Thursday, April 30, 2020

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය 11 - ශ්‍රේණිය




1. පුවත්පත් වර්ග කරන ආකාරය දක්වන්න.

2. බ්‍රෝඩ්ෂීට්(Broadsheet) සහ ටැබ්ලොයිඩ්(Tabloid) පුවත්පත්වල විශේෂතා දක්වන්න.

3. යුරෝපාකරයේ මේ වනවිට භාවිතාවන වෙනත් පුවත්පත් ප්‍රමාණ දක්වන්න.

4. පුවත්පත් අන්තර්ගතයට අදාළ කොටස් සැකෙවින් දක්වන්න. 

5. පුවත්පත් අන්තර්ගතයේ විශේෂතා දක්වන්න. 

6. විද්‍යුත් පුවත්පත් යනු මොනවාදැයි දක්වා ඒවා බෙදෙන කොටස් පැහැදිලි කරන්න.

7. විද්‍යුත් පුවත්පත්වල පොදු ලක්ෂණ දක්වන්න.

8. ගුවන්විදුලි මාධ්‍යය (3වන පාඩම) කියවා එහි වැදගත් කරැණු ඇතුළත් කර පොත් පිංචක් සකස් කරන්න.

               Broadsheet                                                       























          Tabloid       














           Berliner                                                    















        Compact













                                                   Radio history's Pictures


                                        


















4 වන පාඩම 
 රූපවාහිනී මාධ්‍යය


+ මුල් කාලයේ සිට මිනිසුන් දෘශ්‍ය මෙවලම් යොදා ගනිමින් සන්නිවේදනයේ යෙදීමට වෙහෙසුනහ.
 රූපවාහිනී මාධ්‍යය සිනමා මාධ්‍යය පදනම් කර ගෙන බිහි වී ඇත.

+සිනමා මාධ්‍යය බිහි වීමට පදනම් වූ සාධක කිහිපයකි.

                      - 11/12 සියවස්වල බිහි වූ සෙවණැලි නාට්‍යය


                      - 17 වන සියවසේ බිහි වූ මැජික් ලැන්තෑරුම (මෙය ඇතනේසියස් ක්රේචර් නම් අයෙක් බිහි කළ බව කියවේ.)




                      - වේගයෙන් චලනයවන වස්තුවල පරතරය නොපෙනීම හෙවත් දෘෂ්ටියේ අඛණ්ඩතාව සංකල්පය වර්ධනය

                      - 1839 වසරේදී 'ඩැගියුරේ'නම් විද්වතා නිශ්චල ඡායාරූපය ලොවට හදුන්වා දීම සහ 'ජෝර්ජ් ඊස්ටමන්' විසින් සෙලියුලොයිඩ් සේයා පටලය සොයා ගනු ලැබීම.

                 - නිහඞ සිනමා යුගය ආරම්භය (එහි විශිෂ්ට රංගධරයා ලෙස හදුන්වන්නේ චාලි චැප්ලින් මහතාය.)


+ රූපය කුඩා තිත් බවට පත් කර එම කුඩා තිත් විද්‍යුත් ක්‍රමයට විසුරුවා හැරීමේ ක්‍රමය හෙවත් 'යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමවේදය ඇරඹීම.


රූපවාහිනී මාධ්‍යයේ ආරම්භයට හේතු වූ විවිධ සොයා ගැනීම්

+ 1924 දී විලැඩිමීර් ස්වෛරිකින් මහතා රූප නිපදවීමට සමත් "කිනෙස්කෝප්" උපකරණය නිර්මාණය කිරීම.
+ 1925 දී බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ් මහතා විසින් යාන්ත්‍රික රූපවාහිනී ක්‍රමවේදය යොදා ගන්මින් මිනිස් මුහුණක් නිර්මාණය කිරීම.

+1930 දී නැවත වරක්  තම උපකරණය දියුණු කරමින් ඉලෙක්ට්‍රොනික රූපවාහිනී ක්‍රමවේදය හදුන්වා දීම.

