක් යන්නට රාජ්‍ය  භාෂාව, විභාග කටයුතු, පෞද්ගලික වෛද්‍ය වාර්තා යනාදිය මිට ඇතුළත් වේ. 

ඓතිහාසික පදනම - (තොරතුරු දැන  ගැනීමේ නීති)

+ ලෝකයේ ප්‍රථම වරට 1766 දී ස්වීඩනය විසින් තොරතුරු දැන ගැනීමේ නීති සම්මත කරන ලදී. 

+ 1946 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාර 59 (1) විසින් තොරතුරු ලබා ගැනීමේ අයිතිය සම්මත කරන ලදී. 

+ 1966 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් තොරතුරු නිදහස පිළිබද පනත සම්මත කරන ලදී. 

+ යුරෝපීය කවුන්සලය විසින් රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන තොරතුරු සදහා ප්‍රවේශය පිළිබද නිර්දේශ සාමාජික රටවල් වෙත ලබා දෙන ලදී. 

+ ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත විසින් ඊට අදාළ ක්‍රියාකාරී යාන්ත්‍රණය 2017 පෙබරවාරි 02 වනදා සිට ක්‍රියාත්මක කරන ලදී. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම සදහා තොරතුරු දැන ගැනීමේ කොමිසම පිහිටුවා ඇති අතර එමගින් පනතට අදාළ පැමිණිලි විභාග කරනු ලැබේ. 

+ මේ ක්‍රියාදාමය සාර්ථක කර ගැනීම සදහා රාජ්‍ය යාන්ත්‍රණයේ මහජන සම්බන්ධතා පිළිබද නිලධාරීන්ගේ හෝ තොරතුරු සැපයීම සදහා නිසි වෘත්තීය නිපුණතාවයකින් යුතු  නිලධාරීන්ගේ සේවය මෙන්ම භාවිතය පිළිබද ජනතාවගේ දැනුවත් බවද බෙහෙවි ඉවහල් වේ. 



මාධ්‍ය නියාමනය 


+මාධ්‍ය නියාමනය මාධ්‍ය ප්‍රතිපත්ති සමග සමීප සම්බන්ධතාවයක් පවත්වයි. රජය සහ වෙනත් නිල තීරණ ගනු ලබන කණ්ඩයම් මගින් යම් ආකාරයකට මාධ්‍ය ව්‍යුහ, මාධ්‍ය හැසිරීම් හා මාධ්‍ය පාලනය පිළිබද විධිමත්, හා අවිධිමත් ආකර්රයට යාන්ත්‍රණ නිර්මාණය කිරීම මින් අදහස් වේ. මෙය රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ලෙසද ස්ථාපිත කෙරේ. 

+ "මහජන ආයතනයක් විසින් ප්‍රජාවගේ පිළිගැනීමට ලක් වූ ක්‍රියාකාරකම් පිළිබදව බල පවත්වනු ලබන ඉලක්ක ගත පාලනයක්" නියාමනය ලෙස හැදින්විය හැකිය. 

+ මාධ්‍ය නියාමනය  යනු නුතන මාධ්‍ය භාවිතයේ කැපිපෙනෙන සංකල්පයකි. 

+ විවිධත්වය,තරගකාරිත්වය සහ නිදහස වැනි ප්‍රතිපත්තියක අරමුණු තහවුරු කිරීම සදහා මාධ්‍ය ක්‍රමවේදයන්, සහ ආයතනවලට අදාළ ව නීතිමය බැදීමක් සහිතව සිදු කරන ක්‍රියාවලියක් ලෙස මෙය හැදින්විය හැකිය. 

+ රජය හෝ  රජය සම්බන්ධ වී මාධ්‍ය සංවිධාන මගින් නියාමන ක්‍රියාවලි ආරම්භ කළ හැකිය. 

+ නියාමනය යන්න මාධ්‍ය ප්‍රතිපත්තිවල සාකච්ඡාවට ලක්වන විෂය ක්ෂේත්‍රයකි. 

+ එය ධනාත්මක මෙන්ම ඍණාත්මක මුහුණුවරකින්ද ක්‍රියාත්මකවනු දැකිය හැකිය. කිසියම් පිළිගත් ප්‍රමිතියක් සහිතව ප්‍රවෘත්ති විකාශය කිරීමට ඉඩ සැලසීම ධනාත්මක නියාමනකි. යම් සන්දේශයක් මාධ්‍යයෙහි ඉදිරිපත්වීම වැළක්වීම ඍණාත්මක නියාමනකි.

+ නියාමනය එක එක මාධ්‍යට විශේෂිතව පවතින බව හදුනා ගත හැකිය. ඒ මුද්‍රිත මාධ්‍ය නියාමනය, විද්‍යුත් මාධ්‍ය නියාමනය වශයෙනි. එහෙත් ඩිජිටල් තාක්ෂණ ක්‍රියාවලියේදී අන්තර්ජාලය පුළුල් වත්ම මාධ්‍ය වලට විශේෂිත නියාමනය අර්ථ විරහිත් දෙයක් ලෙස පෙනී යා හැකිය. එනම් අන්තර්ජාලය හා වෙනත් සමාජ මාධ්‍ය නියාමනය වර්තමානය වනවිට අපහසු කටයුත්තක් වී ඇති බැවිනි. 

+ 15වන සියවසේ මැද භාගයේදී මුද්‍රණ යන්ත්‍ර භාවිතයෙන් බටහිර යුරෝපයේ පොත් මුද්‍රණය ආරම්භවන විටම මාධ්‍ය නියාමනය ආරම්භ වී ඇති බව හදුනාගත හැකිය. මුද්‍රණය ව්‍යාපාරයක් මෙන්ම කර්මාන්තයක් ලෙස ව්‍යාප්ත වන විට පල්ලිය සහ රාජ්‍ය, මුද්‍රිත ප්‍රකාශනවල අන්තතර්ගතය කුමක්ද? යන්න පිළිබද විමසීමට උනන්දු වූ බව පෙනේ. පොත් මුද්‍රණයට පෙර කිසියම් බලධාරියෙකුගේ අනුමැතිය ගැනීමටත්, ඒවා ආනයනය හා අපනයනයේදීත් කිසියම් පාලනයකට/සීමා කිරීමකට නතු කෙරිණි. 

+ මාධ්‍ය නියමනයේ අවශ්‍යතාවය කරුණු 6ක් යටතේ හදුනාගත හැකිය.
    
    1. තොරතුරු සමාජයක පවත්නා විවිධ සන්නිවේදන විධික්‍රම යනු ආර්ථික සම්පතකි. එබැවින් ඒවා කළමනාකරණය කිරීමට නියාමනය අවශ්‍ය වේ. 

    2. මහජන සාමය ආරක්ෂා කිරීමට නියාමනය අවශ්‍ය වේ. 

    3. පාලනය නොකරන ලද පොදු මහජන සන්නිවේදන ක්‍රම මගින් තනි පුද්ගලයන්ගේ අයිතියට සිදුවන බලපෑම පාලනය කිරීමට නියාමනය අවශ්‍ය වේ.

    4. තාක්ෂණික ප්‍රමිතිකරණය, නවෝත්පාදනය, අන්තර් සම්බන්ධතා මත පදනම් වූ සන්නිවේදන ක්‍රම වේද වලට සංවර්ධනයට සහ ඵලදායි භාවිතයට නියාමනය අවශ්‍ය වේ. 

    5. තමන් තෝරා ගත් සන්නිවේදනාත්මක හා සංස්කෘතික භාවිතය මත පදනම්ව තොරතුරු වෙත ප්‍රවේශ වීම, සන්නිවේදනයේ නිදහස, විවිධත්වය සහ විශ්වීය වටිනාකම් ප්‍රවර්ධනයට නියාමනය වැදගත් වේ.

