Tuesday, April 28, 2020

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය 11 - ශ්‍රේණිය (2021 O/L)



සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය  11 - ශ්‍රේණිය


අභ්‍යාස

1. ෂැනොන් වීවර් ගණිතමය සූත්‍රය ඇඳ පැහැදිලි කරන්න.

2. සන්නිවේදනයේ මූලික කාර්යයන් විස්තර කර දක්වන්න.

3. සන්නිවේදන බාධක යනු මොනවාදැයි පැහැදිලි කරන්න.

4. සන්නිවේදන වර්ගීකරණයට අදාළ සන්නිවේදන වර්ග හතර ඇතුළත් කර පොත් පිංචක් සකස් කරන්න.

5. අභිසාරී මාධ්‍ය යනු කුමක්දැයි පැහැදිලි කරන්න.



සැලකිය යුතුයි:


මෙම පාඩම්වලට අදාල අපහසු කොටස් සහ අවශ්‍ය සටහන් පාසල ආරම්භ වූ පසු ලබා දෙනු ලැබේ.



අභ්‍යාස 
1. සන්නිවේදනය පිළිබඳව විස්තර වන පැරණිම ගුහා චිත්‍ර ඇති ස්ථාන නම් කරන්න.
පැරණිම ගුහා චිත්‍ර

2. අතීත මිනිසා ලිවීමට යොදා ගත් දේවල් පහක් දක්වන්න.

සායි ලුන් මහතා

3. ලොව ප්‍රථම කඩදාසිය නිර්මාණය කළ රට සහ එම තැනැත්තා නම් කරන්න.

4. මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කළ රට,වර්ෂය සහ තැනැත්තා නම් කරන්න. 
ගුටෙන්බර්ග් මහතා


ලොව මුද්‍රණයෙන් පළ වු දෙවන ග්‍රන්ථය මෙයයි. මුල් ග්‍රන්ථය ලතින් ව්‍යාකරණය නම් කෘතියයි.




5. සත්ව සන්නිවේදනයේ යෙදීමට සතුන් යොදා ගන්නා ක්‍රම පහක් දක්වන්න.


සත්ව සන්නිවේදන

6. සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම පහක් දක්වන්න.
 
සාම්ප්‍රදායික සන්නිවේදන






7. සන්නිවේදනය පිළිබඳ හැරල්ඩ් ඩී. ලැස්වෙල් මහතාගේ අර්ථකථනය දක්වන්න.
හැරල්ඩ් ඩී. ලැස්වෙල් මහතා




8. සන්නිවේදනයේ මූලික අංග පහ නම් කරන්න.

9. ද්වි මාර්ගික සන්නිවේදන සුත්‍රය අැඳ දක්වන්න.
ද්වි මාර්ගික සන්නිවේදන සුත්‍රය

10. සන්නිවේදනයේ මූලික කාර්යයන් නම් කරන්න.

11. සන්නිවේදන බාධක දෙක නම් කරන්න. 
සන්නිවේදන බාධක

12. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යනු කුමක්ද?‍
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය

13. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ විශේෂතා දක්වන්න.

14. අන්තර් පුද්ගල සන්නිවේදනය යනු කුමක්දැයි පැහැදිලි කර එහි විශේෂතා දක්වන්න.


අන්තර් පුද්ගල සන්නිවේදනය

15. එය ක්‍රියාත්මක කිරීමට යොදා ගනු ලබන තාක්ෂණික මෙවලම් දක්වන්න.

16. සමූහ සන්නිවේදනයේ හදුනාගත හැකි ස්වභාවය සහ විශේෂතා දක්වන්න.
 සමූහ සන්නිවේදන

17. සමූහ සන්නිවේදනය සදහා භාවිතා කරනු ලබන මෙවලම් කවරේද?

18. ජන සන්නිවේදනය යනු කුමක්දැයි දක්වා එහි ස්වභාවය කෙසේදැයි දක්වන්න.
ජන සන්නිවේදනය

19. ජන සන්නිවේදනය මගින් සමාජයට සිදු කරනු ලබන බලපෑම කවරාකාරදැයි දක්වන්න.


20. අභිසාරී මාධ්‍ය ලෙස යොදා ගැනෙන ප්‍රධානතම මාධ්‍යය කුමක්ද?


අභිසාරී මාධ්‍ය හෙවත් අන්තර්ජාලය




2 වන පාඩම 
න්නිවේදන ස්වරූප 

                                  මානවයා අදහස් හුවමාරු කර ගැනීමට යොදා ගනු ලබන විවිධ සන්නිවේදන ක්‍රම සන්නිවේදන ස්වරූප වේ. එනම් ග්‍රහකයා විසින් තොරතුරු ලබා ගන්නා ආකාර සන්නිවේදන ස්වරූප නම් වේ. ඒවා වර්ග කිහිපයකි.

1. අවාචික සන්නිවේදනය 

+ ලෝකයේ මුලින්ම බිහි වූ සන්නිවේදන ස්වරූපය ලෙස සැලකේ.
+ අප එදිනෙදා බහුලවම භාවිතා කරන සන්නිවේදන ස්වරූපය ලෙසද සලකයි.
+ වචනවලින් තොරව අතපය චලන,මුහුණේ චලන,ඇඟිලි චලන,හිස වැනීම වැනි සන්නිවේදන ක්‍රම අවාචික සන්නිවේදන ක්‍රම ලෙස සැලකේ.
+ අතීත මිනිසුන් තම හැඟිම් වන කුසගින්න,පිපාසය,තරහව,ආදරය ආදිය අංගචලනය කරමින් නිරූපණය කර ඇත.
+ මෙය කාය භාෂාව ලෙසත් සැලකේ.


+ සාම්ප්‍රදායික සමාජයේ බුලත,ගිනිමැල,පූජා ක්‍රම මෙන්ම වර්තමානයේ ක්‍රීඩා විනිසුරුවන්,පොලිස් නිලධාරීන් මෙම සන්නිවේදනය බහුලවම භාවිතා කරයි.
+ අවාචික සන්නිවේදනය සිදු වන ආකාර කිහිපයකි. 
          1. සාමාජීය සාධක - පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සමග කතාබහ කරන දුර ප්‍රමාණය
          2. පාරිසරික සාධක - යම් ස්ථානයක බාහිර වටපිටාව සකස් කර ඇති අන්දම
          3. ශාරිරික සාධක - එනම්, ශාරිරික ඉගි,මුහුණේ ඉරියව් ඇස් චලන, ඇදුම් පැළදුම්,ස්පර්ශය,ගන්ධය ආදී සාධක 

2. වාචික සන්නිවේදනය. 

+ භාෂාව පදනම් කරගෙන සිදු කරන සන්නිවේදනයයි. 
+ භාෂාවේ මූලික කාර්යයන් කිහිපයකි. 
      # සිතීම විධිමත් කිරීම. (නිවැරදිව සිතීම)
      # සැබෑව හදුනා ගැනීම. (ඇත්ත හදුනා ගැනීම) 
      # දැනුම සංරක්ෂණය
      # වාචික ප්‍රකාශනය.(වචන ඇසුරින් වදන් කීම) 
      # පැවැත්ම පිළිබද සාධක ඉදිරියට ගෙන යාම.
      # කාලය සන්නිවේදනය. 

+ වාචික සන්නිවේදනයේ කාර්යයන් කිහිපයකි. 
      # අන්තර් සම්බන්ධතා (අන් අය සමග සම්බන්ධතා) පැවැත්වීම 
      # අදහස්, තොරතුරැ හුවමාරු කර ගැනීම.
      # ඉගෙනීම,ඉගැන්වීම හා මග පෙන්වීම.
      # පෙළඹවීම.
      # ගැටුම් නිරාකරණය. 
      # සාමය ගොඩ නැංවීම.
      # ආවේග පිට කිරීම. (දුක,සතුට,වේදනාව,තරහව)
       
        + වාචික සන්නිවේදනය දියුණු කර ගැනීමට සංවර්ධනය කරගත යුතු ක්‍රියාමාර්ග කිහිපයකි.
     # තමා සතු තොරතුරු,අදහස් ප්‍රමාණය පුඵල් කර ගැනීම.
     # කථන රටා පුහුණූ වීම. (කතා කරන ක්‍රම)
     # කථනය සදහා පෙර සූදානම
     # අන්‍යයන්ගේ කතා හා අංග චලන, ඉරියව් අධ්‍යයනය.
     # සවන්දීමට පුරුදු වීම.
     # කථනය සමග අංග චලනය හා ඉරියව් භාවිතය පුරුදු වීම.

වාචික සන්නිවේදනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය භාෂා කුසලතා කිහිපයකි.
1. උච්චාණය - නිවැරදි උච්චාරණ විලාස අනුගමනය කිරීම.
2. අර්ථ ගැන්වීම - සෑම කනෙක්ටම ගැළපෙන පරිදි භාෂාව හැසිරවීම.‍
3. යෝග්‍යතාව - කතාකරන අවස්ථාව,අසන්නන්ට හා කථනයේ අරමුණට යෝග්‍ය වන පරිදි භාෂාව හැසිරවීම.

ඉහත සදහන් වාචික සන්නිවේදන හා අවාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය කර ගත හැකි ක්‍රම දක්වන්න. (පෙළපොත පිටුව 51)



3. ලිඛිත සන්නිවේදනය

+ ලිඛිත සන්නිවේදනය යනු ලිවීම හෙවත් ලේඛනය මඟින් සන්නිවේදනය කිරීමයි.
+ භාෂාවේ දෘශ්‍ය (පෙනෙන) ස්වරූපයයි.
+ මෙමගින් භාෂාවේ රූපමය ස්වභාවය වන අක්ෂර භාවිතයෙන් සකස්කර ගන්නා ලේඛන ස්ථීරවම රදවා ගනී.
+ ඇතැම් භාෂාවල රූප දෙකක් හෙවත් කතා කරන භාෂාව හා ලිඛිත භාෂාව ලෙස කොටස් දෙකකි. මෙය භාෂා ද්විරූපතාව ලෙස සලකයි.
                 උදා: මම කෑම කෑවා. - කථනය
                        මම කෑම කෑවෙමි. - ලිඛිත



+ වාචික භාෂාවට වඩා ලිඛිත භාෂාව විධිමත් වීමට හේතු දක්වන්න.(පෙළපොත පිටුව 52)


ඵලදායී ලේඛනයක් තුළ,
       # නිරවුල් බව සහ පැහැදිලි බව.
       # ලේඛනයට උචිත ආකෘතිය සහ අවශ්‍ය තැන නිර්මාණශීලීව යොදා ගැනීම.
       # සම්මත ව්‍යාකරණ විධි භාවිතය අාදී ලක්ෂණ ඇතුළත්ය.

4. දෘශ්‍ය සන්නිවේදනය

+ මානව සන්නිවේදනයේ මුල්ම අවදියට දිවයන සන්නිවේදන ස්වරූපයක් වේ.
+ අතීතයේ අවාචික සන්නිවේදනයෙන් මිනිස්සු තමන් කළ කී දෑ රූප ලෙස ගල්ගුහාවල මිනිසුන් චිත්‍රණය කළහ.
+ දෘශ්‍ය සන්නිවේදනය මගින් ලබාදෙන තොරතුරු අප විසින් නිවැරදිව වටහා ගත යුතුය.
                          උදා : කහඉර / මාර්ග සංඥා

+සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය දක්වන්න.(පෙළපොත පිටුව 54)

+ නූතන දෘශ්‍ය මාධ්‍ය දක්වන්න.(පෙළපොත පිටුව 54)



5. ශ්‍රව්‍ය සන්නිවේදනය

+ හඞ පදනම් කරගෙන සිදුවන සන්නිවේදනය මෙයින් අදහස් වේ.

+ සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය දක්වන්න.(පෙළපොත පිටුව 55)

+ නූතන ශබ්ද මාධ්‍ය දක්වන්න.(පෙළපොත පිටුව 55)

6.විධිමත් සන්නිවේදනය

විධිමත් සන්නිවේදනය යනු කිසියම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සදහා පුද්ගලයන් රාශියක් එක්ව නිශ්චිත ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීමයි. එවැනි ස්ථාන කිහිපයක් පහත පරිදිය.

උදා - පාසැල, රෝහල , පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මේවා සංවිධානයක ප්‍රධානියකු යටතේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වේ.