+ 1933දී ඇමරිකාවේ ප්‍රථම රූපවාහිනී විකාශන ආයතනය පිහිටුවීම.

‍+ 1936 දී මහා බ්‍රිතාන්‍යයේ  B.B.C. ආයතනයද,



ඇමරිකාවේ N.B.C. ආයතනය 
හා C.B.C. ආයතනයත්
1959 දී ඉන්දියාවේ දූරදර්ශන් නාලිකාව

 ආරම්භ විය.

+ 1960 වන විට වර්ණ රූපවාහිනි විකාශන ක්‍රම ව්‍යාප්ත වී ඇති බව සැලකේ.

ලෝක රූපවාහිනී දිනය වන්නේ නොවැම්බර් 21වන දිනයි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආරම්භය සහ ව්‍යාප්තිය

+1979 අප්‍රේල් මස වන දින ශාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන බොබ් ක්‍රිස්ට් යන මහත්වරු තිදෙනාගේ මූලිකත්වයෙන් ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී නාලිකාව ආරම්භ විය.

+එය 1979 ජුනි මස 5 වන දින රජයට පවරා ගනු ලැබිණි.
+ 1982 පෙබරවාරී 15 වන දින ජපන් රජයේ අනුග්‍රහයෙන් මෙරට අධ්‍යාපනික හා සංවර්ධන අරමුණු සාර්ථක කර ගැනීම සදහා ජාතික රූපවාහිනිය ආරම්භ විය.

+1998 දී සිරස රූපවාහිනී නාලිකාව ඇරඹිණි.

+ අද වන විට මෙරට නාලිකා විශාල ප්‍රමාණයක් ඇත.

රූපවාහිනියේ නව ප්‍රවණතා
+ මුල් කාලයේ රූපවාහිනිය විශේෂිත භාණ්ඩයක් වූ අතර අද වන විට එය බොහෝ දෙනෙකු සතුව ඇති ගෘහස්ථ මෙවලමකි.
+ අද එයට චන්ද්‍රිකා තාක්ෂණය සහ අන්තර්ජාලය එක් වී ඇත.


රූපවාහිනී තාක්ෂණය

+ මුල් කාලයේ පැවතියේ ප්‍රතිසම හෙවත් ඇනලොග් (Analog) තාක්ෂණයයි.

+ප්‍රතිසම හෙවත් ඇනලොග් (Analog) තාක්ෂණය සහිත රූපවාහිනි සංඥා දුර්වල වන විට රූප අපහැදිලි වේ.

+ වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ අංකිත හෙවත් ඩිජිටල් (Digital) රූපවාහිනී වේ.

+ මෙම අංකිත හෙවත් ඩිජිටල් (Digital) රූපවාහිනී  අංකිත සංඥා දුර්වල වුවද රූප පැහැදිලිය. ඊට සංඥා ගමන් කරන දුර බලපාන්නේ නැත.

+ වර්තමානය වන විට චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන රූපවාහිනී විකාශන කටයුතු සිදු කරන නිසා භූගෝලීය බාධක නොමැතිව පැහැදිලි දසුන් ලබා ගනිමින් ලෝකයේ බොහෝ නාලිකා නැරඹීමේ හැකියාව ඇත.


+ වර්තමානයේ රූපවාහිනී නාලිකා රූපයක දිග,පළල සහ ගැඹුර නිරූපණය වන පරිදි ත්‍රිමාණ රූපවාහිනී ක්‍රමවේදය බිහි වී ඇත.


අභ්‍යාස 
රූපවාහිනී මාධ්‍යයේ යහපත් සහ අයහපත් ප්‍රතිඵල 10 බැගින් වගු ගත කර දක්වන්න.





තුන් වාරය 

10 ශ්‍රේණියට අදාල පෙළපොත හා ලබා දී ඇති සටහන් භාවිතා කරමින් පහත ප්‍රශ්නවලට ප්‍රශ්නය ලියා ඊට යටින් පිළිතුරු ලියන්න.ඔබ සපයන පිළිතුරු හොදින් බලමින් පාඩම් කරන්න.