   6. මාධ්‍ය සේවාවල නිදහස් වෙළදපොළ භාවිතය, ප්‍රවේශ වීමේ තරගකාරිත්වය, පාරිභෝගික අයිතිය යනාදිය පවත්වාගෙන යාමට නියාමනය වැදගත් වේ. 

 

නියාමන වර්ග 

     ලෝකයේ මාධ්‍ය නියාමනය සදහා භාවිතා කරන මුලික ප්‍රවේශ හතරක් හදුනා ගත හැකිය. 

1. ස්වයං නියාමනය (Self regulation) 

2. සහනියාමනය (Co-regulation)

3. ව්‍යවස්ථාපිත නියාමනය (Statutory regulation) 

4. අභ්‍යන්තර නියාමනය (In house regulation) 

 
1. ස්වයං නියාමනය (Self regulation)  
        
              පුර්ණ රාජ්‍ය මැදිහත්වීමකින් තොරව මාධ්‍ය මගින් ස්වෙච්ඡාවෙන් සිදු කරනු ලබන ක්‍රියාත්මක වන නියාමන ක්‍රියාවලියකි. මාධ්‍ය හිමිකරුවන්,සංස්කාරකවරුන්,ජනමාධ්‍යකරුවන් විසින් එක්ව හෝ වෙන් වෙන් වශයෙන් සිදු කරනු ලබයි. මෙවැනි ක්‍රියාවලියකදී ආචාරධර්ම/මාර්ගෝපදේශ සකස් කිරීමේ ක්‍රියාවලියට මාධ්‍ය වෘත්තිකයෝ සහභාගී වෙති. එමෙන්ම ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි විමසා බලන ව්‍යුහයට (මණ්ඩල,කොමිසම්,කමිටු) සහභාගී වන්නෝ ද එකී මාධ්‍යයේ නියැලෙන වෘත්තිකයෝය. එවැනි ව්‍යුහවලට මහජන නියෝජනයක් ලබා දීමේ අරමුණෙන් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයෝ හා පර්යේෂකයෝ ද සහභාගී කර ගැනෙති. 
  
            මාධ්‍ය මුහුණදෙන සැබෑ ගැටලු හදුනා ගැනීමටත් ඒවාට කඩිනමින් පියවර ගැනීමටත් මේ යටතේ ඉඩකඩ සැලසේ. එමෙන්ම කිසියම් දඩුවමක් නියම කිරීමේදී නීතිමය බැදීමක් නොමැති වුවද බලපායි. ඇතැම් මාධ්‍ය ස්වයං - නියාමනය මගින් දෙනු ලබන නිර්දේශවලට අනුව කටයුතු කිරීමෙන් වැළකී සිටින්නේද එකී නීතිමය බැදීමක් නොමැති හෙයිනි. 

2. සහනියාමනය (Co-regulation)

          මාධ්‍ය නියෝජිතයන්ගේ කැපී පෙනෙන මැදිහත්වීමක් සහිතව නිතිය මගින් ස්ථාපිත කරන ලද නියාමනය සහනියාමනය ලෙස හැදින්විය හැකිය. මාධ්‍ය නිජිතයන් යන්නට මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය සංස්කාරකවරුන් මෙන්ම මාධ්‍යකරුවෝද ඇතුළත් වෙති. මාධ්‍ය නියෝජිතයගේද සහභාගිත්වය සහිතව ආචාරධර්ම, මාර්ගෝපදේශ සකස්කෙරේ. මාධ්‍යකරුවන්ට මෙමගින් ලබා දෙන තීන්දු හා නිර්දේශ නොසලකා හැරිය නොහැකි වීම මෙහි ඇති ප්‍රධාන ලක්ෂණයකි. නිතිය මගින් ස්ථාපිතව ඇති බැවින් රාජ්‍ය මැදිහත් වීම දැකිය හැකිය. ඒ නිසා මාධ්‍ය මෙවැනි නියාමන ආයතන සමග සහයෝගිව වැඩ කිරීමට පසුබෑමක් පෙන්විය හැකිය.    


3. ව්‍යවස්ථාපිත නියාමනය (Statutory regulation) 
 
                නිතිය මගින් ස්ථාපිත, මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල මැදිහත් වීමක් නොමැති විධි ක්‍රමයකි. සිවිල් සමාජ කණ්ඩායම්, නීතීඥ සංගම් සහ ශාස්ත්‍රාලයීය පර්යේෂකයෝ නියාමන මණ්ඩලවල  සාමාජිකත්වය  දරති. ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තුව මගින් හෝ එවැනි කිසියම් මණ්ඩලයක් මගින් පත් කරන නියෝජිතයන්ගෙන් නියාමන ව්‍යුහය සමන්විත වේ. මාර්ගෝපදේශ සකස් කිරීම ඊට අදාළ  නිරීක්ෂණ කටයුතු අදාල ව්‍යුහ මගින් සිදු කරනු ලබයි. 

               නියාමන ක්‍රියාවලියේදී ඇතැම් විටෙක දැඩි බවක් පැවතිය හැකිය. දැඩි දේශපාලන බලයක් සහිත බලවේග ක්‍රියාත්මක විය හැකි දේශපාලන බලපෑම්වලට නතුවීමට ඇති හැකියාව මත ස්වාධීනත්වය ගිලිහි යා හැකිය. මාධ්‍ය බරපතළ ලෙස පාලනය කිරීමේ හැකියාව පවතින බැවින් මධ්‍යයේ සහයෝගය අවම මට්ටමකට පත් විය හැකිය. 

4. අභ්‍යන්තර නියාමනය (In house regulation) 

          ඇතැම් මාධ්‍ය ආයතන නියාමන ක්‍රියාවලිය තම ආයතන මට්ටමින් අභ්‍යන්තරිකව පවත්වාගෙන යයි. මාධ්‍ය ආයතන තම ආයතනය වෙනුවෙන් ඒ සදහා ඕම්බුඩ්ස්මන්වරයෙක් (Ombudsman) පත් කරනු ලබයි. මාධ්‍ය ආයතනයේ කටයුතු කළ  විශ්‍රාම ගත් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් ඕම්බුඩ්ස්මන්වරයා ලෙස බොහෝ විට පත් කරනු ලැබේ. එසේ නොමැති මාධ්‍ය විෂය පිළිබද අවබෝධයක් ඇති ස්වාධින විද්වතෙකු ඒ සදහා පත් කරනු ලබන අවස්ථාද දැක ගත හැකිය. 

          මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ආයතනයේ සංස්කාරකවරුන්ට දැනුම් දීමත් ඒ සදහා ගත හැකි පියවර නිර්දේශ කිරීමත් ඕම්බුඩ්ස්මන්වරයාගේ කාර්යය වේ. 

         බාහිර නියාමන ක්‍රමවේදයන් සමග ක්‍රියාත්මක විය හැකි අභ්‍යන්තරික ප්‍රවේශයක් ලෙස මෙය හදුනාගත හැකි වේ. වෘත්තීයභාවය  ඉහළ මට්ටමක පවත්නා මාධ්‍ය ආයතනවලට වඩාත් යෝග්‍ය නියාමන ක්‍රම වේදයක් ලෙස මෙය හැදින්විය හැකිය. 