විධිමත් සන්නිවේදනය ආකාර තුනකින් ක්‍රියාත්මක වේ.

1. ඉහළ සිට පහළට සන්නිවේදනය

        සංවිධානයක ඉහළ නිලධාරියාගේ සිට පහළ කාර්යය මණ්ඩලය වෙත කෙරෙන සන්නිවේදනය මින් අදහස් වේ. එම කටයුතු සාර්ථක කර ගැනීම සදහා විවිධ සන්නිවේදන මෙවලම් යොදා ගනී.
        - ශබ්ද විකාශන පද්ධති
        - දැන්වීම්
        - ලිපි
        - චක්‍ර ලේඛ

2. පහළ සිට ඉහළට  සන්නිවේදනය

       පහළ කාර්යය මණ්ඩලවල අදහස් ඉහළ තනතුරු දරන්නන් වෙත ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ. මේ සදහා පහත මෙවලම් යොදා ගනී.
       - සේවක කම්ටු
       - රැස්වීම්
       - යෝජනා පෙට්ටි
       - සාකච්ඡා
       - අංශ රැස්වීම්

3. හරස් සන්නිවේදනය

    තමන්ට සමාන්තර කාර්යය මණ්ඩල අතර සිදුවන සන්නිවේදනය මින් අදහස් වේ. නිදසුන් ලෙස ලිපිකරුවන් ඔවුනොවුන් අතර සිදුවන සන්නිවේදනය දැක්විය හැකිය.  මේ සදහා පහත මෙවලම් යොදා ගනී.
      - ලිපි
      - අභ්‍යන්තර දුරකථන පද්ධති
      - මුහුණට මුහුණලා කතා බහ

විධිමත් සන්නිවේදන ආකෘති

විධිමත් සන්නිවේදනය සිදු වන ආකාරය අනුව ආකෘති 4ක් හදුනා ගත හැකිය.

1 චක්‍රීය ආකෘතිය

මෙහිදී සිදු වන්නේ සන්නිවේදකයගෙන් එක් අයෙකුටද, එයින් තවත් අයෙකුටද ආදී වශයෙන් පණිවිඩය ගොස් නැවතත් සන්නිවේදකයා වෙතම පැමිණීමයි. මෙහි  චක්‍රීය ස්වරූපයක් ගන්නා නිසා චක්‍රීය ආකෘතිය නමින් හදුන්වයි.

2. දාම ආකෘතිය

මෙය එක් අයෙකුගෙන් තවත් අයෙකුට ඉන් පසු තවත් අයෙකුට ආදී වශයෙන් පැතිරී යන නමුත් අවසානයේ නැවතත් සන්නිවේදකයා වෙත පණිවිඩය නොපැමිණේ. මෙහි ඇත්තේ දම්වැලක ස්වරුපයක් නිසා දාම ආකෘතිය ලෙස හදුන්වයි.

3. වයි ආකෘතිය

එක් අයෙකුගෙන් තවත් අයෙකුට වශයෙන් දෙතුන් දෙන්නෙකුගෙන් පසු එම සංදේශය වැඩි දෙනෙකු අතර පැතිරී යයි. මෙය ඉංග්‍රීසි Y අකුරේ හැඩය ගන්නා නිසා මෙය වයි ආකෘතිය නමින් හදුන්වයි.

4. රෝද ආකෘතිය

මෙහිදී සිදු වන්නේ අදාල සංදේශය එක් අයෙකු කේන්ද්‍ර කර ගෙන බොහෝ දෙන අතර පැතිරී යාමකි. මෙහි ඇත්තේ රෝදයක ස්වරුපයක් නිසා මෙය රෝද ආකෘතිය නමින් හදුන්වයි.


පෙළ පොතේ 57 පිටුවේ එන 2.14 රූපය අදින්න.


7. අවිධිමත් සන්නිවේදනය

          යම් ආයතනයක් තුළ විධිමත් සන්නිවේදනයෙන් බැහැරව සිදුවන සියලු තොරතුරු හුවමාරුව අවිධිමත් සන්නිවේදනය යටතට ගත හැකිය. අවිධිමත් සන්නිවේදනයයටතට ගැනෙන්නේ කට කතා, කේලම්, ඕපාදුප ආදියයි. විධිමත් සන්නිවේදනය කෙතරම් ප්‍රබල තැනක වුවද අවිධිමත් සන්නිවේදනය සිදුවනු පෙනේ. අවිධිමත් සන්නිවේදනය ඉක්මනින් පැතිරී යන අතර ඊට බලධාරියෙකු නැත. එසේම අවිධිමත් සන්නිවේදනය කොතනකින් ආරම්භ වේද යන්නද සොයා ගැනීමත අපහසුය. මෙම අවිධිමත් ආරංචිය පැතිරී යන විට වෙනස් වීමට සහ විකෘති වීමද සිදු විය හැක. උදාහරණයක් ලෙස ජන කතාවක් එන කපුටු පිහාටුවක් මත වමනය වැටීම අවසානයේ කපුටන් හත් දෙනෙකු වැමෑරීම දක්වා විකෘති වු ආකාරය දැක්විය හැකිය.

අවිධිමත් සන්නිවේදන ආකෘති 
අවිධිමත් සන්නිවේදන ආකෘති 4ක් හදුනා ගත හැකිය.

1. තනි දාමය

   මෙහිදී එක් අයෙකුට ලැබෙන තොරතුරු තවත් අයෙකුට ලැබේ. එතනින් එම තොරතුරු තවත් කෙනෙකුට ලැබේ. මෙසේ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට තොරතුරු පිළිවෙලින් ආරංචිය පැතිරී යාම සිදු වේ. මෙහිදී අදාල තොරතුරු විකෘති වීම සිදුවේ. අප කුඩා කල සිදු කළ රහස් කෝච්චිය නිදසුනක් ලෙස දැක්විය හැකිය.

2. ඕපාදුප දාමය

    එක් අයෙකුගෙන් බොහෝ දෙනාට ආදී වශයෙන් තොරතුරු පැතිරීම මින් අදහස් වේ. එහිදී අසන්නන් තෝරා ගන්නේ පිළිවෙලකටය.

3. සම්භාවිතා දාමය

   මෙහිදී සියලුදෙනාට සංදේශය නොලැබෙන අතර සංදේශය නිදහසේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ගලා නොයයි. සංදේශය ආරම්භ වන ස්ථානයෙන් එය ලබා දෙන්නේ කටදි කිව නොහැකිය. එහෙත් එය ලබා දෙන්නේ එක් අයෙකු විසිනි. ජන කතාවකෙන හාවා තල් කොළයකට වැටුන අවස්ථාවේ අහස කඩා වැටෙනවා යැයි කියමින් දිවූ ආකාරය මෙම දාමය සිහි ගන්වයි.

4. පර්ෂද දාමය

  ආරම්භකයා විසින් තමා තෝරාගත් කිහිප දෙනෙකුට සංදේශය ලබා දෙයි.ඔවුන්ද (සංදේශය ලැබූ ග්‍රහකයන්ද) එම සංදේශය ලබා දෙන්නේ තෝරා ගත් කිහිප දෙනෙකුටය.

පෙළ පොතේ 58 පිටුවේ එන 2.15 රූපය අදින්න.

+ ඔබ විධිමත් සහ අවිධිමත් සන්නිවේදනය ගැන අවබෝධයෙන් සමාජය තුළ ක්‍රියා කිරීමට විධිමත් සහ අවිධිමත් සන්නිවේදන නිපුණතා වර්ධනය කර ගත යුතුය.
1.           
                      1. විධිමත් සන්නිවේදනය සමාජ අවශ්‍යතාවක්‌ වන අතර ඔබ එය සන්නිවේදකයා ලෙස එනම් සංදේශය සැලසුම් කරන්නා ලෙස කල්පනා කල යුතුය.

2.අවිධිමත් සන්නිවේදනයද සමාජ අවශ්‍යතාවක් නමුත් ඊට අදාළ  වන කටකතා,කේලම්,ඕපාදුප සමාජයට අහිතකර ලෙස බලපාන නිසා ඔබ සිතා බැලිය යුත්තේ අවිධිමත් සන්නිවේදනය සැලසුම්කර ක්‍රියාත්මක කරන සන්නිවේදකයා වශයෙන් නොව එයින් ලැබෙන සංදේශය සිහි බුද්ධියෙන් ග්‍රහණය කර ගන්නා ග්‍රාහකයා ලෙසය.

      3. මේ අනුව විධිමත් සන්නිවේදනයේදී ඔබ දක්ෂ සන්නිවේදකයකු විය යුතු අතර අවිධිමත් සන්නිවේදනයේදී ඔබ බුද්ධිමත් ග්‍රාහකයෙකු ලෙස ක්‍රියා කළ යුතුය.


+





තුන් වන වාරය 
4 වන පාඩම       
ජන මාධ්‍ය ආයතනික අධ්‍යයනය 

මෙම පාඩමෙන් ඔබට ජන මාධ්‍ය ආයතනවල අන්තර්ගතය, ඒවායේ ස්වභාවය සහ හිමිකාරිත්වය පිළිබදව මන අවබෝධයක් ලබා ගත හැකිය.

ජන මාධ්‍ය ආයතන හිමිකාරිත්වය මුලික කොටස් දෙකක් යටතේ හදුනා ගත හැකිය. 

1. රාජ්‍ය මාධ්‍ය හිමිකාරිත්වය 

           2. පෞද්ගලික  මාධ්‍ය හිමිකාරිත්වය 

වශයෙනි. 


# ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වන්නේ 1832 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද ' කලම්බු ජර්නල් ' නම් වූ ඉංග්‍රීසි පුවත්පතයි.

# ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත වන්නේ බුලත්ගම ධම්මාලංකාර හිමි විසින් ආරම්භ කරන ලද 1860 වසරේ  ප්‍රකාශයට පත් කරන ලද 'ලංකාලෝකය' පුවත්පතයි.

#  ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරනලද ප්‍රථම සිංහල පුවත්පත වන්නේ කොග්ගල පඬිතුමා විසින් ආරම්භ කරන ලද  1862 වසරේ ප්‍රකාශයට පත් කරන ලද ' ලක්මිණි පහන ' පුවත්පතයි.
    
කෙසේ නමුත් මේවායේ වර්ගීකරණය තවත් කොටස් කීපයක් යටතේ හදුනා ගත හැකිය.
පළමුව එය අප පුවත්පත් ඇසුරින් සොයා බලමු.



පුවත්පත් 

1.  කර්තෘ හිමි පුවත්පත් - 

මෙම පුවත්පත් එම කර්තෘ විසින්ම සකස් කර (සංස්කරණය කර) තමන්ගේ අයිතිය යටතේම ප්‍රකාශයට පත් කරනු ලබයි.
 
පාඩම සමඟ අසන ප්‍රශ්නවලට සටහන ලියමින්ම  පෙළ පොත බලමින් පිළිතුරු ලියන්න. (ඒවායේ හරි වැරදි පාසැල ආරම්භ වූ පසු බලන්නම්.)

අභ්‍යාස :
  1. එසේ ආරම්භ කළ පුවත්පත්වල නම්,ආරම්භ කර ඇති වර්ෂයන් සහ සංස්කරණය කර ඇති කතුවරු වගු ගත කර දක්වන්න.

 
2. මහජන සංවිධාන හිමි පුවත්පත් - 

   එවකට පැවති බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සාමාජීය ප්‍රතිඵලයක් ලෙස මෙම පුවත්පත් ආරම්භ විය.  

අභ්‍යාස :
  1. එසේ ආරම්භ කළ පුවත්පත්වල නම්,ආරම්භ කර ඇති වර්ෂයන් සහ සංස්කරණය කර ඇති කතුවරු වගු ගත කර දක්වන්න.

  2. කතෝලික ධර්මය ප්‍රචාරයට ආරම්භ කළ පුවත්පත හා ඊට ප්‍රතිපක්ෂව බෞද්ධ සංවිධාන ආරම්භ කළ පුවත්පත නම් කරන්න.

  3. සිංහල මහා සභාව ආරම්භ කළ පුවත්පත කුමක්ද?


3. පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත් - 

 මේවා ආරම්භ කිරීමට හේතු වුයේ ඉහත සදහන් කල කර්තෘ හිමි පුවත්පත් එම තැනැත්තාට සිදු කරගෙන යාමට නොහැකි වූ විට ඒවා විකුණන ලද අවස්ථා වලදී මිලදී ගැනීමෙන් හෝ අලුතින්ම පුවත්පත්  පෞද්ගලික ව්‍යාපාරහිමියන් ආරම්භ කිරීමෙනි. 


අභ්‍යාස : 

  1. එසේ ආරම්භ කරන ලද ප්‍රථම පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත, එහි අයිතිකරු සහ එම ආයතනයේ නම , ආරම්භ කළ වර්ෂය දක්වන්න.

  2. එසේ ආරම්භ කළ පුවත්පත්වල නම්,ආරම්භ කර ඇති වර්ෂයන් සහ සංස්කරණය කර ඇති කතුවරු වගු ගත කර දක්වන්න.

 

4. දේශපාලන පක්ෂ හිමි පුවත්පත්- 

අතීතයේ මෙන්ම අදද විවිධ දේශපාලන පක්ෂ විසින් තම දේශපාලන දැක්ම සහ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අරමුණින් පුවත්පත් නිර්මාණය කරනු ලබයි.


5. රජයට හිමි පුවත්පත් - 

 කිසියම් රජයක් තම අරමුණු හා අදහස් ප්‍රකාශ කරමින් පුවත්පත් පල කරනු ලබයි. වර්තමානය වන විට ලේක් හවුස් හෙවත් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම් රජය යටතේ පාලනය වේ. සිළුමිණ , දිනමිණ ආදී පුවත්පත් නිදසුන් ලෙස දැක්විය හැක. 

අභ්‍යාස : 

  1. එසේ ආරම්භ කළ පුවත්පතේ නම,ආරම්භ කර ඇති වර්ෂය සහ සංස්කරණය කර ඇති කතුවරයා නම් කරන්න.


ගුවන්විදුලිය 

         ශ්‍රී ලංකාවට ගුවන්විදුලිය බ්‍රිතාන්‍යයේ ආරම්භ කර ටික කලකින් හිමි විය. ඊට හේතු වූ මුලිකම සාධකය වුයේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් වීමය. විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් හට රට අභ්‍යන්තරය තුළ ගුවන්විදුලිය මගින් සන්නිවේදනයේ යෙදීමේ අරමුණින් මෙය ආරම්භ විය. මෙරට ආරම්භ කල ගුවන්විදුලිය ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය ලෙසද සලකයි.
අභ්‍යාස : 

1. ගුවන්විදුලියේ නිර්මාතෘ නම් කරන්න. 


2. ප්‍රථම වරට විධිමත් ගුවන්විදුලි වැඩසටහනක් විකාශය කළේ කුමන රටක, කුමන ස්ථානයකද?


3. මෙරට ගුවන්විදුලිය පිළිබද අත්හදා බැලීම් කළ  මහජන සංවිධානය කුමක්ද?


4. මෙරට ගුවන්විදුලිය ආරම්භ කිරීමේ පුරෝගාමියා නම් කරන්න.


5. මෙරට ප්‍රථම ගුවන්විදුලි නිල ප්‍රචාරය වුයේ කවදාද? 


6. 1967 ජනවාරි 5 වන දින සිදු වූ වැදගත් සිදුවීම කුමක්ද?


7. 1991 පසු ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය සම්බන්ධව සිදු වූ වෙනස කුමක්ද?


8. මෙරට ගුවන්විදුලි සේවා හිමිකම වර්ග කළ හැක්කේ කෙසේද?   










රුපවාහිනිය 


# ශ්‍රී ලංකාව තුළ පළමු රුපවාහිනි විකාශය ආරම්භ වන්නේ පුද්ගලික හිමිකම යටතේය. ඒ සදහා තිදෙනෙකු මුල් විය. ඔවුන් නම්,
                        1.ශාන් වික්‍රමසිංහ මහතා
ශාන් වික්‍රමසිංහ මහතා
                       2. බොබ් ක්‍රිස්ට් මහතා
                       3. අනිල් විජේවර්ධන මහතා
                                    යන තිදෙනාය

# 1979 අප්‍රේල් 13 වන දින මෙරට අරඹන ලද මෙම සේවය ස්වාධින රුපවාහිනි සේවය නම් විය. 

# 1979 ජුනි 5 වන දින ස්වාධින රුපවාහිනි සේවය රජයට පවරා ගනු ලැබිණි.

# ජපන් රජයේ අනුග්‍රහය යටතේ 1982 පෙබරවාරි 15  වන දින ජාතික රුපවාහිනිය ආරම්භ වුයේ රාජ්‍ය හිමිකම යටතේය.

අභ්‍යාස : 
1. ශ්‍රී ලංකාවේ රජයට හිමි මාධ්‍ය ආයතන නම් කරන්න.

ජන මාධ්‍යවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය 

# මෙරට ජන මාධ්‍ය ආයතන සංවිධානය කර ඇති ආකාර දෙකකි.

   1. පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබීම.
   2. සමාගම් පනත යටතේ සීමාසහිත පෞද්ගලික සමාගමක් ලෙස ස්ථාපිත කර තිබීම.


#  ඒ අනුව රාජ්‍ය සංස්ථාවක හෝ පුද්ගලික සමාගමක කළමනාකරණය පිළිබද ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසිනි.

# එහි ප්‍රධානියා සභාපති නම් වන අතර අනෙක් සාමාජිකයන් අධ්‍යක්ෂවරු නමින් හදුන්වයි.

# රජයේ මාධ්‍යවල සභාපති සහ  අධ්‍යක්ෂවරු පත් කරන්නේ රජය විසිනි. රජයට පක්ෂව කටයුතු කිරීමට මොවුන්ට සිදු වේ.

# පුද්ගලික මාධ්‍යවල ඒවා අයත් කොටස්කරුවන් විසින් ඉහත පත්වීම් සිදු කරයි.

# සභාපති සහ  අධ්‍යක්ෂවරු ආයතනය පිළිබද ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබයි.

# එසේ ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ ජන මාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසිනි.  ප්‍රධාන විධායක නිලධාරියාගේ තනතුරු නාමය සාමාන්‍යාධිකාරි,කළමනාකරණ අධ්‍යක්ෂ යන නම් වලින්ද පුද්ගලික සමාගම් වල හදුන්වයි.

#  රාජ්‍ය සංස්ථාවල එම තනතුර අධ්‍යක්ෂ ජෙනරාල් යන නමින් හදුන්වයි.

# මාධ්‍ය ආයතනයක තනතුරු ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙන සටහනක් පහත පරිදිය. ( 98 පිටුවේ ඇති සටහන අදින්න.)

# පුවත්පත් ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට අදාල සංවිධාන ව්‍යුහය පහත පරිදිය. ( 99 පිටුවේ ඇති 4.3 සටහන අදින්න.) 

# පහත දැක්වෙන්නේ  පුවත්පත් ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට අදාල කොටස්ය.


   1. ප්‍රධාන කර්තෘ - මොහු පුවත්පතක ප්‍රධාන මාධ්‍යවේදියාය. 
                             පුවත්පතේ සමස්ත වගකීම මොහු සතුය.
                             කතු වැකිය ලිවීමේ කටයුත්ත මොහු විසින් සිදු කෙරේ. 
                             ප්‍රධාන කර්තෘගේ කාර්යයන් ඊට පහළ තනතුරු දරන මාධ්‍යවේදීන්ටද පැවරිය හැකිය. නමුත්                              ඒවායේ වගකීම මොහු සතුය.


  2. නියෝජ්‍ය කර්තෘ - ප්‍රධානියා නැති විට පුවත්පතේ වගකීම මොහු ලබා ගනී.
                                ප්‍රධාන කර්තෘගේ අනුදැනුම මත කතු වැකිය ලිවීමේ කටයුත්ත ඇතැම්විට මොහු විසින් සිදු                                    කෙරේ. 


 3. ප්‍රවෘත්ති අංශය - ප්‍රවෘත්ති අංශය මුලිකවම දේශීය ප්‍රවෘත්ති සහ විදේශීය ප්‍රවෘත්ති ලෙස කොටස් දෙකකින්                                   ක්‍රියාත්මක වේ. 
                             මේවයේ දේශීය ප්‍රවෘත්ති සංස්කාරක කර්තෘ සහ විදේශීය ප්‍රවෘත්ති සංස්කාරක කර්තෘ යන අය                             යටතේ ක්‍රියාත්මක වේ. 
                            මෙම ප්‍රවෘත්ති වාර්තාකරුවන් ආයතනයේම ස්ථිර අය නම් මාණ්ඩලික වාර්තාකරුවන් නම්                                  වේ.
                            මෙම ප්‍රවෘත්ති වාර්තාකරුවන් ස්ථිර නොමැති තම ප්‍රදේශයේ දේ වාර්තා කර මුදලක් උපාය                                  ගනී. 

ම'විසින් පල කර ඇති මෙම සියලුම සටහන් ඔබගේ ලියන පොතේ ලියා ගත යුතුය.ඒ සමගම ලබා දී ඇති අභ්‍යාසද සිදු කරන්න.


4. සංස්කරණ අංශය -   පුවත්පතේ පිටු සකස් කිරීම මෙම අංශය යටතේ සිදු වේ. 
                                   වාර්තාකරුවන් සපයන පුවත්, පිටුව,පිටුවේ ඉඩ,වැදගත්කම,සුදුසු මාතෘකාව ආදිය                                               යොදමින් මෙම අංශයෙන් සකස් කරයි.
                                   මෙම අංශයේ ප්‍රධානියා ප්‍රධාන උප කර්තෘ නම් වේ.


5. විශේෂාංග අංශය -  මෙහි ප්‍රවෘත්තිවලට අමතරව විවිධ මාතෘකා යටතේ ලිපි පල කිරීම පුවත්පත් වල                                                 නිරතුරුවම සිදු කරයි.
                                 නිදසුන් ලෙස : සාහිත්‍ය කලා පිටුව, ආගමික පිටු, සිනමා හා නාට්‍ය පිටුව,විලාසිතා පිටුව...                                 මෙන්ම කාටුන්  ආදිය දැක්විය හැකිය.
                                 මෙම එක් එක් විශේෂාංගය භාරව විශේෂාංග කතුවරයෙකු සිටි.
                                 පුවත්පතක විශේෂාංග සියල්ල භාරව සිටින්නේ විශේෂාංග කර්තෘ වරයාය.
  

6. ඡායාරූප අංශය -   ප්‍රවෘත්තිවලට අවශ්‍ය ප්‍රවෘත්ති සැපයීම මෙම අංශය මගින් සිදු වේ.
                                 මෙහි ප්‍රධානියා ඡායාරූප කර්තෘය.


7. චිත්‍ර නිර්මාණ සහ රූ රටා සැලසුම් අංශය - 
        චිත්‍ර නිර්මාණ සහ රූ රටා සැලසුම් සංස්කාරක කර්තෘ මෙම අංශයේ                                                                    ප්‍රධානියා වේ.
        ස්ථිර චිත්‍ර නිර්මාණ සහ රූ රටා සැලසුම් ශිල්පීන් සහ කොටස්                                                                            ගණනට චිත්‍ර සපයන අය මෙහි සේවය කරති.
        රූ රටා සැලසුම් ශිල්පීන් සමාගමේ අභ්‍යන්තර සේවකයෝ ලෙස                                                                        කටයුතු කරති.

8. දැන්වීම් අංශය -  පුවත්පතක ප්‍රධානම ආදායම් මාර්ගය දැන්වීම් වේ.
                              දැන්වීම් අංශය මගින් අදාළ පිටුවල දැන්වීම් සදහා ඉඩ වෙන් කරයි.
                             දැන්වීම් අංශය සහ සංස්කාරක අංශය අතර සෘජු සම්බන්ධයක් පවත්වාගෙන යනු ලබයි. ඊට                                 හේතුව ලිපි,පුවත් සහ දැන්වීම් ස්ථානගත කිරීමේ අවශ්‍යතාවයයි.
                              දැන්වීම්වල මිල දැන්වීම් අංශය මගින් තීරණය කරන අතර ඊට දැන්වීමේ ප්‍රමාණය,කාලීන                                  වැදගත්කම,වර්ණ,ස්ථානගතකරන පිටුව(බොහෝ විට දැන්වීම් 
                              ස්ථානගත කිරීමේදී බොහෝ දෙනාගේ ඇස පළමුව පුවත්පතේ දකුනුපසට යොමු වන                                       බැවින් එහි පල කරන දැන්වීම්වලට ය කරන මුදල වැඩි වේ.)  