1. ප්‍රාග් ඓතිහාසික යුගය හදුන්වන වෙනත් නමක් ලියන්න.

2. පැරණිම සන්නිවේදන සාධක සහිත ගුහා චිත්‍ර ඇති ස්ථාන දෙක නම් කරන්න.

3. තවමත් චිත්‍රාක්ෂර හෙවත් රූපාක්ෂර යොදා ගනිමින් අක්ෂර ලියනු ලබන රටවල් තුනක් නම් කරන්න.

4. ලොව ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය නිපද වූ තැනැත්තා,රට සහ වර්ෂය  නම් කරන්න.

5. 19වන ශතවර්ෂයේ කම්බියක් ඔස්සේ විදුලි සංඥා යැවීමේ ක්‍රමය හදුන්වා දුන්නේ කවුද?

6. සත්ව සන්නිවේදනය බැදී පවතින මුලික සාධක දක්වන්න.

7. තවමත් මෙරට භාවිත වන සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම 4ක් නම් කරන්න.

8. හැරල්ඩ්. ඩී. ලැස්වේල් මහතා 1948 වර්ෂයේදී සන්නිවේදන විෂය අරඹයා ඉදිරිපත් කර ඇති නිර්වචනය ලියා දක්වන්න.

9. ෂැනොන් වීවර් ගණිතමය ආකෘතිය ඇඳ දක්වන්න.

10. ද්වි මාර්ගික සන්නිවේදන සුත්‍රය ඇඳ දක්වන්න.

11. සන්නිවේදනයේ මූලික කාර්යයන් 8 නම් කරන්න.

12. 'සංජානනය' යනු කුමක්ද? 

13. ග්‍රාහකයාගේ සංජානනයට බාධා පැමිණෙන හේතු 4ක් දක්වන්න.

14. සන්නිවේදන බාධක බෙදෙන ප්‍රධාන කොටස් 2ක දක්වන්න.

15. අන්තර්වර්ති සන්නිවේදනයේ විශේෂතා 5ක් නම් කරන්න.

16. අන්තර්පුද්ගල සන්නිවේදනය සදහා යොදා ගත හැකි තාක්ෂණික මෙවලම් 5ක් නම් කරන්න.

17. අන්තර්පුද්ගල සන්නිවේදනයේ විශේෂතා 5ක් නම් කරන්න.

18. 'ප්‍රදීපාගාර උපක්‍රමය'  යොදා ගනු ලබන්නේ කුමන සන්නිවේදන ක්‍රමයේදීද?

19. ජන සන්නිවේදනය පුද්ගලයා කෙරෙහි බලපාන ආකාර 5ක් නම් කරන්න.

20. 'අභිසාරිතාව' යන්නෙහි අර්ථය කුමක්ද? 

21. 'අභිසාරිතාව' සදහා අදාල මාධ්‍ය කුමක්ද? 

22. එදිනෙදා බහුලවම භාවිතා වන සන්නිවේදන ස්වරූපය කුමක්ද? 

23. භාෂාවේ මුලික කාර්යයන් 5ක් නම් කරන්න.

24. වාචික සන්නිවේදනයේ කාර්යයන් 4ක් නම් කරන්න.

25. වාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග 4ක් නම් කරන්න.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනයට අදාළ ප්‍රශ්න හා පිළිතුරු පිළිබද අවබෝධයක් ලබා ගැනීමට පහත සබැදි ය (Link) අසන්න.

https://www.youtube.com/watch?v=Y7VCObbSmro


11 ශ්‍රේණියට අදාල අවසාන පාඩම වන "විචාරශීලි ග්‍රාහකත්වය" යටතේ පහත සටහන ඔබේ අභ්‍යාස පොතේ ලියා ගෙන පාඩම් කර ගැනීමට කටයුතු කරන්න.