 

මාධ්‍ය නියාමන ආයතන  කිහිපයක් හා ඒවායේ කාර්යභාරය 

1. ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය (Public Performance Board) 

   1912 ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ පනවන ලද තීරණයකින් ආරම්භ වූ ක්‍රියාවලියකි. සංදර්ශන,ප්‍රසංග හා චිත්‍රපට යනාදිය මහජන ප්‍රදර්ශනයට පෙර නිරීක්ෂණය කර ඊට අදාළ  නියාමන කටයුතුවල දීම මෙහි මුලික අරමුණ විය. 
   1951 අංක 23 දරණ පනතින් ඒ ක්‍රියාවලිය සිදු කිරීමට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය ස්ථාපනය කරන ලදී. මෙහි මුලික කටයුතු ලෙස වඩාත් සාකච්ඡාවට ලක්වන්නේ චිත්‍රපට ශාලාවට මුදා හැරීමේදී නිකුත් කරන සහතිකය අදාළව U,X සහ A යන වර්ගීකරණයට චිත්‍රපට සදහා ලබා දීමෙන් මෙන්ම මණ්ඩලය මගින් කලින් කලට සකස් කරනු ලබන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව චිත්‍රපටවල දෙබස් තෝරා ගත දර්ශන ඉවත් කිරීම යනාදියයි. ඇතැම් විටක චිත්‍රපට පූර්ණ වාරණයට ලක් කිරීමටද පියවර ගැනේ. 

"U " සහතිකය - අසීමාන්ත මහජන ප්‍රදර්ශනයට සුදුසුය; කිසිදු  තොරව සෑම කෙනෙකුටම  නැරඹිය හැකිය. 

" X" සහතිකය - වැඩිහිටියන්ට පමණක් සුදුසුය; අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙකුට නැරඹිය හැකිය. 

" A" සහතිකය -  වැඩිහිටියන්ට වඩාත් සුදුසුය; වැඩිහිටියන් සමග පැමිණෙන වයස 18ට අඩු ළමයින්ටද නැරඹිය හැකිය. 

පනතට අනුව රැගුම් පාලක මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම අදාළ විෂයභාර ඇමතිවරයාගේ කටයුත්තකි. එහෙත් එක් එක් කාල සීමාවලට මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමට කටයුතු නොකර තනි පුද්ගලයෙකු (සභාපති) යටතේ ක්‍රියාත්මක වූ අවස්ථාද දක්නට ලැබේ.  


2. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය (Sri Lanka Press Council)  

          ශ්‍රී ලංකා පුවත්පත් මාධ්‍ය නියාමන සදහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයයි. 1973 අංක 05 දරණ  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ මෙය පවත්වාගෙන යනු ලබයි. පුවත්පත්වල වෘත්තීය තත්වය ඉහළ නැංවීම, පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම, පුවත්පත් ආචාර ධර්ම පවත්වාගෙන යාම සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබද හැගීමක් ඇති කිරීම ඇතුළු පරමාර්ථ ගණනාවක් මුල් කර ගනිමින් මණ්ඩලය පිහිටුවා තිබේ.  පුවත්පත් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ එහි කොමසාරිස්වරයාය. එහි සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ යටතේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරු නිල බලයෙන් පත් කෙරෙති. පුවත්පත් මණ්ඩලය යටතේ ඇති 1981 දී ගැසට් මගින් ප්‍රකාශයට කර ඇති ආචාර ධර්ම මාලාවට ඇතුළත් පුවත්පත් ආචාර ධර්ම කඩ කිරීම පිළිබද මහජන පැමිණිලි විභාග කරනු ලබන්නේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි. පුවත්පත් ආචාර ධර්ම කඩ කිරීම පිළිබද  විභාග කර තීන්දු ප්‍රකාශයට පත් කළ හැකි අතර මේ පනත මගින් මණ්ඩලයට අධිකරණ බලතල අර්ධ වශයෙන් ලබා දී තිබේ. 


3. ශ්‍රී ලංකා විදුලි සංදේශන  කොමිශන්  සභාව (Sri Lanka Telecommunication Regulatory Commission - SLTRC)

            1996 අංක 27 දරණ  ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනත යටතේ ස්ථාපිත ආයතනයකි. විදුලි සංදේශ නියාමන ආයතනය ලෙස  විදුලි සංදේශ කර්මාන්තයේ නියාමනය, මහජන අයිති ආරක්ෂා කිරීම ආදිය මේ යටතේ සිදු කෙරේ. විදුලි සංදේශ සේවා සැපයීමේදී මෙන් ම ඊට අදාළ උපාංගවල ගුණාත්මකභාවය පිළිබද කටයුතු කිරීමේදී නව විදුලි සංදේශ ක්‍රමෝපාය ප්‍රවර්ධනය කිරීම කොමිසමේ අරමුණු අතර වේ. 

            ගුවන් විදුලි සහ රූපවාහිනි විකාශ සදහා සංඛ්‍යා පද්ධති බෙදා දීම මෙමගින් සිදුවන කාර්යයකි. ජංගම දුරකථන භාවිතයේ දී ග්‍රාහකයන්ට මතු වන ගැටලු පිළිබද පැමිණිලි කිරීමටත් ඊට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ඇත අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පරිපාලන කටයුතු සිදු කෙරේ. 


4. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම (Press Complaints Commission of Sri Lanka - PCCSL) 

           ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පුවත්පත් ප්‍රකාශකයාගේ සංගමය යන ආයතන  ඒකාබද්ධ ව පිහිට වූ ස්වයං නියාමන ආයතනයකි.  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අනුබද්ධව 2003 වසරේදී පිහිටුවනු ලැබීය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය මගින් ප්‍රකාශයට පත් කර ඇති වෘත්තීය මාර්ගෝපදේශ සංග්‍රහය යටතේ පුවත්පත් මගින් සිදු වන ආචාරධර්ම කඩ කිරීම පිළිබද පැමිණිලි මේ කොමිසම වෙත ඉදිරිපත් කළ හැකිය. මහජනතාවගෙන් ලිඛිතව ලැබෙන පැමිණිලි ඒ ඒ පුවත්පත් වෙත යොමු කර ඊට අදාළ කරුණු විමසා බලා නිවැරදි කිරීමක් පළ කිරීමට ඉල්ලීම් කිරීමත් කොමිසම මගින් සිදු කරනු ලැබේ. පැමිණිලි විභාග කිරීමට පුවත්පත් මාධ්‍ය මෙන්ම වෙනත් ක්ෂේත්‍රවලට අයත් විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර තිබේ.
 

5.ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ( Sri Lanka Computer Emergency Team; Coordination Center - CERTCC ) 

              ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් Information and Communication Technology Agency - ICTA යටතේ 2006 වසරේ දී පිහිටුවන ලද ආයතනයකි. රටේ ජාතික සයිබර් ආරක්ෂණ ආයතනය වශයෙන් ක්‍රියාත්මක වෙමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් සිදු කරනු ලබන සයිබර් අපරාධ සදහා කඩිනම් ප්‍රතිචර්ර දැක්වීමට කටයුතු කරයි. පරිගණක භාවිතයෙන් සිදු කෙරෙන මුල්‍ය සහ වෙනත් අපරාධ පිළිබදවත්, ත්‍රස්තවාදී  සංවිධානවල ක්‍රියාකාරිත්වය කෙරෙහි දැනුවත් කිරීම් පිළිබදවත් අනතුරු ඇගවීම හා විසදුම් ලබා දීම මෙහි කාර්යය සේ දැක්විය හැකිය. 
         
        පරිගණක ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් මහජන පැමිණිලි විමර්ශනය කර ඊට අදාළ විසදුම් සැපයීම මෙමගින් සිදු කරනු ලැබේ. සමාජ මාධ්‍ය ජාලවලට අදාළ ව්‍යාජ ගිණුම් පිළිබද පැමිණිලි ආදී වශයෙන් මේ ආයතනය වෙත යොමු වන බව පෙනේ. 