ගුවන්විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය


මෙහි සංවිධාන සැලසුමට නිදසුනක් පහත පරිදිය. (103 පිටුවේ ඇති සටහන අදින්න.) 

ගුවන්විදුලි ආයතනයක අංශ පහත පරිදි වේ.

1. ප්‍රවෘත්ති අංශය -  ගුවන්විදුලි ආයතනයක ප්‍රධාන අංශයක් වන මෙය ඉතාම කාර්යය බහුල ස්ථානයක් වේ. 
                               දිවයින පුරා විසිරි සිටින වාර්තාකරුවන් මගින් දේශීය පුවත් ලබා ගෙන සංස්කරණය කර                                    ඉදරිපත් කරයි.
                               ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල පුවත් සහ අන්තර්ජාලය ඇසුරින් විදෙස් පුවත් ලබාගෙන                                       ඉදිරිපත් කරයි. 
                               ප්‍රවෘත්ති සංස්කාරකවරුන් විසින් ප්‍රවෘත්ති පිටපත සකසයි.
                               ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මෙහි ප්‍රධානියා වේ.

2. වැඩසටහන් අංශ - කතා, සාකච්ඡා, නාට්‍ය, සංගීත, ළමා,ආගමික ආදී විවිධ වැඩසටහන් ගුවන්විදුලි                                                 ආයතනයයක් මගින් විකාශනය වන අතර ඒවාට සම්බන්ධ වැඩසටහන්                                                             නිෂ්පාදකවරු,නිවේදකයන් එම අංශවලට සම්බන්ධ වී කටයුතු කරනු ලබයි.(නමුත් අද වන                                   විට පුද්ගලික ගුවන්විදුලි මාධ්‍ය බොහෝමයක නිවේදකයන් විසින්ම සිය වැඩසටහන                                         නිෂ්පාදනය කර ගනී.අද වන විට බොහෝ වැඩසටහන් හරයෙන් අඩු වීමටත් එය හේතුවක්                                  වී ඇත.)


3. තාක්ෂණික ශිල්පීන් -  පෙර කාලයේ ගුවන්විදුලි ආයතනයක තාක්ෂණික ශිල්පීන් බොහෝ අවශ්‍ය වුවද අද                                           වන විට තාක්ෂණික දියුණුව නිසා එම අවශ්‍යතාවය අවම වී ඇත.


4. දැන්වීම් අංශය - ගුවන්විදුලි ආයතනයක් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මුදල් උපයා දෙන්නේ මෙම අංශය                                 මගිනි. මෙම අංශය මගින් ගුවන් කාලය අනුග්‍රාහකයන් හට අලෙවි කරනු ලබයි. මෙහිදී                                     ප්‍රවෘත්ති සහ ජනප්‍රිය වැඩසටහන් අතර දැන්වීම් පල කිරීමට විශාල මුදලක් ගෙවීමට                                             අනුග්‍රාහකයන් සිදුවේ.




රුපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය


පෙළ පොතෙහි පිටු අංක 104-105 කියවා කෙටි සටහන් ලියන්න.

1.  ප්‍රවෘත්ති අංශය - 

2. වැඩසටහන් අංශ - 

3. තාක්ෂණික ශිල්පීන් - 

4. දැන්වීම් අංශය - 





අභ්‍යාස : 



පෙළ පොතෙහි පිටු අංක 106-113 කියවා පිළිතුරු ලියන්න.

1. ජන මාධ්‍ය ආයතනයක් තුළ හිමිකම නිරුපණය වන්නේ කාගෙන්ද?


2. ජන මාධ්‍ය ආයතනයකට සම්බන්ධ මාධ්‍ය ශ්‍රමිකයන් වන  පැහැදිලි කරන්න. 

     1. මාණ්ඩලික මාධ්‍යවේදීන් - 


     2. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් -


3. මාධ්‍යවේදීන්  ග්‍රාහකයා අතර සම්බන්ධය පැහැදිලි කරන්න.


4. ජන මාධ්‍ය මගින් ජන මතය මෙහෙයවන ආකාර තුන දක්වන්න.


5. ඕනෑම රජයක තිබිය හැකි ප්‍රධාන අරමුණු හතර දක්වන්න.


6. මාධ්‍ය ක්‍රියාකාරිත්වය කෙරෙහි රජයේ ඍජු සහ වක්‍ර මැදිහත්වීම් දක්වන්න.  






5 වන පාඩම 

 ජන මාධ්‍ය නියෝජන ආයතන 

         මෙම පාඩමෙන් විස්තර වන කරුණු ඔබ හොදින් කියවන්න. මෙම පාඩම තුළ අපට ජන මාධ්‍යයේ අරමුණු සැබෑ ලෙසම ජනතාව වෙනුවෙන්ම සකස් වූ ඒවාද? ඒවා යට සැගවුණු වෙනත් අරමුණු තිබේද?,දේශපාලන අරමුණු ආදීය පදනම් කර ගෙන ජනමාධ්‍ය ක්‍රියාත්මක  වේද? මාධ්‍ය සංදේශවල ක්‍රියාකාරිත්වය කෙබදුද? යන අවබෝධය ඔබට ලැබේ. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය හදාරන දරුවන් ලෙස ඔබ වඩාත් විචාරශීලිව ජන මාධ්‍ය පරිහරණය කිරීමත්, අවිචාරව එනම්, මාධ්‍යයට වහල් වී එහි පෙනෙන ඇසෙන සියල්ලම සත්‍ය යැයි සිතා කටයුතු කරන්නන් ඉන් මුදවා ගැනීමත්ය.

ඔබ විසින් පාඩම හොදින් කියවන්න. ඉන් පසු පහත සදහන් සටහන් ඔබගේ සටහන් පොතේ ලියා ගන්න.


ජන මාධ්‍ය නියෝජන ආයතන 01



ජන මාධ්‍ය නියෝජන ආයතන 02




ජන මාධ්‍ය නියෝජන ආයතන 03








ජන මාධ්‍ය නියෝජන ආයතන 04




6. නිශ්චල ඡායාරූප ශිල්පීය නිපුණතා 


          මෙම පාඩමෙන් විස්තර වන්නේ නිශ්චල ඡායාරූප පිළිබදව ඔබට මනා වූ අවබෝධයක් ලබා ගැනීමට හැකි පාඩමකි. ඔබ විසින් යමක් වඩාත් කලාත්මකව දැකීමේ හැකියාව වර්ධනය කර ගැනීමෙන් සාර්ථක ලෙස නිශ්චල ඡායාරූප ලබා ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට හැකි වේ. 
                  නිශ්චල ඡායාරූපයක් යනුවෙන් අදහස් වන්නේ යම් දර්ශනයක එක් නිමේෂයක් සටහන් කර ගැනීමය.
    නිශ්චල ඡායාරූපයක් ලබා ගැනීමේදී ඊට පාර්ශව 4ක් සම්බන්ධ වේ. 
      1. ඡායාරූප ශිල්පියා 
      2. කැමරාව 
      3. අරමුණ හෙවත් අපේක්ෂිත දර්ශනය 
      4. ආලෝකය 

      නිශ්චල ඡායාරූප ලබා ගැනීමට කැමරා වර්ග දෙකක් භාවිතා වේ. 
      1. සේයා පටල කැමරා 
      2. ඩිජිටල් කැමරා 



අභ්‍යාස: 

1. නිශ්චල ඡායාරූපකරණයේ විශේෂතා දක්වන්න. (6:1 වගුව)


 2. නිශ්චල ඡායාරූප ප්‍රයෝගිකව භාවිත වන අවස්ථා දක්වන්න. (138 පිටුව)



නිශ්චල ඡායාරූප ශිල්පය කෙතරම් ලෝකයේ ජනප්‍රිය වුයේද කියනවා නම් ඡායාරූප පුවත්පත් කලාව (Photo Journalism) නම් නව පුවත්පත් බිහි විය.ඒවායේ වැඩියෙන්ම පළ වුයේ නිශ්චල ඡායාරූපයන්ය.
 
 ඡායාරූප පුවත්පත් කලාව කොටස් තුනකින් හදුනා ගත හැකිය. 

1. ප්‍රවෘත්ති ඡායාරූප කලාව   

2. විශේෂාංග ඡායාරූප කලාව 

3. දැන්වීම් ඡායාරූප කලාව 




1. නිශ්චල ඡායාරූප භාවිතය කිරීමෙන් මුද්‍රිත මාධ්‍යට ලැබෙන වාසි දක්වන්න. (පිටුව 130)


# සිනමා සහ රුපවාහිනී මාධ්‍ය තුළ නිශ්චල ඡායාරූප භාවිතය සිදු වේ. ඒ කෙසේද යත් යන රූපගත කිරීමක් සිදු කර අනතුරුව එය පසු දින හෝ ඉදිරි දිනකදී කිරීමට සිදු වන විට එම නළු නිළියන් ආදී ඇදුම් එම පසුතලය ඒ අයුරින්ම නැවත පැවතිය යුතුය. එසේ නොමැති වූ විට එය නරඹන්නා තුළ විශ්වාසය බිද වැ ටේ. එම නිසා එම කතාව අඛණ්ඩව විශ්වාසදායක අයුරින් පවත්වාගෙන යාමට අදාළ අවස්ථා ඡායාරූප ගෙන පසුව රූගත කරන විට එම ඡායාරූප යොදා ගනී. 

අභ්‍යාස: 
1. නිශ්චල ඡායාරූප සිනමා සහ රූපවාහිනී මාධ්‍ය තුළ භාවිතා වන අන්දම දක්වන්න. (පිටුව 143) 



නිශ්චල ඡායාරූප ශිල්පය ආරම්භය 

මුල් කාලයේ අතින් ආදී චිත්‍රය වෙනුවට ක්‍රමයෙන් මිනිසා තාක්ෂණයේ වර්ධනයත් සමගම නිශ්චල ඡායාරූප ශිල්පය ආරම්භය සිදු විය. මුල් කාලයේ බිහි වුයේ " කැමරා ඔබ්ස්කියුරාව" නම් උපකරණයයි. චිත්‍ර ඇදීමට හැකි අයෙක් කළුවර කුටීරයක් තුළට ගොස් කුඩා සිදුරකින් එන ආලෝකය මත ගොඩ නැගෙන ප්‍රතිබිම්භය චිත්‍රයට නැගී ය. පහත දැක්වෙන්නේ ඊට අදාළ රූප කිහිපයකි.  

කැමරා ඔබ්ස්කියුරාව


පසු කාලයේදී  කැමරා ඔබ්ස්කියුරාව විවිධ අන්දමින් සකස් කර ගෙන ඇත. 


වැඩි විස්තර සදහා පහත link එකට සම්බන්ධ වන්න.
https://en.wikipedia.org/wiki/Camera_obscura

  

 1. සේයා පටල කැමරා  

මුල් කාලයේදී සේයා පටල කැමරාව භාවිතා කරන්නට විය. එම කැමරාව තුළට සේයා පටලයක් යොදා ඡායාරූප ගැනීම සිදු කරනු ලබයි. ඉන් පසු එසේ ලබා ගන්නා ඡායාරූප රසායනික පැසුරුම්කරණයට ලක් කර ඡායාරූපය ලබා ගැනීම සිදු කරයි.












 



2. සංඛ්‍යාංක හෙවත් ඩිජිටල් කැමරාව 

    මෙම ක්‍රමයේදී විදුලි ධාරාව ගමන් කිරීම හා නොකිරීම යන පදනම මත ගොඩ නැගෙන තාක්ෂණයක් උපයෝගී වේ. ඒ අනුව  විදුලි ධාරාව ගමන් කිරීම තුළ '1' යන්නද  විදුලි ධාරාව ගමන් නොකිරීම '0' යන්නද පදනම් කරගෙන මෙම තාක්ෂණය ක්‍රියාත්මක වේ. එය ඇසට නොපෙනෙන පිපත තුළ  පවතින සංකීර්ණ ක්‍රියාවලියකි. එම තාක්ෂණය මත පදනම් වී සංඛ්‍යාංක හෙවත් ඩිජිටල් කැමරාව ලෝකයට බිහි වී තිබේ. එසේම වර්තමානයේ විදුලියෙන් හා බැටරිවලින් ක්‍රියාත්මක වන බොහෝ උපකරණ සදහා පදනම් වන්නේ මෙම ක්‍රමවේදයයි.
     ඩිජිටල් කැමරාව තුළ සේයාපටල කැමරාව තුළ පැවති රසායනික ක්‍රමය වෙනුවට ඉලෙක්ට්‍රොනික ආලෝක සංවේදක මගින් ඡායාරූප ගැනීම සිදු වේ. කැමරාව තුළ ඇති මතක කාඩ්පත ( Memory Card) තුළ මෙම රුප ගබඩා වීම සිදු වේ. එලෙස රූප තැන්පත් වන ගොනු ආකෘති කිහිපයකි. ඒවා පහත පරිදිය.