විචාරශීලි ග්‍රාහකත්වය 01

විචාරශීලි ග්‍රාහකත්වය 02


විචාරශීලි ග්‍රාහකත්වය 03

විචාරශීලි ග්‍රාහකත්වය 04



                      අභ්‍යාස - දෙවන කොටස


10 ශ්‍රේණියට අදාල පෙළපොත හා ලබා දී ඇති සටහන් භාවිතා කරමින් පහත ප්‍රශ්නවලට ප්‍රශ්නය ලියා ඊට යටින් පිළිතුරු ලියන්න.ඔබ සපයන පිළිතුරු හොදින් බලමින් පාඩම් කරන්න.



26. 'භාෂා ද්විරූපතාව' යනු කුමක්ද? 


27. වාචික භාෂාවට වඩා ලිඛිත භාෂාව විධිමත් වීමට හේතු 3ක් දක්වන්න.

28. ඵලදායි ලේඛනයක ලක්ෂණ 3ක් දක්වන්න.


29. සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය 4ක් නම් කරන්න.


30. නුතන දෘශ්‍ය මාධ්‍ය 4ක් නම් කරන්න.

31.  සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය 4ක් නම් කරන්න.


32. නුතන ශබ්ද මාධ්‍ය 4ක් නම් කරන්න.


33. සංවිධානයක් තුළ විධිමත් සන්නිවේදනය සිදුවන ආකාර 3 දක්වන්න.


34. විධිමත් සන්නිවේදන ආකෘති හතර ඇඳ නම් කරන්න.


35. අවිධිමත් සන්නිවේදන ආකෘති හතර ඇඳ නම් කරන්න.


36. අවිධිමත් සන්නිවේදනයට අයත් වන දේවල් 3ක් නම් කරන්න. 


37. 'DPT' යන්න සිංහලෙන් සදහන් වන්නේ කෙසේද? 


38. වර්තමානයේ කටයුතු සදහා පරිගණකය යොදා ගැනීමට තුඩු දී ඇති හේතු 4ක් දක්වන්න.


39. පරිගණක ප්‍රකාශනයේ ප්‍රධාන පියවර හතර දක්වන්න. 


40. පරිගණක අත්පිටපතක් සැකසීමට බහුලව යොදා ගන්න මෘදුකාංගය නම් කරන්න.


41. අකුරු සංයෝජනය හා පිටු සැකසීමට වැඩ යෝග්‍ය මෘදුකාංග 4ක් නම් කරන්න.


42. 'පේජ් මේකර් ' මෘදුකාංගය වර්ධනය කර සකසා ඇති මෘදුකාංගය කුමක්ද? 


43. කොලර් ඩ්‍රෝ මෘදුකාංගය වඩාත් යෝග්‍ය කුමන කටයුතු උදෙසාද?


44. පහත පරිගණක යන්ත්‍ර වර්ගවල ලක්ෂණ දක්වන්න. 

          1. ඩොට් මුද්‍රණ යන්ත්‍ර - 

ඩොට් මුද්‍රණ යන්ත්‍රය



ඩොට් මුද්‍රණ යන්ත්‍රයේ අකුරු නිමාව



 
   2. ඉන්ක්ජෙට් මුද්‍රණ හෝ බබල්ජෙට් මුද්‍රණ යන්ත්‍ර -
 ඉන්ක්ජෙට් මුද්‍රණ හෝ බබල්ජෙට් මුද්‍රණ යන්ත්‍රය
        


3. ලේසර් මුද්‍රණ යන්ත්‍ර -



ලේසර් මුද්‍රණ යන්ත්‍රය
           

           
           4. ඡායා පිටපත් මුද්‍රණ යන්ත්‍ර -
  
ඡායා පිටපත් මුද්‍රණ යන්ත්‍රය
           

           5. ඩිජිටල් අනුපිටපත්කරණ යන්ත්‍ර- 
ඩිජිටල් අනුපිටපත්කරණ යන්ත්‍රය



45. නිමි කටයුතු සදහා යොදා ගත හැකි උපකරණ 4ක් නම් කරන්න.


46. කාර්යාලීය මාධ්‍ය උපකරණ 4ක් නම් කරන්න.