මාධ්‍ය ආචාර ධර්ම හා මාධ්‍ය මාර්ගෝපදේශ  


+ 20වන සියවසේ මාධ්‍ය භාවිතය සමග වැඞුණු ප්‍රධාන ධාරාවක් ලෙස  මාධ්‍ය ආචාර ධර්ම සැලකිය හැකිය. ලෝකයේ පිළිගත් ඕනෑම වෘත්තියකට අදාළව පවත්නා ආකාරයෙන් මාධ්‍ය වෘත්තිකයන් සදහා බලපාන ආචාර ධර්ම සකස් කර තිබේ. මාධ්‍ය සංදේශ සකස් කිරීමේදී ද විෂය මුලික බව, වගකීම, සාධාරණ බව යන සාධක මුල් කර ගනිමින් ආචාර ධර්ම සකස් වී ඇත. මෙහි අරමුණ වන්නේ වගකීම් සහගත මාධ්‍ය භාවිතයෙන් යුතු  වෘත්තිකයයෙකු බිහි කර ගැනීමයි. 

+ නිරවද්‍යතාව, පුද්ගලිකත්වය, මුලාශ්‍රය හෙළි නොකිරීම සහ පිළිතුරු දීමේ අයිතිය වැනි කරුණු ආචාර ධර්ම සංග්‍රහවල දක්නට ලැබෙන ප්‍රධාන වගන්ති ලෙස සැලකිය හැකිය. 

+ ආචාර ධර්ම බොහෝ විට සකස් කරනු ලබන්නේ අදාළ වෘත්තියකයන් විසිනි. එයට අනුගතව කටයුතු කිරීම වෘත්තිකයන්ගේ වගකීමකි. 

+ ඇතැම් විට නීතිමය බැදීමක් යටතේ ක්‍රියාත්මක ආචාර ධර්ම ද දක්නට ලැබේ. 

+ වර්තමානයේ සමාජයේ විවිධ වෘත්තිකයන්ගේ සංවිධානවල අදාළ සාමාජිකත්වයට බලපාන  ආචාර ධර්ම සංග්‍රහ සකස් කර පවත්වාගෙන යනු ලැබේ. 

+  ආචාර ධර්ම මෙන්ම මාධ්‍ය මාර්ගෝපදේශ (Guidelines) හෝ මාර්ග දර්ශක ලෙසද නම් කර ඇති අවස්ථා පවතී. මාධ්‍ය ක්‍රියාවලිය කිසියම් විධිමත් ආකාරයකයට පවත්වාගෙන යාමේ අරමුණින් මාර්ගෝපදේශ සකස් කර තිබේ. 

+ ලෝකයේ ජන මාධ්‍ය ආයතන විසින් තම ආයතනයේ විවිධ වැඩසටහන් වෙනුවෙන් සකස් කරන ලද මාර්ගෝපදේශ පවතී. 

+ වැඩසටහන්වල යොදා ගත යුතු භාෂාව, නිවේදන කාර්යභාරය , මුලාශ්‍ර සපයා ගත යුතු ආකාරය යටතේ කරුණු වාර්තා කළ යුතු ආකාරය මෙන්ම මාධ්‍යවේදීන්ගේ පුද්ගලික චර්යයාවලට අදාළ කටයුතු සම්බන්ධයෙන් ද මාර්ගෝපදේශ ඉදිරිපත් කර තිබේ. 

මාධ්‍ය කර්මාන්තයේ පවත්නා ප්‍රවණතා මෙන්ම තාක්ෂණික වර්ධනයටද ගැළපෙන ආකාරයෙන් මාර්ගෝපදේශ යාවත්කාලීන කෙරේ. 


1. පුවත්පත් ආචාර ධර්ම 

 
+1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ 1981 දී පුවත්පත් කලාවේදීන්ට ආචාරධර්ම සංග්‍රහයක් හදුන්වා දී ඇත. එය සකස් කර ඇත්තේ එවක පුවත්පත්වල ප්‍රධාන සංස්කාරකවරුන් 25දෙනෙකුගෙන් සමන්විත වූ මණ්ඩලයකිනි. 
 
+ මේ ආචාරධර්ම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් ඊට නීතිමය බැදීමක්ද තිබෙන බව පෙන්වාදිය හැකිය. 

+ 2003 වසරේදී ශ්‍රී ලංකා කර්තෘ සංසදය මගින්ද වෘත්තිය මාර්ගෝපදේශ සංග්‍රහයක් ප්‍රකාශයට පත් කෙරිණි. එය අවස්ථා දෙකකදී යාවත්කලින් කර ඇති අතර එය පුවත්පත් කලාවේදී සදහා සකස් කල ස්වයං නියාමන ක්‍රමවේදයක් ලෙස නම් කෙරිණි. 

+ ඊට අමතරව විවිධ පුවත්පත් තම ආයතනය ට පමණක් බලපාන අයුරින් සකස් කර ගත් විවිධ ආචාරධර්ම ක්‍රම හදුනා ගත හැකිය. පුවත්පත් වාර්තාකරණයේදී අනුගමනය කළයුතු පිළිගත් දැන්වීම් ප්‍රතිපත්ති යනාදිය ඒ අනුව තීරණය කෙරේ. 


2. ගුවන්විදුලි ආචාර ධර්ම 

+ පුද්ගලික ගුවන්විදුලි සේවා සදහා ස්ථිර ආචාර ධර්ම හෝ මාර්ගෝපදේශ සංග්‍රහ සකස් කර නැත. ඒ සදහා විවිධ උත්සහ ගනු ලැබුවද පොදු එකගතාවයකට පැමිණීම අපහසු වීමෙන් ඒවා අතහැර දමා ඇත. 

+ 1966 අංක 25 දරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනතේ සදහන් වගන්තිවලට අනුව වැඩසටහන්කරණයේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය සංස්ථාවේ ගුවන්විදුලි නාලිකාවලට අදාළ මගපෙන්වීම් ලෙස සැලකිය හැකිය. 

+ ඊට අමතරව ගුවන්විදුලි වැඩසටහ සදහා සකස් කර ඇති හා දැන්වීම් ලබා ගැනීමේදී පිළිපැදිය යුතු පටිපාටියද මිට අදාළව සලකා බැලිය හැකිය. 

+ ඇතැම් ගුවන්විදුලි නාලිකා තම නාලිකාවට අදාළව  ගුවන්විදුලි ආචාර ධර්ම හා මාර්ගෝපදේශ සකස් කරගෙන ඇති බවද හදුනාගත හැකිය. 


3. රූපවාහිනි ආචාර ධර්ම  

+ 1982 ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනතේ වගන්ති අනුව වැඩසටහන්කරණයට අදාළ  කොටස් කිහිපයක් මගපෙන්වීම් ලෙස භාවිතා කළ හැකිය. 

+ එමෙන්ම දැන්වීම් ලබා ගැනීමේදී අනුගමනය කරන  මාර්ගෝපදේශ සංග්‍රහයක්ද පවතී. 

+ පොදුවේ රූපවාහිනි නාලිකා සදහා බලපානු ලබන ආචාර ධර්ම  පද්ධතියක අවශ්‍යතාවය පවති.


4. නව මාධ්‍ය ආචාර ධර්ම  

+ නව මාධ්‍ය ආචාර ධර්ම හා මාර්ගෝපදේශ පිළිබද ප්‍රබල සංවාදයක් පවතී. 

+ එක් එක් වෙබ් අඩවිවල හා සමාජ ජාලවල තමන්ට ගැළපෙන ලෙස සකස් කළ  මාර්ගෝපදේශ දැකගත හැකිය. 

+ ඇතැම් රටවල් නව මාධ්‍ය ආචාර ධර්ම  පිළිබද උනන්දුවක් දක්වයි. 