JPEG / TIFF / PNG / BMP /EPS /RAW /PSD 

මෙලෙස විවිධ ලෙස රූප තැන්පත් වන අතර රූප තැන්පත් වන ආකාරය අපට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය. එසේම පහසුවෙන් මේවයේ රූප පරිගණක ගත කර සංස්කරණය (සැකසීමේ) කිරීමේ හැකියාවද පවතී.


අභ්‍යාස : 

අංකිත හෙවත් ඩිජිටල් ඡායාරූපකරණයේ විශේෂතා දක්වන්න. (පිටුව 149)


# ඉහත සදහන් කළ සේයාපටල කැමරාව බැටරියෙන් ක්‍රියාකරන සහ අතින් ක්‍රියා කරන හෙවත් ශ්‍රමායික    (Manual ) ලෙස කොටස් දෙකකි.

# කැමරා ශිල්පය ඉගෙන ගන්න අයෙකුට වඩා සුදුසු වන්නේ අතින් ක්‍රියා කරන හෙවත් ශ්‍රමායික ( Manual ) කැමරාවයි.
අතින් ක්‍රියා කරන හෙවත් ශ්‍රමායික ( Manual ) කැමරාව

# අතින් ක්‍රියා කරන හෙවත් ශ්‍රමායික ( Manual ) කැමරාව SLR කැමරාව නමින්ද හදුන්වයි. 

# ඉහත සදහන් කල කැමරා දෙවර්ගයටම යොදන්නේ සේයා පටලයි. 



අභ්‍යාස : 

සේයා පටල බෙදෙන කොටස් 4 දක්වන්න (පිටුව 144) 


කැමරාවක අනිවාර්යයෙන්ම පිහිටන කොටස් තුනකි.

1. කැමරා කාචය ( Lens )

2. ද්වාරය ( Shutter )

3. කාච විවරය ( Aperture )


1. කැමරා කාචය ( Lens ) 
                    
                    කැමරා කාච වර්ග කිහිපයක් හදුනා ගත හැකි වේ. 

1. සාමාන්‍ය කාච ( Normal Lens )
          අපගේ සාමාන්‍ය ඇසට පෙනෙන දර්ශනයට සමාන දර්ශනයක්, රූපයක් ඡායාරූපයට නැගුමට මෙම කාච යොදා ගනී. 



2. දුර රූප කාච / පටු කෝණ කාච ( Tele Photo Lens )

          සාමාන්‍ය කාචයට වඩා පටු වූ කාච කෝණයකින් යුතු නිසා ඈත වස්තු සමීප කර අදාළ රූපයක් ඡායාරූපයට නැගුමට මෙම කාච යොදා ගනී. 

3. පුළුල් කෝණ කාච ( Wide Angle Lens )
          මේවා සාමාන්‍ය කාචයට වඩා පුළුල් කච කෝණයකින් යුතු නිසා පුළුල් පරාසයක ඇති දේවල් ඡායාරූපයට නැගුමට මෙම කාච යොදා ගනී.

4. යුහුමු කාච ( Zoom  Lens ) 
          මෙම කාච මගින් නාභිය දුර (කැමරාව මගින් රූපයට අදාළ දුර වෙනස් කිරීම) වෙනස් කිරීමට හැකියාව ලැබේ. එම නිසා කාචයට අවශ්‍ය පරිදි දුර රූප කාචයක් හෝ පුළුල් කෝණ කාචයක් ලෙස භාවිතා කළ හැකිය.

විවිධ කෝණ අනුව කැමරාවට ඡායාරූප හසු කරගෙන තිබෙන ආකාරය 







2. ද්වාරය ( Shutter )

    සේයා පටලය හෝ ආලෝක සංවේදී විද්‍යුත් උපකරණ (ඩිජිටල් කැමරාවල) ආලෝකයට නිරාවරණය වන්නේ ද්වාරය විවෘත වීමත් සමගය. ද්වාරය වැඩි වේලාවක් විවෘත ව පැවතීමෙන් වැඩි ආලෝකයක්ද, අඩු වේලාවක් විවෘත ව පැවතීමෙන් අඩු ආලෝකයක්ද ගලා එයි. "අනාවරණ කාලය" ලෙස හදුන්වන්නේ මෙම ද්වාර වේගයයි.එනම් ආලෝකයට විවෘත වන කාලයයි.


3. කාච විවරය ( Aperture )
       
           කාච විවරයේ ප්‍රමාණය වෙනස් කිරීමෙන් කාචය තුළින් කැමරාව තුළට ගලා යන ආලෝකය පාලනය කිරීම මෙමගින් සිදුවේ. මෙම කාච විවරයේ ප්‍රමාණය හදුනා ගැනීමට " f " අගය යොදා ගනී. මෙහිදී කාච විවරයේ " f " අගය  අඩු වන විට අඩු ආලෝකයක් රූපයට ලැබෙන අතර " f " අගය වැඩි වන විට 
වැඩි ආලෝකයක් රූපයට ලැබේ. 
      


අභ්‍යාස : 

1. ඡායාරූපයක් ගැනීමේ පියවර 3 පැහැදිලි කරන්න. ( 10 ශ්‍රේණිය පෙළ පොත පිටුව 151)


ස්වර්ණමය රීතිය ( The Golden Rule )

    අප ඡායාරූපයක් දෙස බැලීමේදී රූපරාමුවේ සිරස් හා තිරස් පැතිවල තුනෙන් එක්වන ස්ථානවලට අවධානය වැඩියෙන් යොමු වේ. මේ නිසා රූපරාමුවක් සකස් කිරීමේදී වැඩියෙන් අවධානය යොමු විය යුතු වස්තුන් එම ස්ථානවල තබනු ලැබේ. එසේ නොමැති නම් ඒ ස්ථාන ආශ්‍රිත රේඛාවල වස්තුන් පිහිටන සේ ඡායරුප ගැනීම සිදු කළ යුතුය.

   සාර්ථක  ඡායාරූපයක් අප ගැනීමේදී පහත දක්වා ඇති පරිදි අදාළ ඉරි ඡේදනය වන ස්ථාන පදනම් කර ගනිමින් ගැනීම මෙමගින් අදහස් වේ. මෙම රීතිය ස්වර්ණමය රීතිය නමින් හදුන්වයි. මෙම රූප සටහන ඇද ගන්න.

  


පහත දැක්වෙන්නේ එම ස්වර්ණමය රීතිය පදනම් කරගෙන ගන්නා ලද  ඡායාරූප කිහිපයකි.

.








ස්වර්ණමය රීතිය පිළිබද වැඩි විස්තර දැනගන්න පහත link එක බලන්න.


ක්ෂේත්‍ර ගැඹුර  ( Depth of Field )

  මින් අදහස් වන්නේ අප විසින් යම් වස්තුවක් ඡායාරූපයට නැගීමේදී එම වස්තුවේ සිට ඉදිරියට හා පසුපසට පැහැදිලිව පෙනෙන දුර ප්‍රමාණයයි.

ක්ෂේත්‍ර ගැඹුර පිළිබද වැඩි විස්තර දැනගන්න පහත link එක බලන්න.



අභ්‍යාස : 

ක්ෂේත්‍ර ගැඹුර වෙනස් වීම කෙරෙහි බලපාන සාධක දක්වන්න. (10 ශ්‍රේණිය පෙළපොත - 158 පිටුව)


අභ්‍යාස : 

කෙටි සටහන් ලියන්න. 

1. වාර්තාකරණ ඡායාරූප

2. ප්‍රවෘත්ති ඡායාරූප

3. නිර්මාණාත්මක ඡායාරූප (10 ශ්‍රේණිය පෙළපොත - 159 - 160 පිටු)


නිර්මාණාත්මක ඡායාරූප ලබා ගැනීම. 

නිර්මාණාත්මක ඡායාරූප ගැනීමේදී අප යම් යම් දේ ඇසුරින් ලබන අවබෝධය, යම් යම් උසස් නිර්මාණ බලා ලබන අවබෝධය, ඡායාරූපකරණය පිළිබද හොදින් හැදෑරීම, සමාජය පිළිබද මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම අඩිය මගින් ඡායාරූප නිර්මාණාත්මකව ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබේ. එපමණක් නොව නිර්මාණාත්මක ඡායාරූපකරණය තුළ ඔබ විසින් භාවිතා කරන අදහස් ප්‍රකාශනය පිළිබද දැනුමද වැදගත් වේ. (පිටු අංක 161 එන වගුව අදින්න.) 

 
තවද  ඡායාරූපකරණදී පැහැ අන්තරය යන සංකල්පයද ඉතා වැදගත් වේ. එනම් ඡායාරූපයක් ගැනීමේදී ආලෝකය සහ අදුර නිසි ලෙස භාවිතය මගින් සාර්ථක ලෙස එම අවස්ථාව, සිදුවීම රුපයට නැගීමයි.

සැලසුම්ක‍රන ලද ඡායාරූප

අප සැලසුමකින් තොරව ඡායාරූප  ලබා ගත්තද සැලසුම් කර විවිධ අවස්ථාවල ඡායාරූප ලබා ගනියි. උදාහරණ කිහිපයක් මෙසේය. 
- සගරා සහ පොත්වල පිටකවරයට ලබා ගන්නා ඡායාරූප 
- පුරා විද්‍යාත්මක ඡායාරූප
- ගුවන් ඡායාරූප
- වෙළද දැන්වීම් සදහා ගන්නා ඡායාරූප 

ඡායාරූප ලබා ගැනීම ඉබේ හැකියාව ලබන්නක් නොවේ. එය අප විසින් ඉගෙනීම සිදු කර අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වේ. ශ්‍රී ලංකාව තුළ එසේ ඡායාරූප අධ්‍යනය කිරීමට ලැබෙන අවස්ථා රාශියකි. එම ස්ථාන පහත පරිදිය.  
(පිටු අංක 162 එන ශ්‍රි ලංකාවේ නිශ්චල ඡායාරූප අධ්‍යනය අවස්ථා කොටස උපුටාගෙන මෙම සටහනටම ලියා ගන්න.)

ඡායාරූපකරණය පිළිබද හැදෑරීමෙන් ඔබට ලැබෙන රැකියා (වෘත්තීය) අවස්ථා රාශියකි. 

- පුවත්පත් ඡායාරූප ශිල්පී.
- මංගල ඡායාරූප ශිල්පී.
- වෙළද දැන්වීම් ඡායාරූප ශිල්පී.
- මෝස්‌තර නිර්මාණ ඡායාරූප ශිල්පී.
- වන සත්ව ඡායාරූප ශිල්පී.

      මේ ආකාරයෙන් ඔබ ඡායාරූප ශිල්පය මනාව ප්‍රගුණ කල පසු පුවත්පතකට සම්බන්ධ වී හෝ තමා විසින් ස්වාධීනව ඡායාරූපකරණය රැකියාවක් ලෙස සිදු කර ඉහළ ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් පවතී. 
     මීට අමතරව ඡායාරූපකරණය හා සම්බන්ධ තවත් රැකියා අවස්ථා රාශියකි. (පිටු අංක 163 එන ඡායාරූපකරණය හා සම්බන්ධ තවත් වෘත්තීන් යන කොටස් ලියන්න.) 