47. නිලධාරියෙකුගේ අත්සනකට නීත්‍යනුකූල වලංගුභාවයක් ලැබෙන්නේ කුමකින්ද?


48. 'පේජරය' මගින් සිදු වූ සේවය කුමක්ද?  
පේජරය

49. 'පේජරය' භාවිතයෙන් ඉවත්වීමට බල පෑ සාධකය කුමක්ද?


50. විද්‍යුත් තැපෑලෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් ලියන්න.    





E mail (yahoo)

E - mail (google)








ඔබ සපයන ලද පිළිතුරු නිවැරදිදැයි පරික්ෂා කර බලන්න. අඩුපාඩු ඇත්නම් සකසා ගන්න. හොදින් පාඩම් කරන්න. මෙහි අඩංගු වන්නේ 1 සිට 25 දක්වා පිළිතුරුය.






                      අභ්‍යාස - තෙවන කොටස


10 ශ්‍රේණියට අදාල පෙළපොත හා ලබා දී ඇති සටහන් භාවිතා කරමින් පහත ප්‍රශ්නවලට ප්‍රශ්නය ලියා ඊට යටින් පිළිතුරු ලියන්න. ඔබ සපයන පිළිතුරු හොදින් බලමින් පාඩම් කරන්න.


51. වෙබ් අඩවියක් යනු කුමක්ද? 

52. අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි නම් කරන්න.

53. වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ වාසි 5ක් දක්වන්න.

54. විද්‍යුත් පිරික්සුම් උපකරණ යනු කුමක්ද?

55. මෙම උපකරණ ප්‍රයෝජනයට අන්න අවස්ථා 4ක් දක්වන්න.

56. ' CCTV ' යන්නෙන් කියවෙන්නේ කුමක්ද?


57. එමගින් ලබා ගත  ප්‍රයෝජන 4ක් දක්වන්න.

58. අන්තර්ජාලය තුළ හදුනාගත හැකි සමාජ මාධ්‍ය 4ක් නම් කරන්න.

59. ලොව ප්‍රකට අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර දෙකක් නම් කරන්න.
  

60. ප්‍රක්ෂේපණය නොවන පන්තිකාමර මාධ්‍ය උපකරණ 5ක් නම් කරන්න.

61. ප්‍රතිශිර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය හදුන්වන වෙනත් නම් 2ක් ලියන්න.


62. එහි ප්‍රක්ෂේපණයට යොදා ගන්නා පත්‍ර වර්ගය නම් කරන්න.

63. කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය හදුන්වන වෙනත් නමක් ලියන්න.
64. එහි සටහන් ආදිය ප්‍රක්ෂේපණයට යොදා ගන්නේ මොනවාද? 

65. ප්‍රතිශිර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රයට වඩා මෙහි ඇති විශේෂතා මොනවාද?

66. කථිකයා ගෙනවිත් තිබෙන පොතක පිටුවක් හෝ ඡායාරූපයක් විශාල කර පෙන්වීමට යොදා ගත හැකි ප්‍රක්ෂේපණ යන්ත්‍රය කුමක්ද?

67. පරිගණක තාක්ෂණය දියුණුවීම සමගම බහුලව යොදා ගන්නා ප්‍රක්ෂේපණ යන්ත්‍රය කුමක්ද?

68. අන්තර්ක්‍රියාකාරී පුවරුව ක්‍රියාත්මක වන්නේ කෙසේද? 

69. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත කුමක්ද? 

70. මෙරට ප්‍රථම සිංහල පුවත්පත කුමක්ද? 

71. මෙරට ලියාපදිංචි කළ ප්‍රථම සිංහල පුවත්පත කුමක්ද? 

72. 'කවට කතිකයා' පුවත්පත සංස්කරණය කළ පුද්ගලයා සහ වර්ෂය දක්වන්න.

73. 1909 දී බිහි වූ ප්‍රකට සිංහල පුවත්පත කුමක්ද?

74. ' උදය තාරකෛ' පුවත්පත සංස්කරණය කළ පුද්ගලයන් නම් කරන්න.