+ නව මාධ්‍ය ඉදිරියේ ආචාර ධර්ම පවත්වාගෙන යාම පිළිබද ගැටලුවක් හටගෙන ඇත. ඊට හේතුව නව මාධ්‍ය නියාමනය කිරීම අපහසු බැවිනි.







 11. පාඩම  

ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා 


ශ්‍රී ලංකාවේ මාධ්‍ය 


ආරම්භය හා විකාශනය : 

+ ශ්‍රී ලංකාවේ පුරාතන සමාජ ක්‍රමහි විවිධ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම පැවති  බව ඓතිහාසික මුලාශ්‍ර ඇසුරින්  හදුනා ගත හැකිය. හූ කීමේ සිට කොළ අතු එල්ලීම, බුලත, බෙරය, ඝණ්ටාරය වැනි ක්‍රම ඒ අතර කැපී පෙනේ. 

+ පුර්ව යටත්විජිත සමය එනම්, 1815 වන විටත් සන්නිවේදන ජාලය රජු වටා බැදී තිබිණි. බෞද්ධ ආගම හා රජු කේන්ද්‍රීය ව පැවති සන්නිවේදන ආධිපත්‍ය ඉංග්‍රීසි ජාතියට මෙරට යටත් වීමෙන් පසු කිතුනු ආගමික බලයට හා යටත් විජිත පාලන නියෝග ප්‍රකාශන ක්‍රමවලට යටත් විය. පාසල් විවෘත වීම, මුද්‍රණාලය ඇති වීම, ආගමික පත්‍රිකා හා ග්‍රන්ථ මුද්‍රණය කිරීම දේශීය සන්නිවේදනයට බල පෑ සාධක ලෙස හදුනා ගත හැකිය. 1734 දී ඕලන්ද පරිපාලනය විසින් නිල නිවේදන සිංහලෙන් පළ කිරීම, 1812 දී කොළඹ බයිබල් සමාගමය සිංහලෙන් බයිබලය පළ කිරීම, 1860 වසරේදී ලංකාලෝකය පුවත්පත හා 1834 දී The Observer And Commercial Advertiser වාණිජ  පුවත්පත පළ කිරීම ශ්‍රී ලාංකේය සන්නිවේදනයේ සන්ධිස්ථානයක් බවට පත් විය. විශේෂයෙන් ඉංග්‍රීසි පාලනයට එරෙහිව සිංහල බෞද්ධ ප්‍රජාව ජාතිකත්ව ව්‍යාපාර ඇරඹීම උදෙසා මුද්‍රිත සන්නිවේදනය භාවිතා කිරීම කැපී පෙනේ. මෙකල සාහිත්‍ය සහ ආගමික විවාද ඇති විය. දේශීය උගත්තු බිහි වුහ. 

+ පියදාස සිරිසේන මහතා, ජෝන් ද සිල්වා මහතා, චාල්ස් ඩයස් මහතා වැනි නවකතාකරුවෝ සහ නාට්‍යකරුවෝ බ්‍රිතාන්‍ය විරෝධී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණහ. ජෝන් ද සිල්වා මහතාගේ නාට්‍ය අතරින් සිංහල පරාභව නාට්‍ය, අලකේශ්වර, සිරිසගබෝ,වීර වික්‍රම වැනි නාට්‍ය විශේෂ ප්‍රබෝධයක් ඇති කළේය.


+ මේ අතර මිශනාරිවරු කතෝලික ආගම ප්‍රචාරය කිරීම පිණිස නාඩගම් උපයෝගී කොට ගත්හ. ඉන්දියානු නුර්ති ගීත තැටි සමාගමක් පැමිණ සිංහල නුර්ති ගීත පටිගත කිරීමෙන් ග්‍රැමෆෝන් සංස්කෘතියක්ද බිහි විය. පියදාස සිරිසේන මහතාගේ වාසනාවන්ත විවාහය, රොසලින් හා ජයතිස්ස ආදී නවකතා ජනප්‍රිය විය


+ සිංහල ජාතිය පුවත්පත ඔස්සේ  ජාතිකානුරාගී කවි පද සන්නිවේදන මාර්ගයක් ලෙස වැඩිණි. පසුව ලේක්හවුස් ප්‍රමුඛ පුවත්පත් ආයතන බිහිවෙමින් පුවත්පත් සන්නිවේදනය දේශපාලනික, සංස්කෘතික, ආර්ථික හා ආගමික වශයෙන් විශාල බලපෑමක් දේශීය සමාජයට පතිත කළේය. 


+ පළමු ලෝක යුද්ධ සමය අවසන් වන විට එනම්, 1924 සිට මෙරට ගුවන්විදුලි මාධ්‍යයේ නැගීම සිදු විය. පෙරදිග අනෙකුත් රටවල් සමග විමසන විට අග්නිදිග ආසියාවේ ප්‍රථම ගුවන්විදුලිය  බිහි වන්නේ ශ්‍රී ලංකාවේය. විදුලි සංදේශ කාර්යාලය සමග ඒකාබද්ධ ව ගොඩනැගෙන ගුවන්විදුලිය දෙවන ලෝක යුද්ධය විසින් මෙරට ඉතිරි කොට ගිය වැදගත්ම සන්නිවේදන ක්‍රමය වන්නේය. පසු කාලීනව සිංහල ගීත නාට්‍ය බිහි වීමෙන් ගුවන්විදුලිය මෙරට ප්‍රධාන සංස්කෘතික හා කලා නිකේතනය බවට පත් විය. 


+ යටත් විජිත සමයේ සිට චිත්‍රපට ගොඩ නැගෙන්නේ රජයේ චිත්‍රපට අංශය (Government Film Unit - GMU) ඔස්සේය. ඒ ආයතනයෙන් විවිධ වාර්තා හා කෙටි චිත්‍රපට බිහි වූ අතර මෙරට ප්‍රධාන සිනමා නිර්මාණ ගණනාවක් (වාර්තා හා කෙටි චිත්‍රපට) බිහි කළේද රජයේ චිත්‍රපට අංශයයි. 


 +  කඩවුණු පොරොන්දුව (1948) චිත්‍රපටයෙන් පසුව මෙරට බිහිවන වෘත්තීය සිනමා සංස්කෘතිය ශ්‍රී ලංකාව ලෝකයට හදුන්වා දීමට මෙන්ම චිත්‍රපට රස වින්දන සමාජයක් ගොඩ නැගීමට හේතු විය. 1970 දශකයේ බිහි වූ සිංහල චිත්‍රපට අධ්‍යනය කිරීමෙන් මේ බව හදුනා ගත හැකිය. 


+ 1970 අග භාගය වන විට රූපවාහිනී මාධ්‍ය බිහි වීමෙන් මෙරට සන්නිවේදන ගමන්මග වඩාත් බලසම්පන්න විය. 1979 ස්වාධින රූපවාහිනී සේවය හා 1982 දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව බිහි වීමෙන් සන්නිවේදන ගමන් මග පරිවර්තනයකට භාජනය විය. ලෝකය දැක බලා ගැනීමට, විනෝදය හා පෙළඹවිම පිණිස ද තොරතුරු සම්පාදනය පිණිසද බලවත් මාධ්‍යක් ලෙස රූපවාහිනී සංස්කෘතියක් බිහි කොට ඇත. 


+ අන්තර්ජාලය ශ්‍රී ලාංකික සන්නිවේදනයේ නුතන පරිවර්තකයා ලෙස ජන සන්නිවේදනයෙන් පුද්ගල සන්නිවේදනයට සම්බන්ධ විය. එය බෙහෙවින් ම පුද්ගල කේන්ද්‍රීය සන්නිවේදනයට මග පාදයි. වත්මන් සමාජ මාධ්‍ය විවිධ ප්‍රවණතා ඔස්සේ එය විවිධ මානව වුවමනා වෙනුවෙන් භාවිතා කෙරේ. අතිශය නම්‍යශීලි ප්‍රබල මාධ්‍ය ජාල ලෙස සැලකිය හැකි  අතථ්‍ය සන්නිවේදනය ගමන් ගන්නා හා වෙනස් වන වේගය මත බොහෝ මානව වෙනස්කම්වලට යටත් වීමට සිදුව ඇත. 