ඡායාරූප වෘත්තීය ශික්ෂණය 

   මින් අදහස් වන්නේ ඡායාරූප ශිල්පය සිදු කරන තැනැත්තා මනා හික්මීමකින් යුතුව තම රැකියාවේ ගරුත්වය රැකෙන පරිදි තම කටයුතු සිදු කළ යුතු බවයි. එය ඡායාරූප  ශිල්පයට පමණක් නොව ඕනෑම රැකියාවක යෙදෙන තැනැත්තෙකුට පොදු වූ සාධකයකි. කෙසේ වූවද ඡායාරූප ශිල්පය වෘත්තීයක් (රැකියාවක්) ලෙස සිදු කරන තැනැත්තා තුළ පහත ලක්ෂණවලින් යුතු තැනැත්තෙක් වීම ඉතාම වැදගත් වේ. ඒවා කිහිපයක් පහත පරිදිය. (10 ශ්‍රේණියේ පෙළපොතේ එන 164 පිටුවේ ඇති ඉහත මාතෘකාවට අදාළව දක්වා ඇති ලක්ෂණ ලියන්න.) 

නිශ්චල ඡායාරූපකරණයේ ආචාර ධර්ම 

අතීතයේ නිශ්චල ඡායාරූප ලබා ගැනීම දුර්ලභ දෙයක් වුවද වර්තමානය වන විට සාමාන්‍ය ජනයාද පහසුවෙන් නිශ්චල ඡායාරූප ලබා ගනී. අද වන විට අන්තර්ජාලයද සම්බන්ධව ඇති නිසා ඡායාරූපකරණයේ අනිසි බලපෑම් ලෙස විවිධ ගැටලු, අපහසුතාවයන්ට මුහුණ දීමට පුද්ගලයන්ට සිදු වී ඇත. එම නිසා අද වන විට විවිධ ක්‍රම මගින් ඡායාරූපකරණය සම්බන්ධව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවද ඒවා එතරම් සාර්ථක වී ඇති බවක් නොපෙනේ. එබැවින් වැඩ වැදගත් වන්නේ ඡායාරූපකරණයේ යෙදෙන තැනැත්තා විසින්ම තමන් මෙන්ම අනෙක් තැනැත්තාද අපහසුතාවයට ලක්වීමට අකමැති බව තේරුම් ගෙන තමා විසින්ම විනයවත් පරිදි ඡායාරූපකරණයේ යෙදීම ඉතා අත්‍යවශ්‍ය වුවකි. 

          ඡායාරූපකරණයේ ආචාර ධර්මවලට පටහැනි ක්‍රියා රාශියක් හදුනාගත හැකිය.  (10 ශ්‍රේණියේ පෙළපොතේ එන 165 පිටුවේ ඇති ඉහත මාතෘකාවට අදාළව දක්වා ඇති ලක්ෂණ ලියන්න.) 

.........................................................
        
11 ශ්‍රේණිය
                          1 වන පාඩම

තොරතුරු වාර්තාකරණය 

             මෙම පාඩමෙන් විස්තර වන්නේ අපට සමාජයේ හමුවන විවිධ තොරතුරු හා පුවත් යනාදිය පිළිබද අවබෝධයක් ලබා ගනිමින් ඒවා වාර්තා කිරීමේ විද්‍යාත්මක ක්‍රම මොනවාදැයි හදුනා ගැනීමය. ඔබ දිනක ජනමාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන්නට බලාපොරොත්තු වන්නේ නම් මෙම පාඩම ඔබට ඊට මනා මග පෙන්වීමක් සිදු කරයි. 

            තොරතුරු වාර්තාකරණය යන්න හදුනා ගැනීමට පෙර තොරතුරු යනු මොනවද යන්න අප අවබෝධ කර ගත යුතු වේ. තොරතුරු යනු සකස් කරන ලද කරුණු හෙවත් දත්ත වේ. මෙම තොරතුරුවල ගුණාත්මක බව ගොඩ නැගීමට බලපාන කරුණු කිහිපයකි. ඒවා නම්, 

       + තොරතුරුවල නිවැරදි බව 
       + තොරතුරුවල නිශ්චිත බව 
       +  තොරතුරුවල කාලෝචිත බව (ගතවන කාලයට අදාළ බව)
       + තොරතුරුවල අර්ථාන්විත බව 
       + අදාළ බව 
       + අදාළ තොරතුර මගින් කියවන්නාගේ දැනුම, අවබෝධය වර්ධනය වන බව 

     අප සැම විටම සන්නිවේදනය ඇසුරින් සිදු කරන්නේ තොරතුරු ලබා දීමක් හෝ ගැනීමකි. එබැවින් සන්නිවේදන ක්‍රියාවලිය 'තොරතුරු ගනුදෙනුවක්' ලෙස අපට හදුනා ගත හැකිය. 

  
මිනිසා හා තොරතුරු අතර සම්බන්ධතාව 


          මිනිසා හා තොරතුරු අතර පවතින්නේ වෙන් කළ නොහැකි සම්බන්ධතාවකි. මිනිසා අනෙක් සත්වයන්ගෙන් වෙන් වීමටද තොරතුරු දැන ගැනීමේ කුතුහලය පැවතීම හේතු විය. තොරතුරු ලබා දැනීමට මානවයා විවිධ ක්‍රම යොදා ගනු ලබයි. ඒවා අතර, 

     + යම් යම් දේ නිරීක්ෂණය කිරීම 
     + පුද්ගලයන් අතර සිදුවන කතාබහ (පුද්ගලාන්තර සන්නිවේදනය)
     + කියවීම
     + අන්තර්ජාලය ඇතුළු නුතන සන්නිවේදන ක්‍රම භාවිතා කිරීම. 
                                මුලික වේ. 

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;



සටහන ඉතිරි කොටස 
               
   ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රභේද 

       ප්‍රවෘත්ති අන්තර්ගතය හා ස්වභාවය අනුව සලකා බලන විටදී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රභේද දෙකක් හදුනා ගත හැකිය. 

1. දෘඪ පුවත් 
  
              දෘඪ පුවත්  යනු වැඩි දෙනෙකුට එනම් විශාල පිරිසකට බලපෑමක් කල හැකි ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ වැදගත්කමකින් යුතු කාලින වටිනාකමක් සහිත පුවත් වේ.  
         උදා:    
              - රජය විසින් ගනු ලබන තීරණ 
              - හදිසි ආපදා තත්ත්ව. ( සුනාමි, සුළි සුළං, ගං වතුර තත්වයන්) 
              - දේශපාලනික,ආර්ථික හා සංස්කෘතික වටිනාකම් ඇති පුවත්. 
              - සමාජයට බලපෑම් කල හැකි පුවත් 
          බොහෝ විටදී මෙවැනි  දෘඪ පුවත් පුවත්පත්වල මුල් පිටු වල පල වේ. 

2. මෘදු පුවත්  
           
            මෘදු ප්‍රවෘත්ති යනු සමාජයට වැඩි බලපෑමක් ඇති නොකරන වැඩි දෙනාගේ කැමැත්ත හා අවධානය දිනා ගන්නා, මානව හැගීම්වලට ආමන්ත්‍රණය කරන  ප්‍රවෘත්තිය. මේවා කියවීමෙන් පාඨකයන් වැඩි අවබෝධයක්, වින්දනයක් ලැබේ. නිර්මාණශීලි භාෂාවක් මෙහිදී යොදා ගැනේ. 
          උදා:  
              - විශේෂාංග ලිපි. 
              - තීරු ලිපි  
 
           

  ප්‍රවෘත්තියක වටිනාකම කෙරෙහි බලපාන සාධක 

     කිසියම් සිද්ධියක  ප්‍රවෘත්තිමය වටිනාකම තීරණය කිරීමේදී බලපාන කරුණු රාශියක් වේ. එයින් කිහිපයක් පහත පරිදිය. 

1. කාලීන බව 

          සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව ඔලිම්පික් ජයග්‍රහණයක් ලැබීම අද වනවිට ඉතිහාසයට එක වුවකි. එය බොහෝ දෙනා දන්නා කරුණකි. එය එම කාලයේ වැදගත්    ප්‍රවෘත්තියක් වුවත් අද එය  ප්‍රවෘත්තියක් නොවේ. එබැවින් යම්  ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන කාලයට අදාළ සිදුවීමක්,  ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කිරීම මගින් එම  ප්‍රවෘත්තියකට ඉහළ  වටිනාකමක් ලැබේ.  

2. සමීප බව 

          මිනිසා තමා අවට සිදුවන, තම ප්‍රදේශයේ , තම සංස්කෘතියට අදාළ දේවල්, දන්නා හදුනන පුද්ගලයන් තමන් විසින් අගය කරන පුද්ගලයන් පිළිබදව දන ගැනීමේ ආශාවෙන් පසු වෙයි. එම නිසා අපට යම් තොරතුරක් සමීප වන තරමට එහි වටිනාකමද වැඩි වේ. නිදසුනක් ලෙස අපගේ මිතුරෙකුගේ සමස්ත ලංකා ජයග්‍රහණයක් පුවත්පතකින් දැන ගැනීමට අප වැඩි කැමැත්තක් දක්වයි. 

3. අදාළ බව 

           තොරතුරක්  ප්‍රවෘත්තියක් බවට පත් වීමේදී  එය ග්‍රාහකයාට අදාළ දෙයක් විය යුතු නිසා අදාළ බව පැවතීමෙන් ප්‍රවෘත්තියක වටිනාකම ඉහළ යයි.  


4. කැපී පෙනීම 

           ජනතාව රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්  හා  ප්‍රසිද්ධ ස්ථාන , අවස්ථා හා සංවිධාන පිලිබදව තොතුරු දන ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ සමාජය තුළ එය කැපී පෙනෙන දෙයක් වන බැවිනි. එබැවින් මෙම සාධකයද ප්‍රවෘත්තියක වටිනාකමට බලපායි.

5. ගැටුම 

      විවිධ මත ගැටුම්, විවිධ පුද්ගල ගැටුම්, ප්‍රචණ්ඩ ක්‍රියා ආදී සෑම දෙයක්ම ගැටුම් ගණයට ගනියි. එවැනි ගැටුමක් (උදා: දේශපාලනමය අදහස් සහිත මත ගැටුමක්) ආදිය ඇතුළත් වීම මෙයින් අදහස් වේ. 

6. මානව ලැදියාව 

           මානව කැමැත්ත ඇති ආදරය, ශෝකය, වෛරය, ක්‍රෝධය වැනි හැගීම් පදනම් කර ගනිමින් වැඩි මානව ආකර්ෂණයක් දිනා ගන්නා සංවේදී උද්වේගකාර ප්‍රවෘත්තිවලට වැඩි ඇල්මක් ජනතාව තුළ ඇති බැවින් ප්‍රවෘත්තියක වටිනාකම සදහා එයද බලපායි.


7. බලපෑම සහ වැදගත්කම 

        සමාජයේ වැඩි පිරිසකට බලපෑම් එල්ල කරන ප්‍රවෘත්තිවලට වැඩි බලපෑමක් සිදු කළ හැකිය. එදිනෙදා සිදුවන දේශපාලන තත්වයන්, නව බදු, ආහාර, ඉන්ධන මිල ඉහළ යාම අඩිය සම්බන්ධ ප්‍රවෘත්ති මිට නිදසුන් සපයයි. 

8. අසාමාන්‍ය බව 

          මින් අදහස් වන්නේ ලෝකයේ සිදු වන මිනිසුන්ට තේරුම් ගැනීමට අපහසු අමුතු දේවල්වලින් ප්‍රවෘත්තියට වටිනාකමක් එක වන බවයි. 



තොරතුරු රැස් කිරීම 

තොරතුරු මුලාශ්‍රය 


        තොරතුරු ලබා ගැනීම සදහා පදනම් කර ගන්නා දේවල් තොරතුරු මුලාශ්‍ර වෙයි. එසේ සන්නිවේදන කාර්යයට තොරතුරු ගත හැකි මුලාශ්‍ර කිහිපයකි. 