75. 1874 වසරේදී කර්තෘ සංස්කරණයෙන් ප්‍රකාශිත පුවත්පත කුමක්ද?



                      අභ්‍යාස - සිවුවන කොටස


10 ශ්‍රේණියට අදාල පෙළපොත හා ලබා දී ඇති සටහන් භාවිතා කරමින් පහත ප්‍රශ්නවලට ප්‍රශ්නය ලියා ඊට යටින් පිළිතුරු ලියන්න. ඔබ සපයන පිළිතුරු හොදින් බලමින් පාඩම් කරන්න.


76.  ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත බිහි කිරීමේ අරමුණු කුමක්ද?


77. මහා බෝධි ව්‍යාපාරය මගින් 1906 දී බිහි කළ පුවත්පත කුමක්ද?


78. ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ නම් කරන්න.

79. එම ආයතනය හදුන්වන වෙනත් නමක් ලියන්න.


80. ඇම්. ඩී. ගුණසේන සමාගම බිහි කල ප්‍රකට පුවත්පත කුමක්ද? 


81. පෞද්ගලික ව්‍යාපාර හිමි දෙමළ පුවත්පත් 3ක් නම් කරන්න.


82. ' කලම්බු ජර්නල් ' පුවත්පතේ සංස්කාරක නම් කරන්න. 


83. ලොව ප්‍රථම වරට විධිමත් ගුවන්විදුලි වැඩසටහනක් ඉදිරිපත් කර ඇත්තේ කොහේද? 


84. 1922 දී ශ්‍රී ලංකාවේ බිහි කර ගත් ගුවන්විදුලි සමාගම කුමක්ද? 


85. මෙරට ගුවන්විදුලි නිර්මාතෘ ලෙස සැලකෙන්නේ කවුරුන්ද? 

86. මෙරට ගුවන්විදුලියේ රජයේ ඒකාධිකාරය ගිලිහි ගියේ කුමන වර්ෂයේ පටන්ද? 


87. ගුවන්විදුලි සේවා හිමිකම වර්ග වන කොටස් 3 දක්වන්න.


88. මෙරට ප්‍රථම රූපවාහිනී නාලිකාව සහ එය ආරම්භ කර ඇති වර්ෂය දක්වන්න.


89. මෙරට රජයට හිමි පුවත්පත් ආයතනයක් නම් කරන්න. 


90. මෙරට රජයට හිමි ගුවන්විදුලි ආයතනයක් නම් කරන්න. 


91. මෙරට රජයට හිමි රූපවාහිනී ආයතනයක් නම් කරන්න. 

92. මෙරට ව්‍යාපාර සංවිධානය කර ඇති ආකාර දෙක නම් කරන්න. 


93. ප්‍රධාන විධායකගේ කාර්යය කුමක්ද? 


94. ප්‍රධාන විධායක තනතුර හදුන්වන වෙනත් නම් දෙකක් ලියන්න.


95. පුවත්පත් ආයතනයක සංවිධාන ව්‍යුහය ඇද දක්වන්න.


96. ප්‍රධාන කර්තෘගේ කාර්යය කුමක්ද? 


97. නියෝජ්‍ය කර්තෘගේ කාර්යය කුමක්ද? 


98. පුවත්පත් සංස්කරණ අංශයේ කාර්යයභාරය කුමක්ද? 


99. 'පුවත්පත් කාටුන්' නියෝජනය කරන්නේ පුවත්පතක කුමන අංශයක්ද? 



100. පුවත්පතක ප්‍රධාන ආදායම් මාර්ගය කුමක්ද? 



                      අභ්‍යාස - පස්වන කොටස


10 ශ්‍රේණියට අදාල පෙළපොත හා ලබා දී ඇති සටහන් භාවිතා කරමින් පහත ප්‍රශ්නවලට ප්‍රශ්නය ලියා ඊට යටින් පිළිතුරු ලියන්න. ඔබ සපයන පිළිතුරු හොදින් බලමින් පාඩම් කරන්න. 