සමකාලීන මාධ්‍ය ප්‍රවණතා 

මාධ්‍ය ක්‍රමයෙන් විකාශනය වන විට විවිධ වූ ප්‍රවණතාවලට බදුන් වේ. එය බොහෝ විට ව්‍යවහාරය හා තාක්ෂණය මත සිදුවන අතර ඒ ඔස්සේ ඇති වූ ප්‍රවණතා කිහිපයක් මෙහිදී විමසීමට ලක් කර ඇත. 


1. මාධ්‍ය අභිසරණතාව /  මාධ්‍ය අභිසාරිතාව (Media Convergence)

     අභිසරණතාව යන්න සාම්ප්‍රදායික මාධ්‍යවල සිට පැවත එන්නකි. විවිධ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම එකතු වීමෙන් අභිසරණතාව සිදුවන අයුරු හදුනා ගත හැකිය. උදාහරණ ලෙස බලිය, සොකරිය හෝ රංගනය , පෙරහැර වැනි අවස්ථාවක බෙරවාදන,ගයනා,නර්තන ක්‍රම (ශ්‍රව්‍ය,දෘෂ්‍ය) වැනි  සාම්ප්‍රදායික සන්නිවේදන අවස්ථා ගොඩ නැගී ඇත. 


+ විද්‍යුත් සන්නිවේදන මාධ්‍ය පැමිණීමත් සමග මේ ස්වභාවය තව දුරටත් වර්ධනය විය. නිදසුනක් ලෙස ගුවන් විදුලිය හා රුපවාහිනී මාධ්‍ය එක් වීම නැතහොත් අභිසාරිතාව සිදුවීම හදුනා ගත හැකිය. 


+  මාධ්‍ය අභිසාරිතාව මගින් සිදුවන්නේ මුද්‍රිත,ගුවන්විදුලි හා වෙනත් මාධ්‍ය අන්තර්ජාල තාක්ෂණය පදනම් කරගෙන එකම සංඛ්‍යාංක වේදිකාවක් මතට ගෙන ඒමයි. 
            උදා: සුහුරු ජංගම දුරකථනය (Smart mobile phone) මගින් ඉහත සියලු මාධ්‍ය පරිශීලනය කිරීමට ඇති හැකියා දැක්විය හැකිය. 


+ අභිසාරිතාව ඒකරාශී වීමේ ක්‍රියාවලිය හෝ පොදු රුචිකත්ව සමග ඒකමතික වීම ලෙස නිර්වචනය කෙරේ. (Dominick J. 2010) 

+ මාධ්‍ය අභිසාරිතාවවට හේතු වුයේද එය වර්ධනය වන්නේද පොදු රුචිකත්ව හා පොදු අරමුණු හේතුවෙන් මාධ්‍යට නිරාවරණය වීමෙනි. 

+ මාධ්‍ය අභිසාරිතාව මගින් අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය, පුද්ගලාන්තර සන්නිවේදනය, සමුහ සන්නිවේදනය, ජන සන්නිවේදනය වෙනත් මගකට යොමු කර තිබේ. 

+ මාධ්‍ය අභිසාරිතාව අනාගත ලෝකයේ විවිධ අයුරින් බොහෝ තාක්ෂණික උපාංගවලට බලපෑ හැකිය. 


2. නිර්මහාපරිමාණකරණය (Demassification) 

    සන්නිවේදන අධ්‍යනයේදී මහාපරිමාණකරණය යනු පුළුල් ග්‍රාහක ක්ෂේත්‍රයකට ඇමතීම සදහා නිවේදනය කිරීම සදහා මාධ්‍ය භාවිතයට ගැනීමකි. එහෙත් එසේ ගොඩ නැගුණු මහා ග්‍රාහක කණ්ඩායම් ඉන් මිදී කුඩා කොටස්වලට වෙන් වී යාම  නිර්මහාපරිමාණකරණය ලෙස හදුනාගත හැකිය. 

  +  නිර්මහාපරිමාණකරණය යන්නෙන් අදහස්වන්නේ මාධ්‍ය ග්‍රාහකත්වය අල්ප පරාස විකාශන ක්‍රමවලට යොමු වීමයි. එනම් ග්‍රාහක  ක්ෂේත්‍ර වශයෙන් කුඩා කණ්ඩායම්වලට විභේදනය වීමයි. 

  + නොහදුනන පුළුල් කණ්ඩායමකට සන්නිවේදනය කිරීම වෙනුවට නිශ්චිත ඉලක්කගත කණ්ඩායමකට සන්නිවේදනය කිරීම ලෙස ද නිර්මහාපරිමාණකරණය හැදින්විය හැකිය. යමක් සංදේශගත වූ විට තමන් රුචි පරිදි ග්‍රාහකයෙකු වීම විනා අනිවාර්ය ලෙස හසුවීමක් මෙහිදී බලාපොරොත්තු නොවේ. 

  + පොදු ග්‍රාහකයාට ආමන්ත්‍රණය කළ මාධ්‍ය තාක්ෂණයේ වර්ධනයත් සමග ඉලක්කගත විශේෂිත ක්ෂේත්‍ර අරමුණු කොටගෙන (ළමා,කාන්තා,ක්‍රීඩා,ප්‍රවෘත්ති,චිත්‍රපට) සන්නිවේදනය කිරීමට යොමු විය. මේ නිර්මහාපරිමාණකරණය  ග්‍රාහක ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මත ගොඩනැගී ඇත. 

  + නිර්මහාපරිමාණකරණය කේබල් ගුවන්විදුලි හා රූපවාහිනී සේවා හදුන්වාදීමත් සමග ම විසිවන සියවසේ අගභාගයේ වර්ධනය වී විසි එක්වන සියවස වනවිට තවත් ව්‍යාප්ත වන්නට විය. 

  + විද්‍යුත් වීඩියෝ ක්‍රම සහ වීඩියෝ ක්‍රීඩා, අන්තර්ජාල ක්‍රියාදාම සහ පරිගණක මාර්ගගත ක්‍රීඩා සමග නිර්මහාපරිමාණකරණය තව දුරටත් ව්‍යාප්ත විය. 

  + නිර්මහාපරිමාණකරණය හේතුවෙන් මුද්‍රිත, ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍යවල පැවති පොදු ග්‍රාහක ක්ෂේත්‍ර වෙනුවට අසමාන හා විවිධත්වයෙන් යුතු ග්‍රාහක ක්ෂේත්‍ර බහුල විය. 

  + නිර්මහාපරිමාණකරණයේ අවසානය සන්නිවේදනයේ පුද්ගල කේන්ද්‍රීයතත්වය දක්වා ගමන් කරනා බව පැහැදිලි වේ. 



3. නිර්නියාමනය (Deregulation) 

   + පවතින තත්වය ලිහිල් කිරීම නිර්නියාමනය ලෙස සරලව හදුනා ගත හැකිය. 

    + මාධ්‍ය පද්ධති සම්බන්ධයෙන් රජයේ හිමිකාරිත්වය සහ වෙනත් නීති රීති ලිහිල් කිරීම හෝ ඉවත් කිරීම නිර්නියාමනයයි. (Marcel Danesi,2009, Dictionary of Media Communication) 

    + 1980 පමණ වනවිට නිර්නියාමනය පිළිබද අවශ්‍යතාවය ලෝක මට්ටමෙන් කතාබහට ලක් විය. ඒ අනුව කිසියම් ගුවන්විදුලි හෝ රූපවාහිනී ආයතනයක් වසර 3කට වැඩි කාලයක් පවත්වාගෙන ගියේ නම් ඉන් අනතුරුව ඒ සේවාව විකිණිමට හෝ වෙනස් කිරීමට හැකි බව තීරණය විය. 