1. පුද්ගල මුලාශ්‍ර 

             මින් අදහස් වන්නේ යම් අවශ්‍යතාවක් සදහා පුද්ගලයෙකු විසින් තොරතුරු ලබා ගැනීමයි. ඒ සදහා පහත පුද්ගල මුලාශ්‍ර අවශ්‍යතාවය අනුව දායක කර ගත හැකිය. 
  උදා: 
          - භික්ෂුන් වහන්සේ 
         - ගුරුවරුන් 
         - දෙමාපියන් හා වැඩිහිටියන් 
         - ග්‍රාම නිලධාරීන් 
         - විද්වතුන් 
         - පර්යේෂකයන් 
         - දේශපාලකයන් 

2. ආයතනික මුලාශ්‍ර 

           එනම් තොරතුරු ලබා ගැනීම සදහා ආයතන, සංවිධාන පදනම් කර ගැනීමයි. 
    උදා: 
         - රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ( පොලිස් දෙපාර්තමේන්තුව, අධ්‍යාපන කාර්යාලය) 
         - පුද්ගලික ආයතන 
         - රාජ්‍ය නොවන සංවිධාන (NGO)
        - සුබ සාධක සංවිධාන 
        - විවිධ මුල්‍ය ආයතන 

3. මාධ්‍ය මුලාශ්‍ර 
           
            මින් අදහස් වන්නේ ජන මාධ්‍ය වන පුවත්පත,ගුවන්විදුලිය,රූපවාහිනිය යනාදිය හා නව මාධ්‍ය උපයෝගී කර ගනිමින් තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීමයි
     උදා: 
        - ගුවන්විදුලි,රූපවාහිනි පුවත් 
        - පුවත්පත් ලිපි
        - විවිධ ගුවන්විදුලි,රූපවාහිනි වැඩසටහන් 
        - සමාජ ජාල (මුහුණු පොත) 
        - වෙබ් අඩවි 



4. ලිඛිත මුලාශ්‍ර 
               
          නුතන සුරැකුම් ක්‍රම වන සංගත තැටි(CD/DVD), සැනෙලි ධාවක ආදී දේවල්වල සිට අතීතයේ පුස්කොළ පොත්, ගිරි ලිපි, ටැම් ලිපි ආදී ලිඛිත ආකාරයෙන් තොරතුරු ගබඩා කර ඇති ප්‍රභවයන් ලිඛිත මුලාශ්‍ර වෙයි

       උදා: 
           - සංගත තැටි(CD/DVD)
           - චරිතාපාදන 
           - විවිධ පතපොත 
           - සගරා 
           - පුස්කොළ පොත් 
           - සෙල් ලිපි  


තොරතුරු රැස් කරන්නා තුළ තිබිය යුතු ගුණාංග 

             ප්‍රවෘත්තියක් සකස් කර ගැනීම සදහා  තොරතුරු රැස් කිරීම ඉතාම ප්‍රවේශමෙන් හා කැපවීමෙන් සිදු කල යුතු කටයුත්තකි. එබැවින් ඒ සදහා තොරතුරු රැස් කරන්නා තුළ කුසලතාවලින් පිරුණු අයෙකු වීම ඉතාම වැදගත් වේ. එමෙන්ම ඔහු රැස් කරන තොරතුරු නිවැරදි වීම, ගුණාත්මක වීම,විශ්වසනියත්වය ආරක්ෂා වීම ඉතා වැදගත්ය. 
            තොරතුරු රැස් කරන්නෙක් සතු විය යුතු මුලික ගුණාංග කිහිපයකි. 

1.  ප්‍රවෘත්ති ඉව ( පුවතක් සිදුවන ස්ථාන හා අවස්ථා පිළිබදව මනා අවධානයෙන් පසු වීම) 

2. තොරතුරු මුලාශ්‍රය පිළිබදව දැනුවත් වීම ( තමා  තොරතුරු ලබා ගන්නා ආකාරය, එම තොරතුරේ ස්වභාවය පිළිබද මනා අවබෝධය) 

3. ඉවසීම ( තමාට අදාළ තොරතුරු ලැබෙන තුරු ඉවසීමෙන් කටයුතු කිරීම.) 

4. හොද නිරීක්ෂකයෙකු වීම ( තොරතුරු ලබා ගැනීම පිළිබදව ඉතා හොදා අවධානයෙන් පසු වීම) 

5. ආචාරශීලී බව ( අවශ්‍ය පුද්ගලයන්ට  ගරු කරමින්,යමක් විමසීමේදී  ආචාරශීලීව කතා කිරීම,  ආචාරශීලී හැසිරීම මෙහිදී වැදගත්ය.) 

6. සුහද බව ( තමාට වඩා පහළ අයෙකු වුවත් සුහදත්වයෙන් කතාබහ කිරීම මින් අදහස් වේ.) 

7. කාල කළමනාකරණය ( අවශ්‍ය කාලයට එම තොරතුරු ලබා ගැනීමට යාම, අවශ්‍ය දේවල් එම කාලය තුළ  කර අවසන් කිරීම ආදිය මින් අදහස් වේ.) 

8. විචක්ෂණ බව ( තමා බුද්ධිමත්ව ක්‍රියා කිරීම මින් කියවේ.) 

9. අපක්ෂපාති බව ( සමබර තොරතුරු ලබා ගැනීමට තමා මධ්‍යස්ථව සිට කටයුතු කිරීම මින් අදහස් වේ.) 

10. ස්ථිරසාර බව ( යම් තොරතුරක් නිවැරදිව,ස්ථිරව දැන ගැනීම, තමා නිවැරදි මතයක ඍජුවම පිහිටා ක්‍රියා කිරීම මින් අදහස් වේ.) 

11. උපායශීලි බව ( ඇතැමුන්ගෙන් හා විවිධ ආයතනවලින් තොරතුරු ලබා ගැනීම සදහා උපායශීලිව කටයුතු කිරීම මින් විග්‍රහ වේ.) 




තොරතුරු රැස් කිරීමේ ශිල්ප ක්‍රම 

තොරතුරු රැස් කිරීමේ ශිල්ප ක්‍රම කිහිපයක් හදුනාගත හැකිය. 

1. සම්මුඛ සාකච්ඡා  - පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු හමු වී දුරකථනය යොදාගෙන හෝ  නව මාධ්‍ය හරහා තොරතුරු රස කිරීම මින් අදහස් වේ. 

2. ප්‍රශ්නාවලි - කිසියම් මාතෘකාවක් යොදා ගෙන ප්‍රශ්න අඩංගු ලිඛිත සටහනක් ඇසුරින් ග්‍රාහකයාගෙන් තොරතුරු ලබා ගැනීම. \

3. නිරීක්ෂණය - 1. ඍජු නිරීක්ෂණය - යම් සිදුවීමක් වූ ස්ථානයට ගොස් එය නිරීක්ෂණය කර බැලීමෙන් තොරතුරු රැස් කිරීම. 
                        2. සහභාගිත්ව නිරීක්ෂණය - එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් සමග සම්බන්ධ වී සහභාගිත්වය මගින් තොරතුරු රැස් කිරීම. 

4. ලේඛන පරිශීලනය - ලිපි, පනත්,ලොග් පොත් ආදී දේ තුළ ඇති තොරතුරු ලබා ගැනීම මින් අදහස් වේ. 

5. බුද්ධි කලම්බනය - කිසියම් මාතෘකාවක්, තේමාවක් ඇසුරු කරගෙන විවිධ අදහස් ඇසුරින් තොරතුරු රැස් කිරීම මින් අදහස් වේ. 
             

අභ්‍යාස: 

1. තොරතුරු රැස් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු නම් කරන්න.

2. ඍජු වාර්තාකරණය යනු කුමක්දැයි දක්වා ඊට අදාළ වන යටිකුරු පිරමීඩය ඇද දක්වන්න..

3. ප්‍රවෘත්තියක මූල පාඨය තුළ ඇතුළත් විය යුතු කරුණු මොනවාද? 

4. නිර්මාණාත්මක වාර්තාකරණය යනු කුමක්දැයි දක්වා ඊට අදාළ උඩුකුරු පිරමීඩය ඇද දක්වන්න..


තොරතුරු ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.

     තොරතුරක් සදහා මිනිසුන් තුළ පිළිගැනීමක් ඇති වීමට පහත සාධක බලපායි.

1. නිවැරදි බව - යමෙක් පුවතක් කියවන්නේ වැරදි තොරතුරක් දැන ගැනීමට නොවේ. එමනිසා සැමවිටම තොරතුරු තුළ  අන්තර්ගත දේ සත්‍ය විය යුතු අතර විශේෂයෙන් නම්,ගම්,අදාළ සිදුවීම්,දින ආදිය නිවැරදි විය යුතුය.එහිදී එම තොරතුර යමෙක් නැවත පරික්ෂා කර බැලුවද එය සත්‍යක්‌ බව අවබෝධ කර ගැනීමට පාඨකයාට හැකි විය යුතුය.

2. සමතුලිත බව - ඉදිරිපත් කරන තොරතුර සම විටම කිසිදු පාර්ශවයට නැඹුරු නොවී එම තොරතුර වාර්තා කරන තැනැත්තාගේ අදහස්වලට නැඹුරු නොවී අපක්ෂපාතිව එය වාර්තා කළ යුතු වේ. 

3.  පැහැදිලි බව - සරලව තවත් අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි භාෂාව මෙහෙයවා තොරතුර වාර්තා කල යුතුය. එහිදී වාක්‍ය රටා පමණක් නොව යොදා ගන්නා පින්තුරවල පවා පැහැදිලි බව වැදගත් වේ. 

4. විශ්වසනීයත්වය - ඉහත සදහන් කළ නිවැරදි බව, සමබර බව, පැහැදිලි බව යන කරුණු එක වීමෙන් ඒ තුළ කියවන්නාට එම තොරතුර පිළිබදව විශ්වාසය ඇති වේ. 

මේ පිළිබදව යුනෙස්කෝ සන්නිවේදන විශේෂඥ පෝල් ඩී. මැසෙනියර් මහතා සරල සමීකරණයක් දක්වා ඇත. 

A                 +       B         +         C                =    C 
Accuracy   +   Balance   +    Clarity           =  Credibility  
නිවැරදි බව  +  සමබර බව  +  පැහැදිලි බව       =  විශ්වසනීයත්වය

එතුමා පවසන්නේ ඉහත කි  නිවැරදි බව, සමබර බව, පැහැදිලි බව තුළ  මිනිසුන් එම පුවත විශ්වාස කරන බවයි.





 2 වන පාඩම 

මුද්‍රිත මාධ්‍ය 

ලේඛනයේ විකාශනය 

+ මානව සන්නිවේදන ඉතිහාසයට අනුව ලේඛනයේ විකාශනය මුලික කොටස් තුනකට බෙදිය හැකිය. 

      1. පුරාතන යුගය - රේඛා, සංඥා,සංකේත, චිත්‍ර හා විවිධ රුපසටහන්, රූපාක්ෂර, චිත්‍රාක්ෂර යොදා ගනිමින් ලිවීම හා අක්ෂර මාලා නිර්මාණය කර ගැනීම.ඒවා ගස්වල කදන්, ගුහා බිත්ති, ලෝහ පතුරු, ලී කැබලි, සත්ව සම්, රෙදි හා පසුකාලීනව කඩදාසිය මත ඒවා සටහන් කරන්නට විය. කඩදාසි සැදීමට ටිබෙටයේ බයිලාන් ශාක පත්‍රිකා, චීනයේ ගොයම් ශාක පත්‍රිකා ඊජිප්තුවේ පැපිරස් පතුරු ආදිය යොදා ගෙන ඇත. මුල්ම කඩදාසිය චීන ජාතික සායි ලූන් මහතා ක්‍රි.ව. 105දී සොයා ගන්න ලදී. මුලින්ම අක්ෂරමාලා සකස් කර ගැනීමේදී ෆිනිෂියන්,ඇසිරියන් හා හීබෲ ජාතිකයන්  මුල් වූ අතර ග්‍රීක,ලතින් හා අරාබි අක්ෂරමාලා මෙම අක්ෂර ආභාසයෙන් නිපදවිය.තමන්ට අනන්‍ය වූ අක්ෂර මාලාවක් බිහිකර ගත් චීනයේ ආභාසය වෙළද හා සංස්කෘතික සම්බන්ධතා හරහා ජපානය, කොරියාව යන රටවලට ව්‍යාප්ත විය. 

අභ්‍යාස : 1. ප්‍රාග් මුද්‍රිත ස්වරූප දක්වන්න.(පෙළ පොත - 19 පිටුව) 
              2. එක් ලේඛනයකින් වැඩි පිටපත් සංඛ්‍යාවක් ලබා ගැනීමට මිනිසා පෙළඹ වූ හේතු මොනවාද? (පෙළ                       පොත - 19 පිටුව)   
ඇක්ටා ඩියුර්නා 

      2. මධ්‍යතන යුගය - ලී අච්චු නිපදවීම, ලී ඵලක මුද්‍රණය කිරීම, මැටි අකුරු නිපදවීම,ලෝහ අකුරු නිර්මාණය    කිරීම, උත්තල මුද්‍රණ ක්‍රමය බිහි වීම, මුද්‍රණ යන්ත්‍රය බිහි කිරීම, මුද්‍රණ පොත් හා පුවත්පත් බිහි කිරීම.
      