101. ගුවන්විදුලි මාධ්‍ය ආයතනයක සංවිධාන ව්‍යුහය ඇද දක්වන්න.

102. මාධ්‍යවේදීන් බෙදෙන මුලික කොටස් දෙක දක්වන්න.

103. ආයතනයකට සම්බන්ධ මාධ්‍ය ශ්‍රමිකයන් කොටස් දෙක නම් කරන්න.

104. ජන මාධ්‍යයක මහජන මතය මෙහෙයවීම සිදුවන ආකාර තුන නම් කරන්න.

105. ඕනෑම රජයක් සතු ප්‍රධාන අරමුණු 4ක් නම් කරන්න.

106. ජන මාධ්‍ය සලකන්නේ රටක කී වන ආණ්ඩුව ලෙසද? 

107. මාධ්‍ය ක්‍රියාකාරිත්වය කෙරෙහි රජයේ ඍජු මැදිහත්වීම් දෙකක් වක්‍ර මැදිහත්වීම් දෙකක් දක්වන්න. 

108. සාමාජිය නියෝජන ආයතන අධ්‍යනය කළ හැකි ක්ෂේත්‍ර 4ක් නම් කරන්න.

109. පුරවැසියෙකු සතු ලක්ෂණ 5ක් දක්වන්න. 

110. සෑම කෙනෙකුටම නිදහසේ ජීවත්විය යුතු අයිතිය පිළිගැනෙන ප්‍රකාශනයේ නම සහ එය ආරම්භ කළ වර්ෂය නම් කරන්න.

111. ආර්ථික නියෝජන අධ්‍යනයේදී අවධානය යොමු කරන අංශ 3ක් දක්වන්න.

112. නිශ්චල ඡායාරූපකරණයේ විශේෂතා 3ක් දක්වන්න.

113. ඡායාරූප ශිල්පය පුද්ගලයාට ප්‍රයෝජනවත් වන ආකාර 3ක් දක්වන්න. 

114. ඡායාරූප පුවත්පත් කලාවේ ප්‍රභේද 3ක් නම් කරන්න. 

115. නිශ්චල ඡායාරූප භාවිතය නිසා මුද්‍රිත මාධ්‍යයට ලැබෙන වාසි 4ක් දක්වන්න.

116. ඡායාරූපයේ ආරම්භක කාලයේ භාවිතා කළ රූප සටහන් කර ගැනීමට යොදා ගත මෙවලම/ක්‍රමවේදය කුමක්ද?
117. නිශ්චල ඡායාරූපය සිනමාවේදී හා රුපවාහිනී මාධ්‍යයේදී භාවිතාවන අවස්ථා 4ක් නම් කරන්න.

118. රූප තැන්පත්වන ගොනු ආකෘති 4ක් නම් කරන්න.

119. සේයා පටල වර්ග මොනවාද?

  


120. ඡායාරූප ශිල්පය ප්‍රගුණ කරන ආධුනිකයෙකුට වඩාත් සුදුසු කැමරා වර්ගය කුමක්ද?

121. මතක කාඩ්පතක ගබඩා කළ හැකි ඡායාරූප ප්‍රමාණය තීරණය වන සාධක දෙක නම් කරන්න.
122. 'ගහණතාවය' යනු කුමක්ද? 

123. සංඛ්‍යාංක කැමරාවල ගහණතාවය මනින ඒකකය කුමක්ද?

124. ඩිජිටල් හෙවත් අංකිත ඡායාරූපකරණයේ විශේෂතා 5ක් දක්වන්න.

125. කැමරාව ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණය අනුව වර්ග වන කැමරා දෙවර්ගය නම් කරන්න.  



ඔබ සපයන ලද පිළිතුරු නිවැරදිදැයි පරික්ෂා කර බලන්න. අඩුපාඩු ඇත්නම් සකසා ගන්න. හොදින් පාඩම් කරන්න. මෙහි අඩංගු වන්නේ 26 සිට 50 දක්වා පිළිතුරුය.



1

2