     + මාධ්‍ය කර්මාන්තයේ යහපත සදහා නිර්නියාමනය අවශ්‍යම සාධක සමුදායක් බව විද්වත්හු පෙන්වා දුන්හ. ඒ අනුව මාධ්‍ය සමාගම් වඩාත් ඵලදායක වුත් ලාභදායක වුත් ආයතන බවට පත් කළ හැකි බවද පෙන්වා දෙනු ලැබිණි.

    +  නිර්නියාමනයට  එරෙහි වූ ඇතැම් විද්වතුන් පෙන්වා දෙන්නේ මාධ්‍ය ශක්‍යතාවන් හා මාධ්‍යයේ කුසලතා නිසි ලෙස භාවිතයට නොගෙන මූල්‍ය ලාභය උදෙසා සිදු කෙරෙන තරගකාරිත්වයක් මින් මතු වන බවයි.  

    + නිර්නියාමනය රදා පවතින්නේ මාධ්‍ය කෙතරම් දුරට රාජ්‍ය තන්ත්‍රයේ දරදඩු පාලනයට යටත් වී තිබේද යන්න මතයි. 



4. පාරිභෝජ්‍යකරණය (Consumerism)

   + පාරිභෝජ්‍යකරණය යනු නිරන්තර ව වර්ධනය වන භාණ්ඩ හා සේවා අත්කර ගැනීම සදහා දිරිමත් කෙරෙන සමාජ හා ආර්ථික ක්‍රියාවලියකි. 

   + පාරිභෝජ්‍යකරණයේදී පාරිභෝගික අවශ්‍යතා මුලික වන අතර එමගින් වෙළදපොළ කෙරෙහි ඍජු බලපෑම් එල්ල කෙරේ. ග්‍රැහැම් මර්ඩොක් මහතා සදහන් කරන්නේ පාරිභෝගිකයාගේ සහ පුරවැසියාගේ අභිමතාර්ථ, අවශ්‍යතා හා භූමිකා එකිනෙකාගෙන් වෙනස් වන බවකි. 

   + මාධ්‍ය හා පාරිභෝජ්‍යකරණය යන සංකල්ප දෙක එකිනෙක මත රදා පවතී. 

   + ග්‍රාහකයා මාධ්‍ය පාරිභෝගිකයෙකි. තම පරිභෝජනය සදහා භාණ්ඩ හා සේවා තෝරා ගන්නා ලෙසට මාධ්‍ය අන්තර්ගතය තමාගේ අවශ්‍යතා හා රුචිකත්වය අනුව තෝරා ගනියි. 

   + මාධ්‍ය පාරිභෝජ්‍යකරණයේදී පාරිභෝගිකයා වෙළද භාණ්ඩ තෝරා ගන්නා ලෙසට මාධ්‍ය අන්තර්ගතය තමාගේ අවශ්‍යතා හා රුචිකත්ව අනුව තෝරා ගනියි. උදාහරණයක් ලෙස මාධ්‍ය පාරිභෝජ්‍යකරණයේදී යම් රූපවාහිනී වැඩසටහනක් ග්‍රාහකයා විසින් ප්‍රතික්ෂේප කරන ලදහොත් එහි ඇති මුල්‍යමය වටිනාකම බිද වටේ. 

  + ග්‍රාහකයාගේ මාධ්‍ය පාරිභෝජනය ඉහළ මට්ටමක පවතින්නේ නම් අදාළ මාධ්‍යයේ ග්‍රාහක දර්ශනය (Rating) ඉහළ යයි. ඒ අනුව අදාළ මාධ්‍ය සදහා වෙළද දැන්වීම් ලබා දීම ඉහළ යන අතර මාධ්‍ය ආයතනයේ ලාභයද ඉහළ යයි. 



5. භාණ්ඩකරණය (Commodification)

  + ඇලිසන් හර්න් විසින් ලියන ලද Key Words for Media Studies කෘතියෙහි සදහන් කරන පරිදි Commodification හෙවත් භාණ්ඩකරණය සංකල්පය මගින් සන්නිවේදන අධ්‍යනයේදී අර්ථකථනය කරනු ලබන්නේ යම් යම් භාණ්ඩ, යම් යම් සේවාවන්, අදහස් හා පුද්ගලයන් ධනවාදී ආර්ථික ක්‍රමයක වෙළද අරමුණු හෝ වෙළද භාණ්ඩ බවට පත් කොට අලෙවි කිරීමයි. 

  + කාර්මීකරණය හා වාණිජකරණය සමග වෙළුණු සංකල්පයක් ලෙස භාණ්ඩකරණය හදුනා ගත හැකිය. 

  + භාණ්ඩකරණයට අනුව "තොරතුරු"යනු වෙළද භාණ්ඩයකි. එය මාධ්‍ය මගින් අලෙවි කර මුල්‍යමය ලාභ ලබා ගැනේ. 

  + මේ අනුව භාණ්ඩකරණයේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණ වන්නේ 'Commercial Dimension' නමින් පළ වන වාණිජ මානයන් සේවාවන්ට තොරතුරු සම්පාදනයට ආරෝපණය කිරීමයි. 


  + කලාව,ආගම, ඖෂධ යනාදිය මූල සමාජවල වෙළදපොළ මිලක් නියම කර නොතිබුණද ධනවාදී ආර්ථික ක්‍රමයේදී මිලක් නියම වන බව කාල් මාක්ස් හා ප්‍රෙඩ්රික්  ඒංගල්ස් වැනි දාර්ශනිකයන් පෙන්වා දී තිබේ. 


  +  මෙලෙසින් ඇතැම් විද්වතුන් අවධානය යොමු කරන්නේ මානව නිර්මාණශිලිත්වයෙන් බිහිවන ඇටම් සන්නිවේදන කටයුතු සංස්කෘතික කටයුතු,දේශපාලනික කටයුතු ද මේ න්‍යායට අනුකූල ව කිසියම් මිලක් නියම වන භාණ්ඩ බවට පත් කළ යුතු බවයි. 


  +  භාණ්ඩකරණයේදී මාධ්‍ය අන්තර්ගතය වෙළද භාණ්ඩයක් බවට පත්වන අතර වෙළද දැන්වීම්කරුවන් විසින් මාධ්‍ය අන්තර්ගතය, මාධ්‍යයේ කාලය හා අවකාශය මිලදී ගනු ලැබේ. නව තාක්ෂණය ඔස්සේ මාධ්‍යයේ අන්තර්ගතය වෙළද දැන්වීම්කරුවන්ට අලෙවි කරනු ලැබේ. 



  + මෙම මතයට එරෙහිව අදහස් දක්වන සන්නිවේදන විශේෂඥයෙකු වන අයිරිස් ජෙනිස් මහතා සදහන් කරන්නේ මේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය ඔස්සේ ග්‍රාහකයාගේ බොහෝ සහසම්බන්ධතා බිද දමමින් ව්‍යාපාරික අරමුණු ඉදිරියට පමුණුවන බවයි. 




6. වාණිජකරණය (Commercialization)

      + මුලික වශයෙන් වෙළද දැන්වීම් කර්මාන්තය උපයෝගී කරගෙන මාධ්‍ය පද්ධතියේ ව්‍යුහ සහ ක්‍රියාකාරිත්වය ආර්ථිකමය බලපෑම අතින් ශක්තිමත් කරවීම මාධ්‍ය වාණිජකරණයයි. එනම්, මාධ්‍ය ස්ථාවරව පවත්වාගෙන යාමට එහි ආර්ථික පද්ධති ශක්තිමත් කිරීමයි. 