+ උත්තල මුද්‍රණ ශිල්පය - අකුරුවල මුද්‍රණය වන කොටස උඩට නෙරා තිබීම හේතුවෙන් මෙය උස්තල හෙවත් උඩුකුරු තෙරපුම (Relief Printing / Letter Press)  නමින්ද හදුන්වයි. මෙම ලී අච්චු මගින් මුද්‍රණය උත්තල මුද්‍රණ ශිල්පයේ ආරම්භක අවස්ථාව ලෙස සලකයි. මෙම ක්‍රමයෙන් ක්‍රි.ව. 868 දී ප්‍රථම ග්‍රන්ථය  චීන රටේ නිපදවිය. ඒ මහායාන බෞද්ධ ග්‍රන්ථයක් වූ වජ්‍ර සුත්‍රයයි. 

වජ්‍ර සුත්‍රය
+ ලෝහ අකුරු නිපදවීම සහ මුද්‍රණ යන්ත්‍රය නිපද වීම - 


  ජර්මානු ජාතික ජොහැන්සන් ගුටෙන්බර්ග් මහතා
ජොහැන්සන් ගුටෙන්බර්ග් මහතා 
විසින් 1440 දී  ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිපදවිය. එමගින් පළමුවරට මුද්‍රණය වුයේ  ලතින් ව්‍යාකරණය  කෘතියයි. දෙවනුව බයිබලය මුද්‍රණය කරන ලදී. 

+ පසුව මුද්‍රිත පුවත්පත් 17 වන ශතවර්ෂයේදී පමණ නිර්මාණය විය. එංගලන්තයේ ලන්ඩන් ගැසට් පුවත්පත
ලන්ඩන් ගැසට් පුවත්පත
ඉන් ප්‍රධාන වේ. මෙම පුවත්පත මුල් කාලයේ  අවධානය යොමු කර ඇත්තේ වෙළෙන්දන්ගේ හා නාගරිකයන්ගේ අවශ්‍යතා සැපිරීම සම්බන්ධවය. එසේම ප්‍රංශයේ ලාගැසතේ පුවත්පත ප්‍රංශ රජයේ උවමනාවන් සහ දේශපාලන තොරතුරු පළ කරන්නට යොදා ගෙන ඇත. යටත් විජිත සමයේ ඉන්දියාවේ ප්‍රථම පුවත්පත වූ බෙංගාල් ගැසට් පුවත්පත පළ විය. 


      3. නුතන යුගය - සමතල මුද්‍රණ ක්‍රමය බිහි කිරීම, ඕෆ්සෙට් මුද්‍රණ ක්‍රමය බිහි කිරීම, පරිගණකය නිපදවීම, ෆැක්ස් යන්ත්‍රය නිර්මාණය කිරීම,ඩිජිටල් මුද්‍රණ ශිල්පය කිරීම.

ක්‍රි.ව. 1793 වසරේදී සමතල මුද්‍රණ ශිල්පය ජර්මනියේ ඇලොයිස් සෙනෙෆෙන්ඩර් නම් නීති සිසුවා විසින් හදුන්වා දුන් ඇත මෙම නව මුද්‍රණ ක්‍රමය ලිතෝග්‍රැෆි ලෙස හැදින්විය. 
පසුව ඇමරිකානු ජාතික අයිරා රබෙල්  ලිතෝග්‍රැෆි මුද්‍රණ ක්‍රමය වැඩි දියුණු කර ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි මුද්‍රණ ක්‍රමය හදුන්වා දෙන ලදී. මිට නිල් (සයන්) , රතු (මැජන්ටා), කහ සහ කළු යන වර්ණයන් දායක කරගෙන වඩා සාර්ථක හා පහසු කඩිනම් වර්ණවත් මුද්‍රණ ක්‍රමයක් හදුන්වා දෙන ලදී. 

පසුව පරිගණකයද පදනම් කරගෙන ඩිජිටල් මුද්‍රණ ක්‍රමයහදුන්වා දෙන ලදී. අද වන විට අන්තර්ජාල මුද්‍රිත මාධ්‍ය යොදා ගෙන ලොව ඕනෑම තැනක සිටින අයෙකුට පහසුවෙන් දැනුම ,තොරතුරු ලේඛන පිටපත් ඇසුරින් ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත. 
ඩිජිටල් මුද්‍රණ ක්‍රමය



ලේඛනයේ විකාශනය - ශ්‍රී ලංකාව 

අභ්‍යාස - (පෙළ පොත - 22/23 පිටු)
1. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් මෙරට ලේඛන භාවිතා කර ඇති බව හැගවෙන සාධක මොනවාද? 

2. පහත පැරණි ලිපි ගැන කෙටියෙන් හදුන්වන්න. 
    1. ලෙන් ලිපි - 
    2. ටැම් ලිපි - 
    3. පුවරු ලිපි - 
    4. ශිලා ලේඛන හෙවත් සෙල් ලිපි -
    5. සන්නස් -   


2021 - 06 - 17

පහත ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ඉදිරියේදී සාකච්ඡා කරනු ලැබේ. 

1. මෙරට පුරාතන ලේඛන සදහා ආභාසය ලබා ඇත්තේ මොනවයින්ද? (23 පිටුව)

2. මෙරට ලේඛන ඉතිහාසයේ සන්ධිස්ථාන මොනවාද? (23 පිටුව)

3. ක්‍රි.ව.4/5 සියවස්වල රචිත කෘති මොනවාද? (23 පිටුව)


නුතන යුගය 


1. මෙරට මුද්‍රණ ශිල්පය හදුන්වා දුන් ජාතිය නම් කරන්න. (23 පිටුව)

2. මෙරට මුද්‍රණ ශිල්පය හදුන්වා දීමේ අරමුණ කුමක්ද? (23 පිටුව)

3. මෙරට මුද්‍රණ ශිල්පය හදුන්වා දීමට මුල් වුයේ කවුද? (23 පිටුව)

4. මෙරට ප්‍රථම සිංහල මුද්‍රණාලය කුමක්ද? (23 පිටුව)

5. 1841 වසරේදී සහ 1862 වසරේදී ආරම්භ කළ පිහිට වූ මුද්‍රණාල මොනවාද? (23 පිටුව)


මුද්‍රිත මාධ්‍ය ස්වරූප 


1. මුද්‍රිත මාධ්‍ය විවිධ ස්වරූප ගැනිමට හේතු වී ඇති කරුණු 5ක් ලියන්න. (25 පිටුව)

2. මුද්‍රිත මාධ්‍ය ලක්ෂණ 4ක් නම් කරන්න. (25 පිටුව)

1.පොත් 

1. "පොත" පිළිබද යුනිස්කෝ අර්ථකථනය ලියන්න.  (25 පිටුව)

2. "ISBN" අංකය යනු කුමක්ද?  (26 පිටුව)

3. මෙරට  "ISBN" අංකය සහ සුචිකරණ ලබා දෙන ආයතනය කුමක්ද? (26 පිටුව)

4. ලොව පළමු පොත නම් කරන්න. (26 පිටුව)

5. ඊට යොදා ගෙන ඇත්තේ කුමන මුද්‍රිත ස්වරුපයද? (26 පිටුව)

6. ජොහැන් ගුටෙන්බර්ග් මහතා මුද්‍රිත කෘති දෙක නම් කරන්න. (26 පිටුව)

7. ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්‍රිත පොත ලෙස සැලකෙන්නේ කුමක්ද?(26 පිටුව)


2.පුවත්පත 

1. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය දක්වන අන්දමට පුවත්පතක් යනු කුමක්ද? (27 පිටුව)

2. පුවත්පතවල ඓතිහාසික ආරම්භය ලෙස ගැනෙන පුවත්පත කුමක්ද? (27 පිටුව)

3. මුල් කාලයේ පුවත්පත් නිර්මාණය කිරීමේ අරමුණු මොනවාද? (27 පිටුව)

4. මෙරට ප්‍රථම ඉංග්‍රීසි පුවත්පත කුමක්ද? (27 පිටුව)

5.  මෙරට ප්‍රථම සිංහල පුවත්පත කුමක්ද? (27 පිටුව)

6. මෙරට ප්‍රථම ලියාපදිංචි කළ පුවත්පත කුමක්ද? (27 පිටුව)

7.  මෙරට ප්‍රථම දෙමළ පුවත්පත කුමක්ද? (27 පිටුව)


3. සඟරා 

1. සඟරාවක් යනු කුමක්ද? (28 පිටුව) 

2. සඟරා හදුන්වන වෙනත් නමක් ලියන්න. (28 පිටුව) 

3. සඟරාවක සංස්කාරක මණ්ඩලය සිදු කරන කාර්යයන් මොනවාද? (28 පිටුව) 

4. මෙරට වර්තමානයේදීද පලවන සඟරා දෙකක් නම් කරන්න. (28 පිටුව) 

5. ශ්‍රී ලංකාවේ  ප්‍රථම සඟරාව නම් කර එය ආරම්භ කිරීමේ අරමුණ ලියන්න. (28 පිටුව) 


4.  පෝස්ටර්


1. "පෝස්ටර්" යනු මොනවාද? (29පිටුව) 

2. පෝස්ටර් ආකර්ෂණිය කිරීමට යොදා ගන්න උපක්‍රම මොනවද? (29 පිටුව) 

3. වර්තමානයේදී පෝස්ටර් නිර්මාණය කර ඇති ක්‍රම මොනවද? (29 පිටුව) 


5. අත්පත්‍රිකා 

1. අත්පත්‍රිකාවක් යනු කුමක්ද? (29 පිටුව) 

2. අත්පත්‍රිකා ආකර්ෂණිය කිරීමට යොදා ගන්න උපක්‍රම මොනවද? (29 පිටුව) 








1. පුවත්පත් වර්ග කරන ආකාරය දක්වන්න.

2. බ්‍රෝඩ්ෂීට්(Broadsheet) සහ ටැබ්ලොයිඩ්(Tabloid) පුවත්පත්වල විශේෂතා දක්වන්න.

3. යුරෝපාකරයේ මේ වනවිට භාවිතාවන වෙනත් පුවත්පත් ප්‍රමාණ දක්වන්න.

4. පුවත්පත් අන්තර්ගතයට අදාළ කොටස් සැකෙවින් දක්වන්න. 

5. පුවත්පත් අන්තර්ගතයේ විශේෂතා දක්වන්න. 

6. විද්‍යුත් පුවත්පත් යනු මොනවාදැයි දක්වා ඒවා බෙදෙන කොටස් පැහැදිලි කරන්න.

7. විද්‍යුත් පුවත්පත්වල පොදු ලක්ෂණ දක්වන්න.


 Tabloid       

           Berliner      


        Compact





3. පාඩම 

ගුවන්විදුලි මාධ්‍යය 



1. ගුවන්විදුලිය කුමන වර්ගයේ මාධ්‍යයක්ද? 

2. ගුවන්විදුලිය බිහි වීමට බල පෑ මුලික සොයා ගැනීම් දක්වන්න. 

3. මොර්ස් සංඥා සහ ගුවන්විදුලි සංඥා උපකාරී කරගෙන මුල් කාලයේ සිදු කළ කටයුතු මොනවාද?

4. ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවිඩය ප්‍රචාරය කරන ලද්දේ කවදාද? 

5. මුල් කාලයේ ගුවන්විදුලි හැදින්වුයේ කුමන නමකින්ද? 

6. ගුවන්විදුලි ප්‍රමාණයෙන් කුඩා වීමට බල පෑ හේතුව දක්වන්න. 

7. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ කිරීමේ පුරෝගාමියා නම් කරන්න. 

8. මෙරට ගුවන්විදුලිය නිල වශයෙන් ආරම්භ වුයේ කවදාද? 

9. මෙරට ගුවන්විදුලිය ආරම්භ කිරීමේ විශේෂත්වය කුමක්ද? 

10. මෙරට ගුවන්විදුලිය ආරම්භක අවදියේ මෙරට ආණ්ඩුකාරවරයා නම් කරන්න. 

No comments:

Post a Comment