      + මේ ක්‍රියාවලිය සදහා වෙළද දැන්වීම් කර්මාන්තය පදනම් කොටගෙන මාධ්‍ය නිෂ්පාදන හා මාධ්‍ය ආයතන සේවකයන් මාධ්‍ය ව්‍යුහය හා මාධ්‍ය පද්ධතියේ ක්‍රියාකාරිත්වය ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සිදු වේ.  

      + "නව නිෂ්පාදන හෝ නිෂ්පාදන ක්‍රම වෙළදපළට හදුන්වාදීමේ ක්‍රියාවලිය හෝ චක්‍රය 'වාණිජකරණය' නම් වේ." යනුවෙන් එඩ්වඩ් ස්කොට් (Edward Scott) මහතා දක්වා ඇත. 


      + වෙළදපළට නව නිෂ්පාදන හෝ සේවා ගෙන ඒමේ ක්‍රියාවලිය වාණිජකරණය නම් වේ.  වාණිජකරණ ක්‍රියාවලිය නව නිෂ්පාදන හෝ සේවාවෙහි වාණිජ සාර්ථකත්වය ළගා කර ගැනීම සදහා නිෂ්පාදනය, බෙදා හැරිම, අළෙවිකරණය, විකුණුම, පාරිභෝගික සහාය සහ අනෙකුත් ප්‍රධාන කාර්යය සදහා තීරණාත්මක වේ. 

     + මාධ්‍ය වාණිජකරණය වීම ගෝලීයකරණය, මාධ්‍ය ක්‍රියාකාරිත්වය හා වෙළදපොළ ආර්ථිකය යන සාධක ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මාධ්‍ය වාණිජකරණය වර්ධනය කිරීමේ තවත් උපාය මාර්ගයක් වන්නේ මාධ්‍ය අතර තරගකාරිත්වයක් වර්ධනය කිරීමය. 

     + මාධ්‍ය වාණිජ අරමුණු මත පදනම් වීම හේතුවෙන් ඇතැම් විට මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය වන අවස්ථා හදුනාගත හැකිය. වාණිජකරණය වූ මාධ්‍ය වෙළදපොළෙහි වෙළද දැන්වීම්කරුවන් හා ව්‍යාපාරිකයන් මාධ්‍ය කර්මාන්තයට මුදල් ආයෝජනය කිරීමෙන් මාධ්‍ය අන්තර්ගතය ඔවුන්ගේ බලපෑමට නතු වීම නිරන්තරයෙන් සිදු වේ. 

     + වාණිජකරණ ක්‍රියාවලිය සදහා නව මාධ්‍ය ද භාවිතා කෙරේ. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හේතුවෙන් වාණිජකරණය වේගවත් වී තිබේ. 



7. ගෝලීයකරණය (Globalization) 
 
        + ගෝලීය වශයෙන් විසිරි පැතිර සිටි විවිධ සංස්කෘතික ජන කණ්ඩායම්, විවිධ භූගෝලීය ස්වභාවයන්, ආර්ථික චර්යයා, සමාජ, දේශපාලන, ආර්ථික ධාරා ඔස්සේ වත්මන් සන්නිවේදන මාධ්‍ය තාක්ෂණයේ නැගීම, ප්‍රවාහනය වර්ධනය,මාධ්‍යයේ නැගීම පදනම් කරගෙන ඒකරාශී වීම ගෝලීයකරණය යන යෙදුම බිහි වීමට හේතු විය. 

       + "ගෝලීයකරණය" යනු පුද්ගලයන්, ආයතන, විවිධ ජාතින් නියෝජනය කරන රජයන් සමග අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු ඒකාබද්ධ ක්‍රියාවලියකි. මේ ක්‍රියාවලිය ජාත්‍යන්තර වෙළදාම හා ආයෝජනය සමග ඉදිරියට ගෙන යන අතර තොරතුරු තාක්ෂණය ඒ සදහා අත්වැලක් සපයයි. එමෙන්ම පරිසරය, සංස්කෘතිය, දේශපාලන ක්‍රම, ආර්ථික සංවර්ධනය හා සෞභාග්‍යවත් බව මෙන්ම  මානව භෞතික දියුණුව / සුබසාධනය වෙත ගෝලීයකරණය බලපෑම් සිදු  කරයි"  - (The State University of නෙව් York - 2010) 

        + ගෝලීයකරණය යනු පෙර නොවූ විරූ ලෙස කාලය හා අවකාශය සම්පිණ්ඩනය කිරීමකි. එය සක්‍රියව බැදී පවතින්නේ සමාජ, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික සම්බන්ධතා සමගයි. බොහෝ සන්නිවේදන පරතර නිමා වී ඇත. සීමා විනිවිද යා හැකිය. සමාජ කණ්ඩායම් හෝ සංස්කෘතික ප්‍රදේශකරණයෙන් මිදී ඇත. භෞතික නොවන නව ආකාරයක ස්ථානයක් පුරවැසියාට මාධ්‍ය මගින් හිමි කර දී ඇත. - (ආරියරත්න ඇතුගල - 2015) 

         +  සාමාජිය වශයෙන් ගෝලීයකරණය මගින් බහු විධ ජන සංකලනයක් ඇති වේ. 

          + සංස්කෘතික වශයෙන් ගෝලීයකරණය මගින් චින්තන විධි, සාර ධර්ම සහ කලාත්මක ප්‍රකාශන සංස්කෘතිකාංග ලෙස හුවමාරු වේ. 

                                  ගෝලීයකරණයදී, 

                                                 # තාක්ෂණික දියුණුවේ ව්‍යාප්තිය. 
                                                 # සන්නිවේදන තාක්ෂණයේ දියුණුව. 

                                                 # ජාත්‍යන්තර වෙළද සම්බන්ධතා.
                                                 # ද්‍රව්‍ය මෙන්ම ද්‍රව්‍ය නොවන මානව සම්බන්ධතා හුවමාරුව. 
                                                 # පෞද්ගලික මුලධනය ගලා යාම වර්ධනය වීම. 
                                                 # බහු ජාතික ව්‍යාපාර ඉදිරියට පැමිණීම. 
                                                 # සංචාරය හා සංක්‍රමණය අධික වීම. 
                                                 # අන්තර්ජාතික සංචාරය හා දේශීය මානව විවිධත්වය වර්ධනය වීම මෙන්ම 

                                   ගෝලීයකරණයේ ප්‍රතිඵල ලෙස, 

                                                 # සන්නිවේදනය,අන්තර් ක්‍රියාකාරිත්වය හා ජනයා අතර ප්‍රබල සම්බන්ධතා ගොඩ නැගීම 
                                                 # සමාජවල තරගකාරිත්වය ඇති වීම.
                                                 # සංස්කෘතික සමානතා සහ අසමානතා ඉදිරියට පැමිණීම. 
                                                 # මාධ්‍ය තාක්ෂණය විශේෂ මැදිහත්වීමක නිරත වීම. 
                                                 # ගෝලීයකරණ ක්‍රියාවලි හා ව්‍යාපෘති අතර විවිධ ගැටලු හට ගැනීම. 
                                                 # ගෝලීයකරණයේ ප්‍රවණතාවලට අනුව ප්‍රකාශිත ප්‍රධාන දෘෂ්ටිවාදය ලෙස සැලකෙන්නේ 
නි ලෝක සංස්කෘතියක් (single World Culture)  නිර්මාණය කිරීමයි. 
                                               
      
                                                
  

No comments:

Post a Comment